ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් අදහස් ලබා ගැනීම..! (Responses)
 Share
The version of the browser you are using is no longer supported. Please upgrade to a supported browser.Dismiss

 
View only
 
 
ABCDEF
1
Timestampනම / Name
වයස් කාණ්ඩය / Age category
වෘත්තීය / Profession
ලිපිනය / Address
ඔබේ අදහස,යෝජනාව /Your comments, suggestions
2
1/20/2016 15:07:21subhashඅවුරුදු 40-45 අතරjournalist
සියලු ජන කොටස් ශ්‍රී ලාංකිකයන් ලෙස පිළිගැනෙන, බලය බෙදා හැරෙන ව්‍යවස්ථාවක් අවශ්‍යයි. කිසිදු ජාතියකට ආගමකට විශේෂ ලැදියාවක් නොදැක්විය යුතුයි. සියලු පුරවැසියන්ගේ ජීවත් වීමේ අයිතිය පිළිගත යුතුයි.
3
1/20/2016 15:11:58sanjaya liyanageඅවුරුදු 28-33 අතරමාධ්‍යවේදීබලය උපරිමයෙන් බෙදා හරිය යුතුය
4
1/20/2016 15:19:02thusharaඅවුරුදු 34-39 අතරමාධ්‍යවේදීසියලු ජනතාවට නිදහස්ව ජීවත් වීම පිණිස බලය බෙදීම අත්‍යවශ්‍යයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සියලු ජාතීන්ගේ අයිතීන් පිළිගත යුතුය.ඒ වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් ස්ථාපිත විය යුතුය.
5
1/20/2016 15:19:51මනෝරම වීරසිංහඅවුරුදු 28-33 අතර
පරිගණක ජාලකරණ පරිපාලක
ශ්‍රී ලංකාවේ ප්‍රචාරණය වන වෙළෙද දැන්වීම් හා වැඩසටහන් මෙන්ම, ටෙලි නාට්‍ය සියල්ල යම් ප්‍රමිතිකරණ මණ්ඩලයක් හරහා පොදු මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ යුතුය. මක් නිසාද යත් වෙළෙද උපක්‍රම උදෙසා විවිධ ආහාර වර්ග පිළිබද මිත්‍යාවන් ජනතාව මත පටවන්නේ මෙවැනි ක්‍රම වලිනි.

ජ්‍යොතිෂ්‍ය, ෆෙන්ෂුයි වැනි මිත්‍යා වැඩසටහන් ජාතික රෑපවාහිනි නාලිකා වලින් විකාශය නොකළ යුතුය.
6
1/20/2016 15:34:46අංජන සතරංගඅවුරුදු 34-39 අතරමිනින්දෝරු වාහන සඳහා අධික බදු අයකරයි නම්, සැමට අවම පහසුකම්වත් සහිත පොදු ප්‍රවාහනය මූලික ඓතියක් වියයුතුයි.
7
1/20/2016 15:34:09miyuri sumaliඅවුරුදු 28-33 අතරTeacherකිසිදු ආගමකට ජාතියකට විශේෂත්වයක් නොදක්වන සියලු පුරවැසියන්ගේ අයිතීන් සුරක්ෂිත වන නව ව්‍යවස්ථාවක් ස්ථාපිත විය යුතුයි.
8
1/20/2016 15:40:06ප්‍රදීපා වීරසේකර අවුරුදු 28-33 අතරමාධ්‍යවේදී කිසිදු ජාතියක් , ආගමක් උලුප්පා දක්වන හෝ විශේෂතාවයක් දක්වන ආකාරයේ කිසිවක් අඩංගු නොවන සහ සියලු පුරවසි අයිතීන් සුරකෙන ආකාරයෙන් සම්පාදනය විය යුතුය.
9
1/20/2016 15:42:47චරිත් හර්ෂණ අවුරුදු 22-27 අතරව්‍යාපාරික
ජාතින්,ආගම් වශයෙන් වෙන් වෙන්ව ඇති නීති ඉවත් කර සියළුම ලාංකිකයන්ට එකම නීතියක් ක්‍රියාත්මක විය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති අධික වරප්‍රසාද ඉවත් කර ඔවුන්ට ලබාදිය යුතු වරප්‍රසාද පිලිබදව තීරණය කිරීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි.

නිදහස් අධ්‍යාපනය තුලින් බිහිවෙන සෑම වෘත්තීයෙකුටම අනිවාර්ය සේවා කාලයක් මෙරට සේවා කිරීම හෝ විදෙස්ගතව සේවය කර යම් මුදලක් මෙරට නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ලබාදීමට අරමුදලක් පිහිටවීම, එතුලින් මෙරට විශ්වවිද්‍යාල ජාලය තවත් ශක්තිමත් කිරීම.

සමුර්දි සහනාධාරය වැනි සහනාදාර වෙනුවට එම පුරවැසියන්ට ව්‍යාපාර හෝ වෙනත් ආයෝජක අවස්ථා සදහා පොලි රහිත ණය හෝ ඔවුන්ට ස්වයං රැකියා පුහුණු කර අදාළ නිෂ්පාදන රජය මගින් මිලට ගැනීමේ හෝ වැඩපිලිවලක් නිර්මාණය කිරීම.

නවතාක්ෂණය පාසල් විෂය මාලාවට ඇතුලත් කර අනාගත පරපුර තුලින් ලෝකයට නව නිර්මාණ බිහි කිරීමට මන් පෙත් සැලසීම.

රටේ ඇති වනාන්තර සියල්ල ආරක්ෂා කිරීමට ඇති අමාත්‍යංශ වලට වැඩි බලතල ඒ වෙනුවෙන් ලබා දීම

රාජ්‍ය සේවය පැය 8 සේවා ලෙස දිනකට පැය 16ක් වැඩ කිරීම,
10
1/20/2016 15:54:16charuka madusankaඅවුරුදු 22-27 අතරstudentnothing
11
1/20/2016 16:12:44සඳරුවන් ගමගේඅවුරුදු 22-27 අතරපරිගණක ජාලකරණ සහායක
සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් ලෝකයට පෙනෙන්නට කරන්නා වූ වැඩසටහන් වලට යොදවන මුදලින් ලංකාවේ ඒක පුද්ගල ආදායම ඉහල දැමීමට විද්වතුන්ගෙන් උපදෙස් ගෙන යම් විධිමත් ක්‍රියා පටිපාටියක් ස්ථාපිත කළ යුතුයි. එමෙන්ම පොදු ප්‍ර‍ාහනය විධිමත් කළ යුතුයි. සෑම ඩන කොට්ඨාශයකටම බස් රථයේ සුව පහසුවෙන් යා හැකි විය යුතුයි. එතුළින් මාර්ග තදබදය නැතිවීමේ හැකියාවක් පවතී. රාජ්‍ය සේවකයන් මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ටද සම අයිතීන් (මූලික අවශ්‍යතා, මූලික පඩිය, යහපත් පරිසරය) ලබාදීමේ ක්‍ර‍මවේදයක් සකස් කළ යුතුයි. මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් දෙව්ලොවින් ආ දෙවිවරු නොවෙයි. ඔවුන් රටක ප්‍රදේ්ශයක ජීවත් වන ජන කොට්ඨාශයක් වෙනුවෙන් වගකීමක් දරණ නිළධාරී කොට්ඨාශයක් පමණි. ඔවුන්ට දෙව්ලොව සැප දීමට මහජන මුදල් කාබාසිනියා නොකළ යුතුයි. ඒ මුදලින් අදටත් තුන් වේල කන්න නැති, පොතක් පතක් ගන්න පෑනක් නැති, හිසට වහළක් නැති ඇත්තන්ට පිහිටවිය යුතුයි. එය රජයක කාර්යභාරයක් වේ.
12
1/20/2016 16:24:16Thushara Manojඅවුරුදු 28-33 අතරproject Officer
ශ්‍රී ලංකාව තුළ ලිංගිකත්වය හා ලිංගික අනන්‍යතාව මත පදමනම්ව වෙනස්කොට සැලකීම් ලබන පිරිසක් ජීවත්වේ. පොදුවේ අප විසින් LGBTIQ ලෙස සලකන සමසෙනෙහස් පුරුෂ/ස්ත්‍රී, (gay, lesbian) ද්වි සෙනෙහස්( Bisexual), සංක්‍රාන්ති සමාජභාවීය (Trans Gender), අන්තර් ලිංගික (Inter Sex) හා ලිංගික කැමැත්ත ප්‍රශ්නභාවී පුද්ගලයන්ට සමාජය තුළ සාපරාධිබවින්. වෙන්කොට හෝ වෙනස්කොට සැලකීමකින් තොරව ජීවත්වීමට අවශ්‍ය නීතිමය හා සමාජමය සාධාරණ ඉඩකඩක් ලබාදීමේ අවශ්‍යතාව පවතී.නූතන මනෝ විද්‍යාම පිළිගන්නා ආකාරයට සමාන ලිංගික අයට ආකර්ෂණය වීම මානසික රෝගයක් හෝ ඇබ්බැහිවීමක් නොව ඔවුන්ගේ මොළයේ වම් අර්ධය හා සම්බන්ධ රසායනික වෙනස්කම්වල ප්‍රතිඵලයකි. සංක්‍රාන්ති ලිංගිකභාවය යනු උපතින් හිමිවන ලිංගිකත්වයත් මානසිකව විරුද්ධ ලිංගික නැමියාවක් ඇතිවිමයි. පවත්නා ව්‍යවස්ථාවට අනුව දණ්ඩනීති සංග්‍රහයේ 365 හා 365 අ යන වගන්තිවලට අනුව සමසෙනෙහස්භාවය දඩුවම් ලැබිය යුතු වරදක් ලෙස සලකයි. එහෙත් සමාජ යුක්තිය හා සාධාරණත්වය ප්‍රවේශය අනුව සිතා බලනවිට ඔවුන් ද සමාජයේ මිනිස් කොට්ඨාශයක එක් කොටසක් වේ. ඒ අනුව ඔවුන්ගේ ලිංගික අනන්‍යතාව මත පදනම්ව නොසලකා හැරීම හෝ වෙනස්කොට සැලකීම මානව සමාජය අනුමත කළ නොහැකි තත්ත්වයකි. මේ නිසා ව්‍යවස්ථාව මගින් ඉහත කී ප්‍රජාව සාපරාධීලෙස වෙනස්කොට සැලකීම වෙනස්කිරීමට අවශ්‍ය තත්ත්ව සම්පාදනය කිරීමේ අවශ්‍යතාව පවතී.
13
1/20/2016 16:25:43Lahiru Rangaඅවුරුදු 28-33 අතරWeb Developer
මහජන නියෝජිතයන්ට පොදු ප්‍රවාහන සේවා බාවිතය අනිවාර්ය කිරීම (යම් කාලසීමාවකට වරක් හෝ), පොදු ප්‍රවාහන සේවාට, අධ්‍යාපනයට , සංචාරක කර්මාන්තයට නව තාක්ෂනය බවිතා කරමින් එහි ඵලදායිතාව වර්දනය කරගැනීමට යෝජනා කරමි. සියලුම පාසල් වලට සමාන පහසුකම් සැපයීමත්, පාසල් සහ විෂය විද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනයට යම් වෘතිමය ක්‍රියාකාරකම් එකතුකිරීමට යෝජනා කරමි, අධිකරණය, පොලිසිය ඇතුළු සියලුම පාහේ සේවාවන්ට නව තාක්ෂණය යොදා ගනිමින් අතරමැදින් ප්‍රමාණය අවම කර කාර්යක්ෂමතාව ඉහල නංවාගැනීම, තරුණ තරුණියන්ගේ නව නිර්මාණ රජයට ඉදිරිපත්කලහැකි නව සේවා ආයතනයක් බිහි කිරීමට යෝජනා කරමි, මහානායක හිමිවරුන්ට බික්ෂුන් වහන්සේලාට බික්ෂුන් වහන්සේලා වෙනුවෙන් විනය තීරණ ගැනීමට හැකිවන පරිදි යම් බලතල ලබාදීම, විශ්‍යවිද්යල වලින් පිටවයන සිසුන්ට රැකියා වෙනුවට, නව නිර්මාණ, ව්‍යපාර බිහිකිරීමට අතහිතදෙන ආයතන බිහි කිරීමට යෝජනා කරමි, රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනය රජය විසින්ම සිදුකරමින් ගොවීන්ට ඒවායේ රැකියා ලබාදීම, මෙමගින් කෘෂිකර්මාන්තයේදී රජය, ගොවියා, පාරිබෝගිකය සියලුම පාර්ශවයන්ගේ ගැටළු අවමකරගැනීමට පහසුවනු ඇත.
14
1/20/2016 16:38:50lalith gallgeඅවුරුදු 34-39 අතරIT Engineer
Enable female as well as subject professionals composition for parliament (at least from list). better if have to set a minimum educational level in order to grant nomination for candidates.
Define a good framework in order to enhance law and order. existing lengthy process should be shortened.

15
1/20/2016 17:04:23
ආර් ඩී ඒස් ඒස් විජේසිංහ
අවුරුදු 28-33 අතරවිදේශගතසියලූම මහාජන නිවෝජිතයන් හට මූල ධර්ම පද්දතියක්
16
1/20/2016 17:08:50නිල් ගුණවර්ධන අවුරුදු 40-45 අතරපරිපාලන
රටේ ජනතාවට නිදහසේ ජිවත් වීමේ අයිතිය ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම

පත් කල යැවූ දේශපාලඥයින් පිළිබඳව නැවත අවුරුද්දකට සැරයක් විමසා බැලීමට අවස්තාවවක් ජනතාවට ලබා දීම. එවිට පත්කළ අය හොඳ නැතිනම් ඔවුන් ඉවත් කර වෙනත් අය පත්කරගැනීමට හැකි නිසා. (කුමක් හෝ පරිගණනක ගත ක්‍රියාවලියක් මඟින් චන්දෙට ඉදිරිපත්වූ සියලුම විස්තර අඩංගු පරිගණකයක් ග්‍රාම සේවක හරහා ලබාදී ජනතාවට සැබෑ ලෙස හසුරවිමේ බලය ලබා දීම. පිට රටවල ක්‍රියාත්මක කර ඇති මෙවැනි අවස්ථාවන් මඟින් උදාහරණ සපයා ගත හැක)
17
1/20/2016 17:28:44සුනිල් විකරමසිංහ
අවුරුදු 52 සහ ඊට වැඩි
වතු හිමිකරුවෙක්
කාලන්බර්ග් වත්ත රිදිගම වයඹ
ලංකාවෙ සුලු හා මද්ය ආයෝජකයන්ට දැරිමට සිදුවන කම්කරු ඌනතාවයට පිලියමක් විදියට පිටරටින් කම්කරුවන් සිමාසහිත කාලයකට ගෙන්වාගැනිමට ඉඩ සලසන්න
18
1/20/2016 20:09:06Sanjaya elvitigalaඅවුරුදු 28-33 අතරentrepreneur / ceo
Make this country a better place for local enterprises. Remove barriers for startups and block foreign intervention to undermine the opportunities for local companies. If we have at least one home grown global fortune 100 company then we will be a developed nation in no time.
19
1/20/2016 20:12:46
Priyasad Samararathna
අවුරුදු 22-27 අතරBank Assistant
1. Military Security and law and order
2. Lack of corruption in institutions
3. Low red tape around employment legislation and taxation
4. Educated, mobile, flexible labour force
5. High grade infrastructure and telecommunication
6. Fair, transparent and competitive markets
7. Reliably enforceable contracts
8. Low corporation tax (Around 10%-15%)
20
1/20/2016 20:20:57සිදත් සමීරඅවුරුදු 22-27 අතරව්‍යාපාරික
ඒකීය ශ්‍රී ලංකාව දිගටම පවත්වාගෙන යායුතුයි.
ෆෙඩරල්වාදයට හිස එසවීමට නොදිය යුතුයි.
13වන සංශෝධනයෙන් එහා බලය බෙදීමක් නොකළ යුතුයි.
බුදුදහමට වර්තමාන ව්‍යවස්ථාවෙන් ඇති ප්‍රමුඛතාව එලෙසම පැවතිය යුතුයි.
21
1/20/2016 20:47:40හිමාල් ගොඩකන්දඅවුරුදු 34-39 අතරව්‍යාපාරික ජාතිය මත පදානම් ඌ පක්ශ අක්‍රියා කිරීම
22
1/20/2016 21:00:17තිළිණ එල්. දිසානායකඅවුරුදු 22-27 අතර
කථිකාචාර්‍ය, මොරටුව වි.වි
දේශපාලකයන්ගේ බලය අවම වන පුරවැසියන්ගේ බලය ඉස්මතු වන වගන්ති එකතු විය යුතුයි. ස්වාධින කොමිෂන් සභා ව්‍යවස්ථාපිත නිතියක් ලෙස එකතු විය යුතුයි. ව්‍යවස්ථාදායක සභාව විවිධ ශේත්‍රයන් ආවරණය වන පරිදි වන රටේ උගතුන්ට එක් වීමට වෙනස් කම් සිදුවිය යුතුයි.
23
1/20/2016 22:39:20Keashanඅවුරුදු 28-33 අතරSoftware DeveloperGive priority for Buddhism & Sinhala
Do not allow federal
24
1/20/2016 22:52:25
රත්නනදෙණියේ මේධානන්ද හිමි
අවුරුදු 28-33 අතරනැත .
රටේ ඒකීයභාවය ව්‍යවස්ථාවෙන් පිළිගත යුතුය. එය වෙනස් නොකළ යුතුය.
බුදුදහමට ව්‍යවස්ථාවෙන් හිමිව තිබු ප්‍රමුඛතාවය තවදුරටත් ආරක්ෂා කළයුතුය. 13 සංශෝධනය අහෝසි කොට පළාත් සභා බලය මධ්‍යම ආණ්ඩුව යටතට ගත යුතුය .
25
1/20/2016 23:45:15adithya bandaraඅවුරුදු 34-39 අතරIT i never expect like that ,,,
26
1/20/2016 23:49:45යසස් ධර්මදාස
අවුරුදු 52 සහ ඊට වැඩි
ප්‍රමාන සමීක්ෂක


විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හා මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම ඇතුලූ යෝජිත ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව අපගේ අදහස් විමසීම පිළිබඳව අප ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වන අතර මේ සඳහා අපවෙත ලබාදීඇති දින හතරේ කාලය පිළිබ්ඳව කෙසේවත් සෑහීමකට පත්විය නොහැකි අතර අවම වශයෙන් මාස දෙකක කාලයක් ජනතාවට ලබාදිය යුතුයැයි යෝජනා කරමු හා ඉල්ලාසිටිමු. අපට ලබාදීඇති කාලයට අනුරූපවන ආකාරයට අපගේ අදහස් කිහිපයක් පමනක් ඉදිරිපත්කිරීමට කැමැත්තෙමු.

නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී අනුගමනය කළ යුතු ක‍්‍රියාපටිපාටිය පිලිබඳව මතභේදයක් මේ අවස්ථාවේදී පැනනැගී ඇතිබවක් ජනමාද්‍ය මගින් දැනගැනීමට ලැබීඇත. එනම් යෝජිත ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාදාමය වත්මන් ව්‍යවස්ථාවේ නිර්දේශ කොට තිබෙන ක‍්‍රියාපටිපාටියට හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට අනුකූලව සිදුනොවන ආකාරයක් ඇතිබවට පැනනැගී ඇති චෝදනාවයි. තිරසාර යහපාලනයක් සඳහා ගෙනයන ක්‍රියාවලියේදී මෙවන් චෝදනාවක් එල්ලවී තිබීම එහි පැවැත්ම සඳහා කෙසේවත් සුදුසු මාර්ගයක් නොවේ. එබැවින් ප්‍රථමයෙන්ම රජය තම ක්‍රියාදාමය ආරම්භයේදීම නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී ආකාරයෙන් සද්භාවයෙන් යුක්තව කටයුතු කල යුතුයැයි අප යෝජනා කරන්නෙමු.

පසුගියදා අග‍්‍රාමාත්‍යවරයා විසින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මුලපුරමින් ඉදිරිපත් කරපු යෝජනාවේ ප‍්‍රස්තාවනාවේ අවධාරණය කරල තිබුණේ මේ සම්පාදනය කරන අලූත් ව්‍යවස්ථාවේ මූලික පරමාර්ථය වෙන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමත් මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමත් වන බවයි. එසේනම් මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනය හුදෙක්ම ඉංදියාව, බටහිර රටවල් සහ කොටි හිතවාදී දෙමල ඩයස්පෝරාව සනසනුවස බෙදුම්වාදයට උදව්දෙන බෞද්ධාගමට නිසිතැන නොදෙන සිංහල ජාතිකත්වයට පහරගසන අවියක් නොවිය යුතුබවද අප දැඩිසේ අවධානය කරන්නෙමු.

තවද කඩිමුඩියේ වයවස්ථා සංශෝධනය හුදෙක් පුද්ගල කේන්ද්‍රීය විධායක බලය පාර්ලිමේන්තු කේන්ද්‍රීය පුද්ගල බලයකට රට නතුකරන මර උගුලක් නොවිය යුතු බවද අවධාරණය කරන්නෙමු. මහා හඬක් නංවා පසුගිය අවුරුද්දේ 19 වෙනි සංශෝධනයෙන්  විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩුකලද ඒ බලතල දැනුත් ඒ ආකාරයටම පවතින ආකාරයේ මහජනතාව රවටන ඊනියා සංශෝධනයක් නොවිය යුතුබවටද අප අවධාරණය කරන්නෙමු.

එසේම කාලාන්තරයක් මුලූල්ලේ සමාජය තුළ පොදු එකඟතාවයක් ගොඩනැගිලා තියෙන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හා මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම යන මේ ප‍්‍රධාන කාරණා එක්ක වෙන ව්‍යවස්ථාමය සංශෝධන  කවලම් කරගතයුතු නැතැයි යන්න අපගේ හැඟීමයි. මේ සඳහා අලූත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන මේ ක‍්‍රියාදාමය අදියර කීපයකින් සිදුවියයුතුයි අප යෝජනා කරන්නෙමු. මුල් අදියරේ විධායක ක‍්‍රමය අහෝසි කිරීමත් මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමත් කර ඉන්පසුව අනිත් වෙනස්කම් කිරීම යෝග්‍යයවේ.

මේසඳහ පූර්වාදර්ශයක්ලෙස විධායක ජනපති ක‍්‍රමය හඳුන්වාදුන් ක්‍රමවේදය උපයෝගීකරගතහැක. විධායක ජනාධිපති ක්‍රමය 1977 ඔක්තෝබර් මාසයේ මුලින්ම හදුන්වා දෙනලැබූයේ එය 1972 ව්‍යවස්ථාවට සිදු කරනලද දෙවන සංශෝධනය ලෙසවේ. ජේ.ආර්.ජයවර්ධන මහතා 1978 පෙබරවාරි 04 වන දා ලංකාවේ පළමු විධායක ජනාධිපති හැටියට දිවුරුම් දුන්නේ ඒ සංශෝධනයට අනුවවේ. ඉන්පසුව 1978 ව්‍යවස්ථාව සම්පාදනය කලේ විධායක ජනාධිපති ක‍්‍රමය ඇති කළාට පසුවවේ. එම අලූත් ව්‍යවස්ථාවට අලූතින් ඇති කරනලද විධායක ජනාධිපති ක‍්‍රමයත් ඇතුලත්කරන ලදී. අද මේ රටේ පවතින සුවිශේෂ තත්වය නිසා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේදීත් ඒ වගේම අදියර දෙකකින් වියයුතුයැයි යන්න අපගේ විශ්වාසයවේ.

වත්මන් ව්‍යවස්ථාවේ පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකේ බලයට අමතරව ජනමත විචාරණයක් ද නැතුව වෙනස් කලනොහැකි වගන්ති එකොළහක් ඇතුලත්වේ. අලූත් ව්‍යවස්ථාවක් සම්පූර්ණයෙන් කෙටුම්පත් කරල එයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාගෙන ජනමත විචාරණයකට ඉදිරිපත් කළොත් මේ සුවිශේෂ වගන්ති එකොළහම වුනත් එකසැරේ වෙනස් කිරීමේ හකියාව ඇත. මංත්‍රීවරුනට විවිධ වරදාන දෙමින්, ඇමති මණ්ඩලය එකසිය පනහද ඉක්මවමින් රජය රඳවාගැනීමට වෙරදරන්නාවූ පසුබිමක් තුල මේ කඩිමුඩියේ කරන්නාවූ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පිලිබඳව සාධාරණ සැකයක් පහලවී ඇත. එනම් මේ ආකාරයට සියල්ල එක සැරේ වෙනස් කරන්න ඉඩ ලැබුණොත් ලංකාවේ ඒකීය භාවයට හානිකර වගන්ති අලූත් ව්‍යවස්තාවට ඇතුල් වෙයි කියා සැකයක් අප පමනක් නොව මහජනතාව තුල දින දින වර්ධනයවේ. මෙවන්වූ සැකයක් තුළින් ව්‍යවස්තා සම්පාදන ක‍්‍රියාවලිය ඇණහිටින තැනට වැඩ සිද්ධවෙන්න ඉඩ තියෙනබවන් ප්‍රකාශකීරීමට කැමත්තෙමු.

එසේම එක්සත් ජාතික පක්ෂ රජයේ ප්‍රභල ඇමතිවරයෙක් මෑතකදී ප්‍රකාශ කර ඇති පරිදි මේ පවතින්නාවූ ක්‍රමය තුලම විපක්ෂ මංත්‍රීවරුන් හට ඇමති තනතුරු ආදී වරදානදී සැබෑ මහජන කැමැත්ත විකෘතිකොට බලය පවත්වාගෙන යන වාතාවරණයක් තුල මෙම රජය මගින් කඩිමුඩියේ මේ ගෙනයන්නාවූ ක්‍රියාදාමයද දැඩිසේ සැකයට භාජනයවනබව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරීමට අනිවාර්යෙන්ම ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනටමත් ඒ ගැන මතයක් පළ කර ඇත. අනෙක් අතට රටේ ඒකීය භාවයට හෝ බුදු දහමට තියෙන ප‍්‍රමුඛත්වයට කිසිදු වෙනසක් නොකරන බවට ජනාධිපතිවරයා හා සියලුම පාර්ලිමේන්තු නියෝජිතයින් පාර්ලිමේන්තුවේ දී පොරොන්දුවී ඇත. ජනමත විචාරණයක් නැතුව වෙනස් කලනොහැකි ඒ සුවිශේෂී වගන්ති එකොළහ ජනමත විචාරණයකින් තොරව, ජනමතය ඉහත සඳන්කර ඇති ආකාරයට විකෘති කරනලද පාර්ලිමේන්තවකින් වෙනස් කරනු ලබන්නේනම්, එය සදාචාර විරෝධී ව්‍යවස්ථා විරෝධී අත්තනෝමතික අවිචාරමත් ක්‍රියාවක් ලෙස සඳහන් කල හැක.

එබැවින් නොයෙක් වරදානදී රඳවා තබාගෙන ගෙනයන්නාවූ මෙම අවිචාරශීලී රජය විසුරුවා හැර නැවත මැතිවරණයකින් සුදුස්සන් පාර්ලිමේන්තුවට පත්කර ගැනීමට ඉඩ සලස්වා ඉන් පත්වන රජයට නව ව්‍යවස්ථා සම්පාදනය පැවරීමට සුදුසුයැයි අප යෝජනාකරන්නෙමු.

තවද, විධායක ජනාධිපති ක්‍රමයේ පැවැත්ම 1987 වසරේදී 13 වන සංශෝධනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරනය පලකරන ලද මතය අනුව පළාත් සභා වලට පවරල තියෙන බලතල හමුවේ රටේ ඒකීය භාවය රකින ආයතනය හැටියට හඳුනාගෙන ඇත. එවන්වූ ආයතනයක් අහෝසි කර දැමීම මෙසේ දින හතරක් ඇතුලත ලබාගන්නා මහජන අදහස් අනුව කෙටුම්පත් කිරීමට කටයුතුකිරීම ජනතාවතුල දැඩි සැකයට භාජනයවන කර්ත්‍රව්‍යයක්ලෙස සඳන්කිරීමට සිදුවේ.

ඉන්දියාවේ ප‍්‍රාන්ත සම්බන්ධයෙන් ඉන්දීය ජනාධිපතිවරයාට, කැබිණට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට (ඉන්දීය උත්තර මන්ත‍්‍රී මණ්ඩලයත් ඇතුලූව) පවරා ඇති බලතල ගැන නිසි ආකාරව හදාරා බැලිය යුතුවේ. ඒ අනුව පලාත් සභාවලට තවදුරටත් බලතල අවශ්‍යනම් ඒ අවශ්‍ය බලතල ලබාදිය යුතු අතර වැඩිපුර බලතල ලබාදී ඇතිනම් ඒවා අඩුකල යුතුවේ. අපේ පළාත් සභා ක‍්‍රමය ඉන්දීයාවේ බලතල බෙදීමේ ක‍්‍රමය මත පදනම්ව තිබේයැයි පැවසුවද ඉන්දීයාවේ ඒකීය බව රැකීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට ඇති බලතල සෑහෙන ප‍්‍රමාණයක් ලංකාවේ ආණ්ඩුවට දහතුන්වන සංශෝධනයෙන් ලබාදී නොමැත. ඒ අනුව අවම වශයෙන් පලාත්සභා පාලනය සඳහා ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට ඇති ප්‍රමානයේ බලතලවත් මධ්‍යම ආණ්ඩුවට පැවරෙන පරිදි පලාත්සභා බලතලද සංශෝධනය කලයුතුවේ.

2008 වසරේදී දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම ගැන සලකා බැලීමට ඇති කර තිබුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් යෝජනා කරනලද සමානුපාතික හා කේවල ආසන දෙමුහුන් මැතිවරණ ක‍්‍රමය පාර්ලිමේන්තු සහ පලාත් සභා මැතිවරණ සඳහා සුදුසු යැයි අප පිලිගන්නෙමු.

තවද අලූත් ව්‍යවස්ථාවේ බලතල බෙදීම වර්තමානයේ ක‍්‍රියාත්මක කර තිබෙන 13 වන සංශෝධනයේ වගන්ති වලින් ඔබ්බට නොයා යුතුයි. ඒ වගේම පළාත් ඒකාබද්ධ කිරීමත් කිසි ලෙසකින් නොවිය යුතුයි. 13 වන සංශෝධනයේ පළාත් සභාවලට දී තිබෙන පොලිස් හා ඉඩම් බලතල ගැන නැවත සලකාබැලිය යුතුවේ. ඉඩම් සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට තිබෙන බලතල 13 වන සංශෝධයෙන් ලංකාවේ ආණ්ඩුවට දී නොමැත. ඉන්දීය ව්‍යවස්තාවට අනුව ඒ රටේ මධ්‍යම ආන්ඩුවට ආදාල කරුණු සදහා  ඕනෑම ප‍්‍රාන්තයකින්  ඕනෑම ඉඩමක් ප‍්‍රාන්ත ආණ්ඩුවෙන් කිසිම විමසීමකින් තොරව පවරාගත හැකිබවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය 1962 දී විභාග කළ බටහිර බෙංගාල ප‍්‍රාන්තය එරෙහිව ඉන්දීය මධ්‍යම ආණ්ඩුව කියන නඩුවේ තින්දු කරඇත. නමුත් අපේ ව්‍යවස්තාවේ 9 වැනි පරිශිෂ්ඨයේ දෙවන උප ලේඛනයට අනුව ලංකාවේ ආණ්ඩුවට යමිකිසි පළාතක තියෙන ඉඩමක් ආණ්ඩුවේ වැඩකට ගැනීමට නම් අදාල පළාත් සභාවේ අවසර පැතිය යුතු බව සඳන්වේ.

ලංකාවේ ප්‍රමානයේ හැටියට ඉන්දියාවේ ප්‍රාන්තයකටත් වැඩිය බලතල පලාත් සභාවකට පැවරීම අමනෝඥ ක්‍රියාවක් වන අතර අනිවාර්යයෙන් පලාත් සභාවලට දී ඇති මෙම අතිරේක බලතල කපා හැරීම කලයුතුවේ. මෙහිදී 2013 දී විභාග වුණු වැවිළි කර්මාන්ත අමාත්‍යංශය එරෙහිව සොලෙයිමුත්තු රාසු යන නඩුවේ තීන්දුව අලූත් ව්‍යවස්ථාවට අන්තර්ගත කළ යුතුයි කියා අප යෝජනා කරන්නෙමු.ඒ අවස්ථාවේ දි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ රජයේ ඉඩම් බලතල ලංකාවේ ආණ්ඩුවට මිස පළාත් සභා වලට අයිති නැති බවයි. ඒ නඩුවේදී එවක අගවිනිසුරු මොහාන් පීරිස් මහතා හා වත්මන් අගවිනිසුරු ශ‍්‍රී පවන් මහතා හා ඒවා වනසුන්දර විනිසුරුතුමිය එකිනෙකා සමග ඒ කරුණ සම්බන්ධයෙන් එකඟ වෙමින් වෙන වෙනම නඩු තීන්දු ප‍්‍රකාශයට පත් කිරීම සැලකිල්ලට ගතයුතුබව සඳන් කරන්නෙමු.

අපේ ව්‍යවස්ථාවේ 9 වැනි පරිශිෂ්ඨයේ පළමුවන උප ලේඛණයේ 13 වන සංශෝධනය ප‍්‍රකාරව පළාත් සභාවට ලැබී ඇති පොලිස් බලතල ගැන සදහන්වේ. මේ වගන්ති ක‍්‍රියාත්මක වුනොත් දැනට පවතින ජාතික පොලිස් සේවාව නැතිවේ. සියලූම වැදගත් පොලිස් කටයුතු  වෙනම ක‍්‍රියාත්මක වන පළාත්බද පොලිස් සේවාවන් 9 කට හිමිවේ. මෙවන් ක‍්‍රමයක් ඉන්දියාව වැනි විශාල රටක ක‍්‍රියාත්මක කල හැකි වුවත්, ඉන්දියාවේ ප්‍රාන්තයක්වත් තරම් විශාලනොවූ ලංකාවේ එවන් පලාත්බද පොලිස් සේවාවක් ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවේ. පළාත් සභා ක‍්‍රමය ඇති කරලා ගතවුණු දශක තුන මුලූල්ලේ ආණ්ඩු වෙනස්කම් ගණනාවක්ම සිදුවුණා. නමුත් 13 වන සංශෝධනයෙන් පළාත් සභාවලට දුන් පොලිස් බලතල කිසිම නායකයෙකු ක‍්‍රියාත්මක නොකලේ එයින් මේ රට සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වන නිසයි. එබැවින් අලූත් ව්‍යවස්ථාවක් සෑදීමේ දී පවතින ව්‍යවස්ථාවේ තිබෙන ක‍්‍රියාත්මක කල නොහැකි වගන්ති ඉවත් කලයුතුබව අවධාරණය කරන්නෙමු.

ලංකාවේ බෙදුම්වාදය වැලැක්වීමට ගෙනආ 6 වැනි සංශෝධනය ගැන තවදුරටත් විමර්ශනය කර බැලිය යුතුබව සඳන්කරන්නෙමු. ඉන්දියාව තුල බෙදුම්වාදය පාලනය කිරීම සඳහා ජවහර්ල්ලාල් නේරු විසින් ඒ රටේ ව්‍යවස්තාවට හදුන්වා දෙනලද 16 වන සංශෝධනය අපේ 6 වන සංශෝධනයට වඩා සාර්ථක බව ඉඳුරාම පැවසිය හැක. උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ ජයලලිතා ජයරාම්ගේ පක්‍ෂය හීනෙකින් වත් නොගන්නා ස්ථාවර අපේ රටේ දෙමළ ජාතික සංධානය දෙවරක් නොසිතා කිසිදු පැකිලීමකින් තොරව ගනීම සඳහන්කල හැක.

අලූත් ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක‍්‍රියාපටිපාටිය ගැන දැනට ප‍්‍රකාශවී ඇති අදහස් හා ඉහත දැක්වූ ආකාරයට පාර්ලිමේන්තුව තුල ජන මතය විකෘතිකරන වාතාවරණයක් තුල, ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියට ශ්‍රේෂ්ඨාධිකරණයේ  මැදිහත් වීමක් තිබිය යුතුබවට අපගේ විශ්වාසයයි.  ඒ අනුව අලූත් ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය භාවය වෙනස් වෙනවා ද නැද්ද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විචාරිය යුතුවේ. පවතින්නාවූ ව්‍යවස්ථාවේ 120 (ආ) වගන්තියට අනුව කැබිනට් මණ්ඩලය විසින් යම්කිසි ව්‍යවස්ථා සංශෝධනයක් “පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයට අමතරව ජනමත විචාරණයකනුත් සම්මත වියයුතු යැයි” ප‍්‍රකාශ කලහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ පනත් කෙටුම්පත පිළිබදව විමර්ශනය කරීමේ බලය නැතිවේ. එවන් වගන්තිද යෝජිත ව්‍යවස්ථාවෙන් ඉවත්කලයුතු බව අවධාරණය කරන්නෙමු.

අලූත් ව්‍යවස්ථාව සම්පාදනය කෙරුමන් පසු ඒ යටතේ අලූත් ආණ්ඩුවක් පත්කර ගැනීම සදහා ඡන්දයක් පැවැත්වීම සුදුසුයි කිය අප යෝජනා කරනවා.
27
1/20/2016 23:49:59යසස් ධර්මදාස
අවුරුදු 52 සහ ඊට වැඩි
ප්‍රමාන සමීක්ෂක


විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හා මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම ඇතුලූ යෝජිත ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව අපගේ අදහස් විමසීම පිළිබඳව අප ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වන අතර මේ සඳහා අපවෙත ලබාදීඇති දින හතරේ කාලය පිළිබ්ඳව කෙසේවත් සෑහීමකට පත්විය නොහැකි අතර අවම වශයෙන් මාස දෙකක කාලයක් ජනතාවට ලබාදිය යුතුයැයි යෝජනා කරමු හා ඉල්ලාසිටිමු. අපට ලබාදීඇති කාලයට අනුරූපවන ආකාරයට අපගේ අදහස් කිහිපයක් පමනක් ඉදිරිපත්කිරීමට කැමැත්තෙමු.

නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී අනුගමනය කළ යුතු ක‍්‍රියාපටිපාටිය පිලිබඳව මතභේදයක් මේ අවස්ථාවේදී පැනනැගී ඇතිබවක් ජනමාද්‍ය මගින් දැනගැනීමට ලැබීඇත. එනම් යෝජිත ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාදාමය වත්මන් ව්‍යවස්ථාවේ නිර්දේශ කොට තිබෙන ක‍්‍රියාපටිපාටියට හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට අනුකූලව සිදුනොවන ආකාරයක් ඇතිබවට පැනනැගී ඇති චෝදනාවයි. තිරසාර යහපාලනයක් සඳහා ගෙනයන ක්‍රියාවලියේදී මෙවන් චෝදනාවක් එල්ලවී තිබීම එහි පැවැත්ම සඳහා කෙසේවත් සුදුසු මාර්ගයක් නොවේ. එබැවින් ප්‍රථමයෙන්ම රජය තම ක්‍රියාදාමය ආරම්භයේදීම නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී ආකාරයෙන් සද්භාවයෙන් යුක්තව කටයුතු කල යුතුයැයි අප යෝජනා කරන්නෙමු.

පසුගියදා අග‍්‍රාමාත්‍යවරයා විසින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මුලපුරමින් ඉදිරිපත් කරපු යෝජනාවේ ප‍්‍රස්තාවනාවේ අවධාරණය කරල තිබුණේ මේ සම්පාදනය කරන අලූත් ව්‍යවස්ථාවේ මූලික පරමාර්ථය වෙන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමත් මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමත් වන බවයි. එසේනම් මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනය හුදෙක්ම ඉංදියාව, බටහිර රටවල් සහ කොටි හිතවාදී දෙමල ඩයස්පෝරාව සනසනුවස බෙදුම්වාදයට උදව්දෙන බෞද්ධාගමට නිසිතැන නොදෙන සිංහල ජාතිකත්වයට පහරගසන අවියක් නොවිය යුතුබවද අප දැඩිසේ අවධානය කරන්නෙමු.

තවද කඩිමුඩියේ වයවස්ථා සංශෝධනය හුදෙක් පුද්ගල කේන්ද්‍රීය විධායක බලය පාර්ලිමේන්තු කේන්ද්‍රීය පුද්ගල බලයකට රට නතුකරන මර උගුලක් නොවිය යුතු බවද අවධාරණය කරන්නෙමු. මහා හඬක් නංවා පසුගිය අවුරුද්දේ 19 වෙනි සංශෝධනයෙන්  විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩුකලද ඒ බලතල දැනුත් ඒ ආකාරයටම පවතින ආකාරයේ මහජනතාව රවටන ඊනියා සංශෝධනයක් නොවිය යුතුබවටද අප අවධාරණය කරන්නෙමු.

එසේම කාලාන්තරයක් මුලූල්ලේ සමාජය තුළ පොදු එකඟතාවයක් ගොඩනැගිලා තියෙන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හා මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම යන මේ ප‍්‍රධාන කාරණා එක්ක වෙන ව්‍යවස්ථාමය සංශෝධන  කවලම් කරගතයුතු නැතැයි යන්න අපගේ හැඟීමයි. මේ සඳහා අලූත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන මේ ක‍්‍රියාදාමය අදියර කීපයකින් සිදුවියයුතුයි අප යෝජනා කරන්නෙමු. මුල් අදියරේ විධායක ක‍්‍රමය අහෝසි කිරීමත් මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමත් කර ඉන්පසුව අනිත් වෙනස්කම් කිරීම යෝග්‍යයවේ.

මේසඳහ පූර්වාදර්ශයක්ලෙස විධායක ජනපති ක‍්‍රමය හඳුන්වාදුන් ක්‍රමවේදය උපයෝගීකරගතහැක. විධායක ජනාධිපති ක්‍රමය 1977 ඔක්තෝබර් මාසයේ මුලින්ම හදුන්වා දෙනලැබූයේ එය 1972 ව්‍යවස්ථාවට සිදු කරනලද දෙවන සංශෝධනය ලෙසවේ. ජේ.ආර්.ජයවර්ධන මහතා 1978 පෙබරවාරි 04 වන දා ලංකාවේ පළමු විධායක ජනාධිපති හැටියට දිවුරුම් දුන්නේ ඒ සංශෝධනයට අනුවවේ. ඉන්පසුව 1978 ව්‍යවස්ථාව සම්පාදනය කලේ විධායක ජනාධිපති ක‍්‍රමය ඇති කළාට පසුවවේ. එම අලූත් ව්‍යවස්ථාවට අලූතින් ඇති කරනලද විධායක ජනාධිපති ක‍්‍රමයත් ඇතුලත්කරන ලදී. අද මේ රටේ පවතින සුවිශේෂ තත්වය නිසා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේදීත් ඒ වගේම අදියර දෙකකින් වියයුතුයැයි යන්න අපගේ විශ්වාසයවේ.

වත්මන් ව්‍යවස්ථාවේ පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකේ බලයට අමතරව ජනමත විචාරණයක් ද නැතුව වෙනස් කලනොහැකි වගන්ති එකොළහක් ඇතුලත්වේ. අලූත් ව්‍යවස්ථාවක් සම්පූර්ණයෙන් කෙටුම්පත් කරල එයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාගෙන ජනමත විචාරණයකට ඉදිරිපත් කළොත් මේ සුවිශේෂ වගන්ති එකොළහම වුනත් එකසැරේ වෙනස් කිරීමේ හකියාව ඇත. මංත්‍රීවරුනට විවිධ වරදාන දෙමින්, ඇමති මණ්ඩලය එකසිය පනහද ඉක්මවමින් රජය රඳවාගැනීමට වෙරදරන්නාවූ පසුබිමක් තුල මේ කඩිමුඩියේ කරන්නාවූ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පිලිබඳව සාධාරණ සැකයක් පහලවී ඇත. එනම් මේ ආකාරයට සියල්ල එක සැරේ වෙනස් කරන්න ඉඩ ලැබුණොත් ලංකාවේ ඒකීය භාවයට හානිකර වගන්ති අලූත් ව්‍යවස්තාවට ඇතුල් වෙයි කියා සැකයක් අප පමනක් නොව මහජනතාව තුල දින දින වර්ධනයවේ. මෙවන්වූ සැකයක් තුළින් ව්‍යවස්තා සම්පාදන ක‍්‍රියාවලිය ඇණහිටින තැනට වැඩ සිද්ධවෙන්න ඉඩ තියෙනබවන් ප්‍රකාශකීරීමට කැමත්තෙමු.

එසේම එක්සත් ජාතික පක්ෂ රජයේ ප්‍රභල ඇමතිවරයෙක් මෑතකදී ප්‍රකාශ කර ඇති පරිදි මේ පවතින්නාවූ ක්‍රමය තුලම විපක්ෂ මංත්‍රීවරුන් හට ඇමති තනතුරු ආදී වරදානදී සැබෑ මහජන කැමැත්ත විකෘතිකොට බලය පවත්වාගෙන යන වාතාවරණයක් තුල මෙම රජය මගින් කඩිමුඩියේ මේ ගෙනයන්නාවූ ක්‍රියාදාමයද දැඩිසේ සැකයට භාජනයවනබව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරීමට අනිවාර්යෙන්ම ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනටමත් ඒ ගැන මතයක් පළ කර ඇත. අනෙක් අතට රටේ ඒකීය භාවයට හෝ බුදු දහමට තියෙන ප‍්‍රමුඛත්වයට කිසිදු වෙනසක් නොකරන බවට ජනාධිපතිවරයා හා සියලුම පාර්ලිමේන්තු නියෝජිතයින් පාර්ලිමේන්තුවේ දී පොරොන්දුවී ඇත. ජනමත විචාරණයක් නැතුව වෙනස් කලනොහැකි ඒ සුවිශේෂී වගන්ති එකොළහ ජනමත විචාරණයකින් තොරව, ජනමතය ඉහත සඳන්කර ඇති ආකාරයට විකෘති කරනලද පාර්ලිමේන්තවකින් වෙනස් කරනු ලබන්නේනම්, එය සදාචාර විරෝධී ව්‍යවස්ථා විරෝධී අත්තනෝමතික අවිචාරමත් ක්‍රියාවක් ලෙස සඳහන් කල හැක.

එබැවින් නොයෙක් වරදානදී රඳවා තබාගෙන ගෙනයන්නාවූ මෙම අවිචාරශීලී රජය විසුරුවා හැර නැවත මැතිවරණයකින් සුදුස්සන් පාර්ලිමේන්තුවට පත්කර ගැනීමට ඉඩ සලස්වා ඉන් පත්වන රජයට නව ව්‍යවස්ථා සම්පාදනය පැවරීමට සුදුසුයැයි අප යෝජනාකරන්නෙමු.

තවද, විධායක ජනාධිපති ක්‍රමයේ පැවැත්ම 1987 වසරේදී 13 වන සංශෝධනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරනය පලකරන ලද මතය අනුව පළාත් සභා වලට පවරල තියෙන බලතල හමුවේ රටේ ඒකීය භාවය රකින ආයතනය හැටියට හඳුනාගෙන ඇත. එවන්වූ ආයතනයක් අහෝසි කර දැමීම මෙසේ දින හතරක් ඇතුලත ලබාගන්නා මහජන අදහස් අනුව කෙටුම්පත් කිරීමට කටයුතුකිරීම ජනතාවතුල දැඩි සැකයට භාජනයවන කර්ත්‍රව්‍යයක්ලෙස සඳන්කිරීමට සිදුවේ.

ඉන්දියාවේ ප‍්‍රාන්ත සම්බන්ධයෙන් ඉන්දීය ජනාධිපතිවරයාට, කැබිණට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට (ඉන්දීය උත්තර මන්ත‍්‍රී මණ්ඩලයත් ඇතුලූව) පවරා ඇති බලතල ගැන නිසි ආකාරව හදාරා බැලිය යුතුවේ. ඒ අනුව පලාත් සභාවලට තවදුරටත් බලතල අවශ්‍යනම් ඒ අවශ්‍ය බලතල ලබාදිය යුතු අතර වැඩිපුර බලතල ලබාදී ඇතිනම් ඒවා අඩුකල යුතුවේ. අපේ පළාත් සභා ක‍්‍රමය ඉන්දීයාවේ බලතල බෙදීමේ ක‍්‍රමය මත පදනම්ව තිබේයැයි පැවසුවද ඉන්දීයාවේ ඒකීය බව රැකීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට ඇති බලතල සෑහෙන ප‍්‍රමාණයක් ලංකාවේ ආණ්ඩුවට දහතුන්වන සංශෝධනයෙන් ලබාදී නොමැත. ඒ අනුව අවම වශයෙන් පලාත්සභා පාලනය සඳහා ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට ඇති ප්‍රමානයේ බලතලවත් මධ්‍යම ආණ්ඩුවට පැවරෙන පරිදි පලාත්සභා බලතලද සංශෝධනය කලයුතුවේ.

2008 වසරේදී දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම ගැන සලකා බැලීමට ඇති කර තිබුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් යෝජනා කරනලද සමානුපාතික හා කේවල ආසන දෙමුහුන් මැතිවරණ ක‍්‍රමය පාර්ලිමේන්තු සහ පලාත් සභා මැතිවරණ සඳහා සුදුසු යැයි අප පිලිගන්නෙමු.

තවද අලූත් ව්‍යවස්ථාවේ බලතල බෙදීම වර්තමානයේ ක‍්‍රියාත්මක කර තිබෙන 13 වන සංශෝධනයේ වගන්ති වලින් ඔබ්බට නොයා යුතුයි. ඒ වගේම පළාත් ඒකාබද්ධ කිරීමත් කිසි ලෙසකින් නොවිය යුතුයි. 13 වන සංශෝධනයේ පළාත් සභාවලට දී තිබෙන පොලිස් හා ඉඩම් බලතල ගැන නැවත සලකාබැලිය යුතුවේ. ඉඩම් සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට තිබෙන බලතල 13 වන සංශෝධයෙන් ලංකාවේ ආණ්ඩුවට දී නොමැත. ඉන්දීය ව්‍යවස්තාවට අනුව ඒ රටේ මධ්‍යම ආන්ඩුවට ආදාල කරුණු සදහා  ඕනෑම ප‍්‍රාන්තයකින්  ඕනෑම ඉඩමක් ප‍්‍රාන්ත ආණ්ඩුවෙන් කිසිම විමසීමකින් තොරව පවරාගත හැකිබවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය 1962 දී විභාග කළ බටහිර බෙංගාල ප‍්‍රාන්තය එරෙහිව ඉන්දීය මධ්‍යම ආණ්ඩුව කියන නඩුවේ තින්දු කරඇත. නමුත් අපේ ව්‍යවස්තාවේ 9 වැනි පරිශිෂ්ඨයේ දෙවන උප ලේඛනයට අනුව ලංකාවේ ආණ්ඩුවට යමිකිසි පළාතක තියෙන ඉඩමක් ආණ්ඩුවේ වැඩකට ගැනීමට නම් අදාල පළාත් සභාවේ අවසර පැතිය යුතු බව සඳන්වේ.

ලංකාවේ ප්‍රමානයේ හැටියට ඉන්දියාවේ ප්‍රාන්තයකටත් වැඩිය බලතල පලාත් සභාවකට පැවරීම අමනෝඥ ක්‍රියාවක් වන අතර අනිවාර්යයෙන් පලාත් සභාවලට දී ඇති මෙම අතිරේක බලතල කපා හැරීම කලයුතුවේ. මෙහිදී 2013 දී විභාග වුණු වැවිළි කර්මාන්ත අමාත්‍යංශය එරෙහිව සොලෙයිමුත්තු රාසු යන නඩුවේ තීන්දුව අලූත් ව්‍යවස්ථාවට අන්තර්ගත කළ යුතුයි කියා අප යෝජනා කරන්නෙමු.ඒ අවස්ථාවේ දි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ රජයේ ඉඩම් බලතල ලංකාවේ ආණ්ඩුවට මිස පළාත් සභා වලට අයිති නැති බවයි. ඒ නඩුවේදී එවක අගවිනිසුරු මොහාන් පීරිස් මහතා හා වත්මන් අගවිනිසුරු ශ‍්‍රී පවන් මහතා හා ඒවා වනසුන්දර විනිසුරුතුමිය එකිනෙකා සමග ඒ කරුණ සම්බන්ධයෙන් එකඟ වෙමින් වෙන වෙනම නඩු තීන්දු ප‍්‍රකාශයට පත් කිරීම සැලකිල්ලට ගතයුතුබව සඳන් කරන්නෙමු.

අපේ ව්‍යවස්ථාවේ 9 වැනි පරිශිෂ්ඨයේ පළමුවන උප ලේඛණයේ 13 වන සංශෝධනය ප‍්‍රකාරව පළාත් සභාවට ලැබී ඇති පොලිස් බලතල ගැන සදහන්වේ. මේ වගන්ති ක‍්‍රියාත්මක වුනොත් දැනට පවතින ජාතික පොලිස් සේවාව නැතිවේ. සියලූම වැදගත් පොලිස් කටයුතු  වෙනම ක‍්‍රියාත්මක වන පළාත්බද පොලිස් සේවාවන් 9 කට හිමිවේ. මෙවන් ක‍්‍රමයක් ඉන්දියාව වැනි විශාල රටක ක‍්‍රියාත්මක කල හැකි වුවත්, ඉන්දියාවේ ප්‍රාන්තයක්වත් තරම් විශාලනොවූ ලංකාවේ එවන් පලාත්බද පොලිස් සේවාවක් ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවේ. පළාත් සභා ක‍්‍රමය ඇති කරලා ගතවුණු දශක තුන මුලූල්ලේ ආණ්ඩු වෙනස්කම් ගණනාවක්ම සිදුවුණා. නමුත් 13 වන සංශෝධනයෙන් පළාත් සභාවලට දුන් පොලිස් බලතල කිසිම නායකයෙකු ක‍්‍රියාත්මක නොකලේ එයින් මේ රට සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වන නිසයි. එබැවින් අලූත් ව්‍යවස්ථාවක් සෑදීමේ දී පවතින ව්‍යවස්ථාවේ තිබෙන ක‍්‍රියාත්මක කල නොහැකි වගන්ති ඉවත් කලයුතුබව අවධාරණය කරන්නෙමු.

ලංකාවේ බෙදුම්වාදය වැලැක්වීමට ගෙනආ 6 වැනි සංශෝධනය ගැන තවදුරටත් විමර්ශනය කර බැලිය යුතුබව සඳන්කරන්නෙමු. ඉන්දියාව තුල බෙදුම්වාදය පාලනය කිරීම සඳහා ජවහර්ල්ලාල් නේරු විසින් ඒ රටේ ව්‍යවස්තාවට හදුන්වා දෙනලද 16 වන සංශෝධනය අපේ 6 වන සංශෝධනයට වඩා සාර්ථක බව ඉඳුරාම පැවසිය හැක. උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ ජයලලිතා ජයරාම්ගේ පක්‍ෂය හීනෙකින් වත් නොගන්නා ස්ථාවර අපේ රටේ දෙමළ ජාතික සංධානය දෙවරක් නොසිතා කිසිදු පැකිලීමකින් තොරව ගනීම සඳහන්කල හැක.

අලූත් ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක‍්‍රියාපටිපාටිය ගැන දැනට ප‍්‍රකාශවී ඇති අදහස් හා ඉහත දැක්වූ ආකාරයට පාර්ලිමේන්තුව තුල ජන මතය විකෘතිකරන වාතාවරණයක් තුල, ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියට ශ්‍රේෂ්ඨාධිකරණයේ  මැදිහත් වීමක් තිබිය යුතුබවට අපගේ විශ්වාසයයි.  ඒ අනුව අලූත් ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය භාවය වෙනස් වෙනවා ද නැද්ද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විචාරිය යුතුවේ. පවතින්නාවූ ව්‍යවස්ථාවේ 120 (ආ) වගන්තියට අනුව කැබිනට් මණ්ඩලය විසින් යම්කිසි ව්‍යවස්ථා සංශෝධනයක් “පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයට අමතරව ජනමත විචාරණයකනුත් සම්මත වියයුතු යැයි” ප‍්‍රකාශ කලහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ පනත් කෙටුම්පත පිළිබදව විමර්ශනය කරීමේ බලය නැතිවේ. එවන් වගන්තිද යෝජිත ව්‍යවස්ථාවෙන් ඉවත්කලයුතු බව අවධාරණය කරන්නෙමු.

අලූත් ව්‍යවස්ථාව සම්පාදනය කෙරුමන් පසු ඒ යටතේ අලූත් ආණ්ඩුවක් පත්කර ගැනීම සදහා ඡන්දයක් පැවැත්වීම සුදුසුයි කිය අප යෝජනා කරනවා.
28
1/21/2016 0:12:37gayan gurugeඅවුරුදු 34-39 අතරbusiness rate janatawata tiyena lokuma prasne 'oka newei.jeewana kramaya sakas kireemai.Tamil diaspora satutu karanna ratoa winasa karanna epa.palat Saba ahosi karanna.
29
1/21/2016 0:17:42Vimukthi Dushanthaඅවුරුදු 22-27 අතරමාධ්‍යවේදීසියලු මානවයන් සම මට්ටමෙහිලා සැලකිය යුතුයි
30
1/21/2016 0:35:48
එස්. එච්. නිලන්ති සේනාධීර​.
අවුරුදු 40-45 අතරඡායරූපකරණය​රටේ ඒකීයභාවය සුරැකිය යුතුවා වාගේම​, බුදු දහමට මූලිකත්වය දිය යුතුයි.
31
1/21/2016 0:43:35kuminda liyanage අවුරුදු 34-39 අතරProject Manager
Ranwala Road pallebedda
1. Remove 13th amendment

2. Ensure the unitary status of Sri Lanka

3. Remove any type of official status given to race (starting from removing the Race field in the birth certificate)

4. Sinhala and Tamil should be the only languages allowed in government.

5. Reestablish district border to pre 1972

6. Limit number of ministries (names, broad subject area) to a 30 by constitution

7. Any power devolution shoul not include legislative power

8. If any power devolution . It has to be at district level (ex muslims get similar representations as tamils)

32
1/21/2016 1:23:17නදීප වික්‍රමගේඅවුරුදු 34-39 අතරඉංජිනේරු
1. බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය ආරක්ෂා කළ යුතුය.
2. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්ය යන්න අවධාරණය කළ යුතුය. ජනවර්ග මත පදනම්වූ දේශපාලන පක්ෂ අහෝසි කළ යුතුය.
3. එක් එක් ජනවර්ග වලට වෙන්වූ නීති ඉවත් කර, සැමට එක ලෙස බලපාන නීති පද්ධතියක් ඇති කළ යුතුය.
4. පළාත් සභාවලට ඇති බලතල අඩු කර, ප්‍රාදේශීය පරිපාලන ආයතන (ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා ) වලට ඇති බලතල වැඩි කළ යුතුය.
5. විධායක ජනාධිපතිධූරය අහෝසි නොකළ යුතුය.
6. මැතිවරණ පවත්වන දින ව්‍යවස්ථාවෙන් නියම කළ යුතුය. (උදා: සෑම වසර 5 කට වරක්, අදාළ වසරේ සැප්තැම්බර් මස අවසාන සිකුරාදා.) සියළුම මැතිවරණ එකම දිනයේ පැවැත්විය යුතුය.
7. ඇමතිධූර ගණන සීමා සහිත කළ යුතුය. එය කුමන හේතුවක් නිසාවත් වැඩි නොකළ යුතුය. (19 සංශෝධනයේ ඇති "ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවකදී ... " වගන්තිය අහෝසි කළ යුතුය.
8. ජනතා නියෝජිතයන්ගේ වැටුප් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා සමගාමී කළ යුතුය. උදා: පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප = රාජ්‍ය සේවයේ විධායක නිලධාරී වැටුප. අමතර දීමනා ලෙස ලබාදිය යුත්තේ ගමනාගමන සහ දුරකථන පහසුකම් පමණි.
33
1/21/2016 2:30:48J.M.S.Jayaweeraඅවුරුදු 46-51 අතරTeacherGive priority to the Buddhism and ensure the united country.
34
1/21/2016 5:07:06Ap නිහාල්අවුරුදු 28-33 අතරවිදේශගත ශ්‍රමිකයන්
ඒකීය රටක්‍ යටතේ ස්වදීන් රාජ්‍යක් විය යුතුයි..
බුදු දහමට ප්‍රමුඛත්වය ලබාදී එය ආරක්ෂා කිරීමට රජය බැදී තිබිය යුතුයි.රාජ්‍ය භාෂාව සිංහල විය යුතු අතර සියලු පුරවැසියාට සිංහල භාෂාව අනිවාර්ය කල යුතුයි.
35
1/21/2016 5:08:14erandaඅවුරුදු 28-33 අතරmanegment assistent
Ekiya srilankawak. Budu Dahama Pradana agama. rajaye rakiya vlin75%k sinhalayanta. Aya vayen 5%k budu sasune diunuwata. Palath Saba kramaya ahosi kireema. Asana mattamin nawatha chandaya pawathweema. Jana raja vyawasthawa kriyathmaka kereema
36
1/21/2016 7:01:31Ruwanඅවුරුදු 22-27 අතරLecturerබුදු දහම රාජ්‍ය ආගම කළ යුතුය.
37
1/21/2016 7:34:39
Dr. Wannaku Ralalage Janaka Pushpakumara Wannaku.
අවුරුදු 46-51 අතරMedical Officer
STD clinic, General Hospital, Ratnapura
1. රටේ නම යටත් විජිත යුගයට පෙර පැවති ලෙස "සින්හලේ"ලෙස වෙනස් විය යුතුය
2. සින්හල ජාතිය, සම්බුද්ද සාසනය, සින්හල භාෂාවට ප්‍රමුකස්තානය දී සුරැකිය යුතුය..
3. රට ඒකීය, නොබෙදුනු එක රටක් විය යුතුය. ෆෙඩරල් පාලනයක් ඇති නොවිය යුතුය.
4. තෙසවලාමේ නීතිය අහෝසි කල යුතුය.
4. රටෙ එක නිතියක් පමනක් තිබිය යුතුය. ශරියා නීතිය කාති උසාවි අහෝසි කල යුතුය..
5. අන්‍ය ආගම්කරනය පිලිබද පනත බලාත්මක කල යුතුය.
6. ව්‍යවස්තා මන්ඩලය අහෝසි විය යුතුය. .
7. ජන්තාවගේ පරම අයිතිය වන සර්වජන චන්දබලය පාර්ලිමේන්තුව තුල නියෝජනය විය යුතුය..
8. ඇමති මන්ඩලය 25 ට නොවැඩි විය යුතුය
9. විදායක ජනාදිපතික්‍රමය පැවතිය යුතුය..
10. මුස්ලිම්, දෙමල සහ ක්‍රිස්තියානි පාසල් සියල්ල අහෝසි කොට රජයේ පොදු පාසල් පද්දතියක් ඇති කල යුතුය..
සියලුදෙනාම අනිවාර්‍යයෙන් රාජyඅ භාෂාව වන සින්හල භාෂාව සහ රටේ ඉතිහාසය ඉගෙන ගත යුතුය..
සින්හල සාහිතyඅය සින්හල ජන ගී සින්හල කලා ශිල්ප සින්හල සටන් කලා පාසැල් තුල ඉගැන්විය යුතුය..
සුඩු පාලකයන් විසින් සන්ඝ සමාජය වෙත පනවා තිබූ අන පනත් ඉවත් කල යුතුය..
38
1/21/2016 8:43:12Sachithඅවුරුදු 22-27 අතරEngineering
1. All MPs (Member of Parliament) must get the pension after continuous 15 year membership of the parliament.

2. If a MP is proved guilty for a any kind of crime or allegation he/she must loose his/her parliament sheet and must not be eligible to the parliament.

3. To be a Member of Parliament candidate should pass the GCE O/L examination.
39
1/21/2016 8:57:49harshaඅවුරුදු 22-27 අතරStudentAll Sri LAnkans must be ruled under one law. There should not be any separate laws for Muslims and Tamils.
40
1/21/2016 8:58:06
Buddhika Neranja Daluwatte
අවුරුදු 22-27 අතරBANKER
480/3 LAKE ROAD AWARIHENA HOKANDARA
the constitution must be equal to all races, and it must protect the long prevailing traditions and culture of Sinhalese, Tamil, Muslim and other minority tradition. How ever the constitution under no circumstances let any religion to break basic human rights and change the legal system of Democratic Socialist Republic of Sri lanka, and every child should have the right to learn history and their religion and no government policy can restrict it in the future.
41
1/21/2016 9:07:19
කැකුළාවල විදානේලාගේ චතුෂ තුෂර කුමාර කැකුළාවල
අවුරුදු 34-39 අතර
ජ්‍යොතිෂවේදී/පෞද්ගලික ආරක්ෂක ප්‍රධානී
ctkumara@gmail.com
වැඩිවන ජනගහණ ගැටළුවට විසඳුම් ලෙසත්, ආගම් හා ජාතීන් අතර ඇතිවෙමින් පවතින්නා වූ ගැටළු පාලනය කිරීම සඳහාත්, රැකියා වියුක්තිය සම්බන්ධ ගැටළු විසඳා ගැනීමට අතිරේක මාර්ගයක් ලෙසිනුත් මාගේ යෝජනාව ඉදිරිපත් කරමි. මේ සම්බන්ධ අඩු පාඩු හා ගැටළු ඇති වේ නම් ඒ ගැන තව දුරටත් සාකච්ඡා කිරීමටත්.. ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී සකස් කල යුතු අංශයන් ගැන වැඩි දුරට සාකච්ඡා කාරීමටත් කැමැත්තෙමි.

මාගේ යෝජනාව-
ලාංකීය පුරවැසි ඕනෑම අයකුට එක් දරුවකු සඳහා රජයෙන් අවසර පත්‍රයක් නිකුත් කිරීම.
මෙය විය යුත්තේ සෑම පුරවැසියකුටම අවසර පත්‍ර භාග දෙකක් වශයෙනි. උදාහරණයක් ලෙසින් ගත් කල යම් කිසි පුරුෂයකුට හිමිවන අවසර පත්‍ර භාග වලින් දරුවකු සැදීමටනම් තවත් කාන්තාවකගේ අවසර පත්‍රවලින් භාගයක් එකතු විය යුතුය. එසේ ගත් කල ඕනෑම අයකුට දායක විය හැක්කේ දරුවන් දෙදෙනකු සෑදීමට පමණකි. විවාහයන් කීයක් කරගත්තද තමාට හිමි අවසර පත්‍ර අවසන්ව ඇත්නම් ඔහුට හෝ ඇයට තවත් දරු උපතක් සඳහා දායක විය නොහැකිය.

මෙම අවසර පත් තම තමාගේ කැමැත්ත මත අන් සතු කල හැකි විය යුතුය. නමුත් එසේ කිරීමේදී තමාගේ ජන වර්ගයට (සිංහල/දෙමළ/මුස්ලිම්/බර්ගර් ආදී වශයෙන්) අයත් අයකු හට මිස අන් ජන වර්ගයක අයකුට එකී අවසර පත්‍ර පවරා දිය නොහැකි විය යුතුය.
මේ හරහා ලංකාවේ ජන වර්ග අනුපාත දැනට ඇති පරිදිම රැක ගැනීමට අවස්ථාව උදාවන අතර... වඳ භාවය නිසා හෝ වෙනත් සෞඛ්‍ය හේතුවක් මත හෝ.. ආර්ථීක අපහසුකම් මත හෝ.. විවහා නොවී සිටීමට හා දරුවන් සෑදීමට ඇති අකමැත්ත මත හෝ යම් අයකු සතු අවසර පත්‍ර අහෝසී වී යාම අවම වෙයි. (වැඩිදුර පැහැදිලි කිරීමක් කල හැක)

අදාල අවසර පත්‍රයට පිටින් කිසියම් අයකු දරුවන් සාදන්නේ නම්.. රජයට විශේෂ බද්දක් ගෙවීමටත්.. රජය මගින් ලබාදෙන නිදහස් සෞඛ්‍ය පහසුකම් හා අධ්‍යාපනය වැනි විශේෂ පහසුකම් වලදී මුදල් අය කිරීමටත් කටයුතු කිරීම මගින් අවසර පත්‍රයට වටිනාකමක් හා ගරු කිරීමක් ලබා දිය හැකිය.

මෙම අවසර පත්‍රය වයස දහ අට (හෝ රජයේ අනුමැතිය ලැබේනම් වයස 16න් පසුව හෝ) වන විට පුද්ගල ලියාපදිංචි හැදුනුම්පත් නිකුත් කිරීමත් සමඟින්ම නිකුත් කල හැකි අතර පරිඝණකගත වැඩ සටහනක් ලෙසින් සකස් කිරීම තුලින් රජයේ පරිපාලන විඩසටහන්ද ක්‍රමවත් කර ගත හැකිය.

මෙම යෝජනාව හැකි තරමින් කෙටිව දක්වා ඇති අතර ප්‍රායෝගිකව මතුවන ගැටළු සම්බන්ධව අවස්ථාවක් ලැබුනහොත් සාකච්ඡා කිරීමට කැමැත්තෙමි.
ස්තූතියි.
42
1/21/2016 9:46:31janaka අවුරුදු 34-39 අතරGraphice DesinerReduced the parliament members benefit. and no need the more salaries, put the best education level
43
1/21/2016 9:49:32හර්ෂ සිරිවර්ධනඅවුරුදු 34-39 අතරසිවිල් ඉංජිනේරු
රටේ ඒකීයභාවය ව්‍යවස්ථාවෙන් පිළිගත යුතුය. කිසිසේත් එය වෙනස් නොකළ යුතුය. බුදු දහමට ව්‍යවස්ථාවෙන් හිමිව ඇති ප්‍රමුඛතාවය තවදුරටත් එලෙසම පැවතිය යුතුය. 13 වන සංශෝධනය අහෝසි කොට පළාත්සභා වෙත විමධ්‍යගතකොට ඇති බලතල මධ්‍යම ආණ්ඩුව වෙත නැවත ලබාගත යුතුය.
44
1/21/2016 9:52:26wks kumaraඅවුරුදු 34-39 අතරq s
386 alioluara sooriyawewa
bedeem athi karanna epa wenama aitheen awsya ne sinhala ha buddagama ta mul thana denna ona wenama kalapa hadanna epa ehema unoth prasna ethi wei

s
45
1/21/2016 10:04:17ලක්ෂාණිඅවුරුදු 22-27 අතරවිධායක නිලධාරිනී
රටේ ඒකීයභාවය ව්‍යවස්ථාවෙන් පිළිගත යුතුය. කිසිසේත් එය වෙනස් නොකළ යුතුය. බුදු දහමට ව්‍යවස්ථාවෙන් හිමිව ඇති ප්‍රමුඛතාවය තවදුරටත් එලෙසම පැවතිය යුතුය. 13 වන සංශෝධනය අහෝසි කොට පළාත්සභා වෙත විමධ්‍යගතකොට ඇති බලතල මධ්‍යම ආණ්ඩුව වෙත නැවත ලබාගත යුතුය.
46
1/21/2016 10:11:20Saman Madawalaඅවුරුදු 34-39 අතරDraughtsaman
"1. බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය ආරක්ෂා කළ යුතුය.
2. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්ය යන්න අවධාරණය කළ යුතුය. ජනවර්ග මත පදනම්වූ දේශපාලන පක්ෂ අහෝසි කළ යුතුය.
3. එක් එක් ජනවර්ග වලට වෙන්වූ නීති ඉවත් කර, සැමට එක ලෙස බලපාන නීති පද්ධතියක් ඇති කළ යුතුය.
4. පළාත් සභාවලට ඇති බලතල අඩු කර, ප්‍රාදේශීය පරිපාලන ආයතන (ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා ) වලට ඇති බලතල වැඩි කළ යුතුය.
5. විධායක ජනාධිපතිධූරය අහෝසි නොකළ යුතුය.
6. මැතිවරණ පවත්වන දින ව්‍යවස්ථාවෙන් නියම කළ යුතුය. (උදා: සෑම වසර 5 කට වරක්, අදාළ වසරේ සැප්තැම්බර් මස අවසාන සිකුරාදා.) සියළුම මැතිවරණ එකම දිනයේ පැවැත්විය යුතුය.
7. ඇමතිධූර ගණන සීමා සහිත කළ යුතුය. එය කුමන හේතුවක් නිසාවත් වැඩි නොකළ යුතුය. (19 සංශෝධනයේ ඇති ""ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවකදී ... "" වගන්තිය අහෝසි කළ යුතුය.
8. ජනතා නියෝජිතයන්ගේ වැටුප් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා සමගාමී කළ යුතුය. උදා: පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප = රාජ්‍ය සේවයේ විධායක නිලධාරී වැටුප. අමතර දීමනා ලෙස ලබාදිය යුත්තේ ගමනාගමන සහ දුරකථන පහසුකම් පමණි."
9."ඒකීය රටක්‍ යටතේ ස්වදීන් රාජ්‍යක් විය යුතුයි..
බුදු දහමට ප්‍රමුඛත්වය ලබාදී එය ආරක්ෂා කිරීමට රජය බැදී තිබිය යුතුයි.රාජ්‍ය භාෂාව සිංහල විය යුතු අතර සියලු පුරවැසියාට සිංහල භාෂාව අනිවාර්ය කල යුතුයි. "
47
1/21/2016 11:19:41නිරොෂන් ප්‍රමුදිතඅවුරුදු 28-33 අතර
අබාධිත සහිත බැවින් නිශ්ථිත වෘතියක් නැත
ආබාධිත තත්වයේ සිටින සැම පුද්ගලයෙක් සදහාම ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් අනුව රජයේ රැකියා වලින් 5% ක් ලබා දිම අනිවාර්‍ය කල යුතුයි,
48
1/21/2016 11:45:05Dilshan Weerasingheඅවුරුදු 34-39 අතරAccountant
Migrant News Lanka
Points that need to be urgently addressed by the New Constitutional assembly when drafting the new Constitution on behalf of the 1,800,000 Migrant Workers and their 5,400,000 (estimated) Immediate Family Members
Sri Lanka depends on the remittances sent by the Migrant Workers to meet the Balance of Payments Deficit that successive governments have been running for the last decade. In 2014 the amount is USD 7 Billion which is currently the highest foreign exchange earner. While tea exports was only able to generate an amount little over USD 1 Billion, thus signifying the importance migrant workers make on the Sri Lankan economy. But in return successive governments have paid little if not no recognition for the role they play. Even they have gone to the extent of even not even allowing migrant workers who have just returned back to the country not been able to vote, as their names seems to have been cut off the register and the only explanation given was that it was done to stop vote rigging. While we emphasis that such acts are against the essence of Democracy and such officials should find alternative ways to avoid voter impersonation. We wish to bring to the notice of the Constitutional assembly and stress that it is of high importance that these issues be addressed now to overcome the high levels of suspicion and loss of credibility the new government has up to now been viewed by Migrant Workers due none of the promises made in the 100 day programme or the General Election manifesto promises for Migrant Workers not been fulfilled. After consultation we had with many representatives and Sri Lankan migrant Groups abroad we were able to prioratise to the following 4 points among many other demands and suggestions we had received and we have now come to a compromise situation.
1. The Right for Safe Labour Migration and welfare of Migrant Workers should be enshrined in the new Constitution of Sri Lanka, for the 1,800,000 Labour Migrants.
2. Ratification of C189 –Domestic Workers Convention (ILO and the subsequent pass of an act to bring in local legislation to make it law in Sri Lanka.
3. The retuning officers should not victimize the Migrant Workers from voting in a local election by striking their names of the Voters list. Also the democratic right to vote at Presidential, General, Provincial and Local Government Elections should be provided in the Sri Lankan embassies and High commissions. Which all other labour sending countries has ensured as an appreciation for the services rendered by their migrant workers decades ago and as a sign of a working democracy.
4. The Commissioner General-Labour, should be directed to accept applications to set up Trade Unions which may be intended to be set up to look after Potential Labour Migrants, Returnee Labour Migrants and their immediate family members welfare. Also there should be a provisions for Migrant group collectives which are registered abroad to register in Sri Lanka which represent Migrant Workers overseas under the auspices of the International Trade Union Confederation (ITUC).
49
1/21/2016 12:00:28Ravindu Amarakoonඅවුරුදු 16-21 අතරstudent
රටේ ඒකියභාවය හා බුදුදහමට මුල් තැන දිම අනිවාර්යෙන් වෙනස් නොකළ යුතුයි.
මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙ විසා ලබාදිමේදි වැඩි රටේ ආරක්ෂාව ගැන මිට වඩා සැලකිලිමත් වි දියුණු විසා ක්‍රම සහිත ක්‍රියාමාර්ග තව දුරටත් ක්‍රියාත්මක කළ යුතුයි..
ත්‍රස්ත මර්ධන පනත අහෝසි නොකර යුතුයි.
ජාතික ආරක්ෂාව ගැන මිට වඩා සැලකිලිමත් විම කළ යුතුයි.
මෙරට ශ්‍රම බලකායක් තියෙද්දි විදේශිකයන්ට රස්සා ලබා දිම සිදු නොකළ යුතුයි.
අද දවස ගැන විතරක් සිතා තිණ්දු තිරණ නොගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.මක්නිසාද සිංහලයට තියන එකම රට මේ මාතෘභුමියයි.
50
1/21/2016 12:14:06ඩිලාන් මධුෂංකඅවුරුදු 28-33 අතරපරිඝනක ඉංජිනේරු
සෞඛ්‍ය සේවාව නැංවීම සඳහා සියලුම රූපවාහිනී නාලිකා වලට රාත්‍රී 7-10 සියලු දෙනා රූපවාහිනී නරඹන කාලය තුල විදේශීය ටෙලි නාට්‍ය සීමා කර සෞඛ්‍ය වැඩසටහනක් පෙන්වීම අනිවාර්‍ය් කිරීමට නීති සම්පාදනය කළ යුතුයි.

සියලුම රූපවාහිනී නාලිකා වල ප්‍රවෘත්ති විකාශනය සඳහා ප්‍රමිති සම්පාදනය කළ යුතුයි. වෙළඳ දැන්වීම් සඳහා කාලය අවම කර ප්‍රවෘත්ති සඳහා ප්‍රවෘත්ති විකාශනයෙන් 90% කාලයක් ලබා දීමට නීති සම්පාදනය කළ යුතුයි.

සියලුම පරායත්ත රාජ්‍ය ආයතන වල සේවාවන් එනම් එකිනෙකා මත යැපෙන රාජ්‍ය ආයතන වල සේවාවන් කිසියම් ක්‍රමයකින් එක් කල යුතුයි.

විරැකියාව අවම කිරීමට සියලුම රාජ්‍ය සේවකයන් අවුරුදු 55 න් විශ්‍රාම යැවිය යුතුයි. රාජ්‍ය සේවකයන්ගේ කාර්‍යක්ෂමතාව වැඩි කිරීමට පෞද්ගලික ආයතන වල පරිදි සේවකයන්ගේ කාර්‍යක්ෂමතාව හා හැකියව මත වැඩි වන වැටුප් ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි.

රටේ පසැල් අධ්‍යාපන ක්‍රමය හා උසස් අධ්‍යාපන ක්‍රමය රටේ රැකියාවන්ට සරිලන පරිදි වෙනස් කළ යුතුයි.
51
1/21/2016 12:20:25කමල් දේශප්‍රිය අවුරුදු 28-33 අතරව්‍යාපාර විශ්ලේෂක
01. සියලුම ජනතා නියෝජිතයන්ට පක්ෂ මාරු කල නොහැකි ලෙස ව්‍යවස්ථාව සංශෝධනය විය යුතුය. එසේ කළහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි විය යුතුය.

02. ජනතා නියෝජිතයන්ගේ වරප්‍රසාද හා වරදාන වලට අදාළ තීන්දු තීරණ ඔවුන් විසින් නොගත යුතු අතර ඒ සදහා සිවිල් ජන නියෝජනයක් සහිත ස්වාධීන සභාවක් පත් කල යුතුය.

03. ජනාධිපති වරයා අගමැති වරයා ඇතුළු සියලු ජනතා නියෝජිතයන් පාර්ලිමෙන් තුවට වග කිව යුතු වන්නේය.

04. කිසිදු පරාජිත ජනතා නියෝජිතයකු ජාතික ලැයිස්තුවෙන් පත් කල නොහැකි විය යුතුය.

05. උපරිම ඇමතිවරු ගණන 25 සීමා විය යුතු අතර නියෝජ්‍ය ඇමතිවරු ගණනද 25 ට සිමා විය යුතුය. රාජ්‍ය හා ව්‍යාපෘති ඇමති ධුර ව්‍යවස්ථාවෙන් ඉවත් කල යුතුය.

06. එක් පුද්ගලයකුට මන්ත්‍රී ධුරයක් උපරිමව දැරිය හැක්කේ වාර 2 පමණි.

07. මැතිවරණ කොමසාරිස් වරයා විසින් එක් එක් අපේක්ෂකයාගේ ඉහලම අධ්‍යාපන සුස්දුසුකම් හා ඔහුගේ හා පව්ලේ සාමාජිකයන්ගේ වත්කම් ප්‍රසිද්ද කල යුතුය.

08. යම් විෂයක අමාත්‍ය ධුරයක්/නි. අමාත්‍ය ධුරයක් පිරිනැමීමේදී, ඔහුට අවම වශයෙන් අදාළ ක්ෂේත්‍රයේ උපාධියක් වත් තිබිය යුතුය. එසේ නොමැති අවස්තාවලදී මහජනයා වෙත ප්‍රසිද්ද කරනු ලබන නිසි ඇගයීමේ පටිපාටියකින් ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරු ඇගයීමකට ලක් කොට විරෝධතා ගොනු කිරීමට දින 14 ලබා දී යෝජිත ඇමති මණ්ඩලය ප්‍රසිද්ද කල යුතුය.

විරුද්ධතා ඇතිනම් ඒවා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් විමසා බලා දින 14 තුල තීන්දුවක් ප්‍රකාශයට පත් කල යුත්තේය. මේ සදහා අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 6 වත් අවම ලෙස සහබාගි විය යුත්තේය.

09. සියලු ස්වාධින කොමිෂන් සභා බලාත්මක කල යුතුය.

10. ඕනෑම සිවිල් පුද්ගලයකුට හෝ සංවිධානයකට පාර්ලිමේතුවේ මහජන ගැලරියේ සිට මන්ත්‍රීවරුන්ට පොදු ගැටළු (පෞද්ගලික ගැටළු නොවේ ) ඉදිරිපත් කිරීමට මසකට එක දිනක් වෙන් කල යුතු අතර ලැබෙන පිළිවෙල අනුව ප්‍රශ්න සදහා ඉඩ ලබා දීම කතානායක සතු වගකීමකි. තවද එදිනට අසනීප හෝ විදෙස්ගතව නොසිටින සියලු මන්තිවරු සභා ගර්භයේ සිටිය යුතු අතර සැම ප්‍රශ්නයක් සදහාම දින 14 තුල විසදුම් හෝ සැහීමකට පත් වන ආකාරයේ පිළිතුරු ලබා දිය යුතුය. එසේ කිරීමට අපොහොසත් වුවහොත් එම නියෝජිතයාගේ මාසික වැටුපෙන් 2.5% රජයට පවරා ගත යුතුය.

11. රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව හා අසාධාරණ කම් වැලක්වීමට හදිසි ප්‍රතිචාර ඒකකයක් රාජ්‍ය සේවා කොමිසමට පමණක් යටත් වන සේ ස්ථාපනය කල යුතු අතර ඕනෑම රාජ්‍ය ආයතනයක වන අකාර්යක්ෂමතාවයකදී හා/හෝ අසාධාරණයකදී එම ආයතනයට පැමිණිලි කල හැකි විය යුතුය. එම සියලු පැමිණිලි සදහා දිනක් තුල අදාළ ඒකකයෙන් ප්‍රතිචාර දැක්විය යුතු අතර අදාළ නිල්දාරියගෙන් දඩයක් අය කිරීමේ සිට සේවා තහනමකට නිර්දේශ කිරීම දක්වා වූ බලතල මෙම ඒකකයට තිබිය යුතුය.



52
1/21/2016 12:49:24ප්‍රසාද්අවුරුදු 28-33 අතරනැත
බුද්ධාගමට ප්‍රමුඛස්ථානයත් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පොෂණය කීරීමටත් ඒකීය රාජ්‍ය ආරක්ෂා කිරීමටත් රජ්‍ය යටත් කරවන වත්මන් ව්‍යවස්ථාවේ ඇති 2 සහ 9 වගන්ති එලෙසින්ම එක් කළ යුතු අතර බෞද්ධයන් අන්‍යාගමික කිරීම තහනම් කරන පනතක් ඇතුළත් කිරීම
53
1/21/2016 12:52:09Mahinda Karunaratne
අවුරුදු 52 සහ ඊට වැඩි
Eng./Mngr.
Kandy, julius701@yahoo.com
The constitutional change if any must be in par with 1972 Republic constitution.
1. The Unitary state of the country be assured
2. Prominance to Buddhism and status of state religion must be made compulsory
3. Name of the country be SINHALE and official language be made SINHELA.
3. No separate rules, previlages to minorities, minorities must be maintained as minorities and no same rights as Sinhela citizens of the motherland
4. Laws must be enacted to crush any activity or force against Unitray state of the country, Sinhale and its Language or the Buddhism

Unless otherwise we will resort to suicidal solution against betraying politicians!
54
1/21/2016 13:13:02විදුර ක්‍රිෂාන්තඅවුරුදු 22-27 අතරසිවිල් ඉංජිනේරු
ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් විය යුතුය.බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතුය.මේවා හුදු බෝඩ් ලෑලි නොවන බවට අවධාරණය කළ යුතුය. 13 වෙනි සංශෝධනය අවලංගු වන ලෙස පළාත් සභා වලට කිසිදු බලයක් ලබා නොදී ඒවා මධ්‍යම ආණ්ඩුව යටතට පත්කළ යුතුය.සියලුම ජනවර්ග වලට සමාන සැළකීමක් ලැබෙන පරිදි පරිපාලන බලය හැකිතාක් විමධ්‍යගත කළ යුතුය.එහෙත් ව්‍යවස්ථාදායක බලය කේන්ද්‍ර්‍රිය විය යුතුය.සිංහල හා දෙමළ භාෂා පමණක් ජාතික භාෂා විය යුතුය.තවද රටේ ඒකීය භාවයට එදිරිව ක්‍රියාත්මක වන ප්‍රකාශ,ක්‍රියාකාරකම්,පෙළඹවීම් යන ඕනෑම දෙයකට විරුද්ධව නීති සම්මත කර එසේ කරන්නන්ට දඬුවම් පැනවිය යුතුය.
55
1/21/2016 13:24:43Mohamed ajemeerඅවුරුදු 28-33 අතර
Assistant admin support
Jathi bedha agam mula mala thorawa emotama eka widiyata jeewath wenna balaya emotama samanawa bedha deema nithiya emotama eka widiyata kriyathmaka wena paridi wivasthawak ratata awasyathwayak kiyana eka Mage hadasai
56
1/21/2016 13:39:17ජනිත් විතාරණගේඅවුරුදු 28-33 අතරලිපිකරු
ආණ්ඩු මාරු උවත් නොවෙනස්ව ක්‍රියාත්මක වන සංවර්දණය සහා පරිසරය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි..
උදාහරණයකට චන්ද කාලයට පක්ශ විසින් සහා අපේක්ශකයින් විසින් දෙනු ලබන පොරොන්දු වෙනුවට ආණ්ඩු මාරුවකින් පසුව උවද එක දිගට ක්‍රියාත්මක වන දීර්ඝ කාලීන සංවර්දණ වියාප්‍රුති අවශයයි
57
1/21/2016 13:40:47H.M.J.S BANDARAඅවුරුදු 22-27 අතරCIVIL ENGINEERANURADHAPURA
No need of provincial councils, they should be removed. So do the pradeshiya sabhas. They are full of corruption. A controlling & facilitating set up for people of Sri Lanka can be established just through the central government & using properly the government departments.
58
1/21/2016 15:21:45
S.K.N.D. Bandaranayake
අවුරුදු 28-33 අතරBusiness
No. 412, New Town, Polonnaruwa.
කාන්තාවන් ගෘහසේවිකාවන් ලෙස විදේශ ගතවීම අවම කිරීමට හා විදේශ රැකියා වෙළදපොල ක්‍රමවත් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග යෝජනා කරමි.
01. කුලී ත්‍රී රෝද රථ ධාවනය, කුලී රථ ධාවනය, මගී බස් රථ ධාවනය වැනි සැහැල්ලු රැකියා විදේශ රටවල මෙන් කාන්තාවන්ට සහ වයෝවුධ, අබාධිත පුද්ගලින්ට පමණක් සීමා කිරීම
02. ස්වාමිපුරුෂයා අබාධිතයකු නම් හෝ ස්වාමියා මියගොස් ඇත්නම් පමණක් ගෘහසේවිකාවක් ලෙස කාන්තාවට විදේශ ගතවීමට අවසර ලබාදීම
3. විදේශ භාෂාවන් හා විදේශ රැකියා පිළිබද කරුණු පාසල් විෂයක් ලෙස ඉගෙන්වීම
59
1/21/2016 15:28:21
Danushka Madhuranga Athukorala
අවුරුදු 34-39 අතරසිවිල් ඉංජිනේරු
සිංහල භාශාව රාජ්‍ය භාශාව විය යුතු අතර, ඉංග්‍රිසි බස දෙවන බස විය යුතුය. රාජ්‍ය ආගම බෞද්ධාඅගම වියයුතුය, ලංකාව එකීය රාජ්‍යක් ලෙස දිගටම පැවතිය යුතු අතරම 13 වන විවස්ථා සංශෝධනයට අනුව පලාත් පාලන ආයතන වලට ලැබුනු එහෙත් තවමත් ලබානොදුනු ඉඩම් සහා පොලිස් බලතල නැවත මධ්‍යම ආන්ඩුවට පැවරිය යුතුය. එකීය රාජ්‍ය සන්කල්පය තවදුරටත් ශක්තිමත් වන ආකාරයට නීති ගෙන ආ යුතුය. පාර්ලිමෙන්තු මැතිවරන ක්‍රමය කේවල සහා සමානුපත ක්‍රමයේ මිශ්‍රනයක් විය යුතු අතරම පාර්ලිමෙන්තුවට තෙරි පත් වූ මන්ත්‍රිවරුන්ට පක්ශ මාරුව ජනතාපරමාධිපත්‍යට කරන නිගරුවක් සේ සලකා මන්ත්‍රි අසුන අහිමි වන ලෙස සංශෝධනය කල යුතුය. රටක නායකත්වය තනි පුද්ගලයකුට පැවතීම වෙනස්නොකලයුතුය. විවස්තාව තුලින්ම පැවතිය යුතු ඇමති මණ්ඩලය තීරනය කල යුටු අතරම ඇමතිවරුන්ගේ විශය පතයද තීරනය කල යුතුය, තවද ආයතන පරිපාලකයින් පත් කීරිමද විවස්තාව තුලින්ම තීරනය විය යුතුය, තවද රාජ්‍ය නොවන සංවිදාන ක්‍රියාකාරකම් නිරික්ශනය කීරීමට ආයතනයක් ස්තාපිත කලයුතුය, බදු ප්‍රතිපත්තියද, ඉන්දන මිල සුත්‍රයද අන්තර්ග්‍රහනය කල යුතුය.
අවසාන වශයෙන් රාජ්‍ය නායකයා සිංහල බෞද්ධයකු විය යුතුය යන කියමන විවස්තාව තුල තිබිය යුතුය එය වෙනස් කල නොහැකි අඛණ්ඩ වාක්‍යක් විය යුතුය
60
1/21/2016 15:49:35Jayanath Fernandoඅවුරුදු 34-39 අතරsoftware engineerMake President Election and Parliament election same day , Do same to local government and Province council.

Fix the Election Date like USA



61
1/21/2016 16:48:36Andrew Samuel
අවුරුදු 52 සහ ඊට වැඩි
Civil society advocate
10/2 Vidyala Place, Colombo 10
These recommendations are for the benefit of labour migrants.
1) make sure the State signs bilateral agreements with labour receiving governments that have the necessary protective mechanisms, decent work arrangements and safeguards of the migrant worker
2) make sure that the job contract is tri lingual and has all the necessary job details with oversight and responsibility of the recruiting agent.
3) That all Sri Lankan embassies in the labour receiving countries have officers who are well versed with international labour protocols and conventions and labour laws and are not political appointees.
4) Do away with arbitrary engagements and introduce policy that has a voice of the people and migrants in particular.
5) Work towards obtaining voting rights of the migrant worker
6) Develop skills sets that are in demand and that protect the migrant workers and their dignity.
7) Use diplomacy to solve labour issues without delay especially in the Gulf states.
62
1/21/2016 17:16:37ප්‍රදීප් නිරෝශාන්ත අවුරුදු 34-39 අතරපරිගණක
ඒකීය ශ්‍රී ලංකාව දිගටම පවත්වාගෙන යායුතුයි.
ෆෙඩරල්වාදයට හිස එසවීමට නොදිය යුතුයි.
13වන සංශෝධනයෙන් එහා බලය බෙදීමක් නොකළ යුතුයි.
63
1/21/2016 19:00:31යුරේෂ් සංජිව අවුරුදු 40-45 අතරව්‍යාපාරිකසියලුම රුපවාහිනි නාලිකාවල වැඩසටහන් වල ධනාත්මක ආකල්ප ඇති කරන වැඩසටහන් වලට ප්‍රමුකත්වය ලබා දීමට නියාමන ආයතනයක් ඇති කල යුතුයි.

64
1/21/2016 19:09:34ශමිල ඩිලාන්අවුරුදු 28-33 අතරඇගළුම්අල්ලස් හා දුෂණයට සම්බන්ද වන සියලු රාජ්‍ය සේවකයන් එ එ දුර වලින් පහ කිරිම හා එ පුරප්පාඩු සදහා රැකියා විරහිත තරුණ තරුනියන් බදවා ගැනිම
65
1/21/2016 19:55:44හර්ෂාන් පෙරේරාඅවුරුදු 28-33 අතරපරිගණක ක්‍රියාකරැ කිරිබත්ගොඩ
ශ්‍රි ලංකාව ඇතුලතදි උපදින සියලු දෙනාගේ ජාතිය "ශ්‍රි ලංකික" "Sri Lankan" ලෙසත් මව් භාශාව සිංහල,දමිළ,මුස්ලිම් හා වෙනත් භාෂා ලෙස උප්පැන්න සහතිකයෙ සදහන් කිරිම.

රජ්‍ය අයතනවල රැකියා පුරප්පාඩු සදහා උපාධිදාරින් බදවා ගැනිමෙදි පලමුව රජ්‍ය විශ්වවිද්‍යාල වලින් අධ්‍යපනය ලද සිසුන් බාදවාගතයුතු අතර ඉතිරිව ඇති පුරප්පාඩු පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන් සදහා ලබාදිම.

පෞද්ගලික විශ්වවිද්‍යාල අාරම්භ කිරිම හා පරිපාලනය කිරිමට රජ්‍ය සහය ලබාදිම.

ETF EPF මුදල් ආයෝජනය කරඇති අකාරය හා එහි ප්‍රතිලභ සියලුම සෙවකයන්ට දැනගැනිමට ඉඩසැලැසවිම.

66
1/21/2016 20:27:49Nisal Upendraඅවුරුදු 22-27 අතරSoftware Engineer
1) A secular constitution
2) Remove laws that applies only people of certain races and religions (Thesawalamei, Muslim marriage law, upcountry marriage law etc)
3) Tougher environment protection laws including death penalty/ life in prison for illegal loggers and adding reserves/ conservation areas
4) Equal rights and anti discrimination laws for LGBT people
5) freedom of information act
6) independent commissions for government bodies such as police
7) And many more, but this might be good for a start.
67
1/21/2016 20:37:57කේ.විමලසේන
අවුරුදු 52 සහ ඊට වැඩි
විශ්‍රාමික විදුහල්පති
* ඉරිදා දින වල සහ පොහොය දිනවල ටියුෂන් පංති පැවැත්වීම තහනම් කල යුතුය.
* ගුරුවරුන්ගේ ටියුෂන් පංති වලට තමන් රාජකාරී කරන පාසලේ සිසුන් සහභාගි කර ගැනීම තහනම් කල යුතුය.
* එක පාසලක සේවා කාලය උපරිමව වසර 5 කට සීමා කල යුතුය.
* විගණන සේවයට මීට වඩා බලතල ලබාදිය යුතුය.
* අධ්‍යාපන ඇමති ධූරය සඳහා විදුහල්පතිවරයෙක් ලෙස සේවය කළ තැනැත්තෙක් පමණක් බඳවා ගත යුතුය.
* ජාතික අධ්‍යාපනය සඳහා පත් කරන සියලුම කාරක සභා,කොමිෂන් සභා ආදියෙහි පාසලක උගන්වා හෝ පරිිපාලන කටයුතු වල නිරත වී සිටි අය 50% ක් වත් සිටිය යුතුය.
* සියලුම ජාතික පාසල් වල මූලික ශ්‍රේණිය 6 වන ශ්‍රේණිය කල යුතුයි.
* රජයේ අවශ්‍යතාවය මත කෙරෙන ස්ථාන මාරු කිරීම් හැරුන විට අනිත් ස්ථාන මාරුවීමි ලැබ පාසැලකට පැමිණෙන සියලුම රාජ්‍ය සේවකයන්ගේ ළමයින් එම පාසැලට ගත යුත්තේ වසර 3 ක සේවය පරීක්ෂා කිරීමෙන් පසුවයි.
68
1/21/2016 20:51:19එස්. නන්දලාල්
අවුරුදු 52 සහ ඊට වැඩි
විශ්‍රාමික රජයේ සේවකයෙකි. ලේඛකයෙකි. නිදහස් මාධ්‍යකරවෙකි.
1.ව්‍යවස්ථාවේ බොහෝ ව්‍යවස්ථාවලට රෙගුලාසි පැනවීම අවශ්‍යයි. ව්‍යවස්තාව සම්මත වනවාත් සමග ම ඒ රෙගුලාසි සම්මත කර ගැනීමත් අවශ්‍යයි.
2. අමාත්‍යංශවල නම් හා විශයය වෙන වෙනම රෙගුලාසිවලින් නීරණය කළ යුතුයි.
3. දැනටවෙනත් ඇමතිවරැන් පත් කිරීමට බලය පැවරෙන වගන්තිය අහෝසි කල යුතුයි. පත්කළ යුත්තේ අමාත්‍යවරැන්(කැබිනට්) සහ නියෝජ්‍ය අමාත්‍යවරැන් පමණයි. රාජ්‍ය ඇමති, කොන්දොස්තර ඇමති යනාදි මහජන මුදල් කාබාසිනියාවන ඇමතිකම් වලට පත්කිරීමට හැකිවන වගන්තිය ඉවත් කළ යුතුයි.
69
1/21/2016 21:09:56ඉමන්ති හංසිකා අවුරුදු 22-27 අතර නැත රටේ ඒකීය භාවය සුරක්ෂාකරමින් බුදු දහමට සහ සිංහල භාෂාවට මුල්තැන ලබාදිය යුතුයි .
70
1/21/2016 22:39:13දර්ශන වික්‍රමරත්නඅවුරුදු 22-27 අතරයාන්ත්‍රික ඉංජිනේරු
ජනාධිපතිවරයෙකු හෝ රජයක් පත්වීමේදී අපේක්ෂක කාල සීමාව තුළ ලබාදෙන ප්‍රතිපත්ති හා පොරොන්දු ඉටු නොවන බව ලංකාව තුළ ප්‍රසිද්ධ රහසකි. එනිසා එම පොරොන්දු පිළිඹඳ මහජනතාවට විස්වාසයක් තැබිය නොහැක. මා ඉල්ලා සිටින්නේ ලබාදෙන පොරොන්දු පිළිඹඳ වගකියන ක්‍රමයක් ව්‍යවස්ථාව තුළ සකස් විය යුතු බවයි. ඒ සඳහා මාගේ යෝජනාව මෙසේය.

ජනාධිපතිවරයෙකු හෝ රජයක් පත්වීමේදී අපේක්ෂක කාල සීමාව තුල ලබාදුන් සියළු පොරොන්දු සහ ප්‍රතිපත්ති රජයේ වෙබ් අඩවියක සිය ධූර කාලය පුරාවට විස්තරාත්මකව පළ විය යුතුය. එසේම එක් එක් පොරොන්දු ඉටු වූ බව හෝ නොවූ බව දක්වමින් එය නිරන්තරයෙන් යාවත්කාලීන විය යුතුය. ඒවා ඉටු වී ඇති බව හෝ නොවී ඇති බව හුදු සටහනක් පමණක් නොවිය යුතු අතර රජයේ පිළිගත් නිලධාරීන් විසින් සහතික කළ යුතුය. එක් එක් කාලයේදී ලබා ඇති ප්‍රගතිය, ඉටුවී ඇති පොරොන්දු ප්‍රතිශතය, කාල රාමුව වැනි දෑ සංඛ්‍යාත්මකව, වගු, ප්‍රස්තාර ආදිය භාවිතයෙන් නිරූපණය කළ යුතුය. ඊට අමතරව පොරොන්දු ලැයිස්තුවේ සඳහන් සෑම කරුණක් පිළිඹඳව මහජන අදහස් විමසීමක්ද වෙබ් පිටුවේ අන්තර්ගත විය යුතුය. සෑම අයෙකුම අන්තර්ජාලය පරිශීලනය නොකරන බැවින් මුද්‍රිත මාධ්‍යයෙන්ද මෙය සිදුවන්නේ නම් වටී. ඒ සඳහා රජයේ පොරොන්දු සාධන දර්ශකය", "ජනාධිපතිවරයාගේ පොරොන්දු සාධන දර්ශකය" වැනි මාසික සඟරාවක් මුද්‍රණය කිරීම සිදුකළ හැක.

මුලින් ලබාදුන් පොරොන්දු ඉටු කළ නොහැකි නම් හෝ ඒවා වෙනස් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ පිළිඹඳව වෙබ් අඩවිය හා සඟරාව තුළ හේතු දැක්විය යුතුය.

එසේම ඉටුවී ඇති පොරොන්දු ප්‍රමාණය, ඒවායේ සාර්ථකත්වය, මහජන ප්‍රතිචාර, සිදුවී ඇති අක්‍රමිකතා ආදිය සැලකිල්ලට ගනිමින් රජයට හා ජනතා නියෝජිතයන්ට ඇගයීමක්/තක්සේරුවක් (Rating) ලබාදීමේ ක්‍රමයක්ද සකස් කළ යුතුය.එවිට පොරොන්දු පැහැරහරින දූෂිත නියෝජිතයින් අවතක්සේරු වී (Blacklist) ඉබේම සමාජයෙන් ඉවත් වී පාලන ක්‍රමය පිරිසිඳු වනවා ඇත.

මේ ආකාරයේ වැඩපිළිවෙලක් තුළින් ඡන්ද අපේක්ෂක පොරොන්දු හුදු පෞද්ගලික ලාබ අපේක්ෂා තකා ලබාදෙන කූට බොරු පොරොන්දු වනවා වෙනුවට ජනතාවට වගකියන ප්‍රතිපත්ති වනවා ඇත.
71
1/21/2016 23:26:57දර්ශන වික්‍රමරත්නඅවුරුදු 22-27 අතරයාන්ත්‍රික ඉංජිනේරු
බුදුදහමට ප්‍රමුඛතාව දෙමින් ලංකාවට අනන්‍ය වූ දේශීය සංස්කෘතිය සුරැකෙන පරිදි නීති සකස් විය යුතුය. පාසල් වල දහම් අවබෝධය, ශික්ෂණය, සාරධර්ම ආදී සංකල්ප ප්‍රචලිත කළ යුතුය. ගුණධර්ම අධ්‍යාපනය තුළ අනිවාර්ය අංගයක් කළ යුතුය.තරඟකාරී අධ්‍යාපන රටාවෙන් මිදී සිසුන්ට ලෝකය දකින්නට, ජීවිතය අවබෝධ කරගැනීමට ඉගැන්විය යුතුය.

විදේශ රටවලින් මෙරටට පැමිණෙන සියළු භාණ්ඩ හා සේවා නිසි පරික්ෂාවට ලක්විය යුතු අතර ඒ පිළිඹඳ නිසි වාර්තා තිබිය යුතුය. ඒ සියළු තොරතුරු හැඳුනුම් පතක්, අවසර පත්‍රයක්, කේත අංකයක් වැනි ක්‍රම මගින් රජයේ ආයතන වලට පහසුවෙන් සොයාගත හැකි ක්‍රම සැකසිය යුතුය. අනාගත දරු පරපුරට හානිකර වන විදේෂ ටෙලි නාට්ය, බාල ගණයේ ප්‍රචාරක වැඩ සටහන් ආදිය ඉවත් කිරීමට ක්‍රියා කළ යුතුය.

රජය විසින් දරු පරපුර වෙනුවෙන්ම වෙන්වූ විශේෂ නාලිකාවක් ආරම්භ කළ යුතු අතර දරු පරපුර එය වටා ඒකරාශී කළ හැකි නිර්මාණාත්මක වැඩසටහන් විකාශය කළ යුතුය. Discovery, National Geographic, History, Animal Planet වැනි විදේශ අධ්‍යාපනික නාලිකාවල වැඩසටහන්ද විකාශනය කළ යුතුය. විනෝදය පිණිස වන කාටූන්, ළමා චිත්‍රපට ආදියද මෙම නාලිකාව මගින් විකාශය කළ යුතුය. විශේෂයෙන්ම රාත්‍රී 7-10 අතර කාලය මෙමගින් ගුණාත්මක වැඩසටහන් වටා ළමයින් ආකර්ශනය කරගැනීම මගින් ඔවුන් බාල ගණයේ වැඩිහිටි ටෙලිනාට්‍ය, අනුකාරක වැඩසටහන්, මනස විකෘති කරන විදේශ ටෙලිනාට්‍ය වෛරසයන් මගින් ළමා පරපුර ගලවා ගත හැකි වනු ඇත.

රූපවාහිනී නාලිකා ප්‍රමිතිකරණය කළ යුතුය. ප්‍රවෘත්ති වාර්තාකරණය සඳහාද ප්‍රමිති සැකසිය යුතුය. රජය විසින් එම ප්‍රමිති වල ගුණාත්මක භාවය තහවුරු කළ යුතුය. එවිට නාලිකාවලට තරඟකාරිත්වයට මුහුණ දීමය ප්‍රමිති සහතිකය ගැනීමට සිදුවනු ඇත. පක්ෂග්‍රාහී නොවන පරිදි තීරණය ජනතාවට භාරදී වාර්තාකරණය පමණක් සිදුවන පරිදි (We report, You decide) ඒවා සකස් විය යුතුය.ගුණාත්මක හා හරයාත්මක වැඩසටහන් වලට ඇගයීම් වැඩ පිළිවෙලක් රජය මගින් සැකසිය යුතුය.
72
1/21/2016 23:32:18Lasanthaඅවුරුදු 34-39 අතරEngineerIt is timely to introduce minimum qualifications for MPs.
73
1/21/2016 23:45:53Dinusha අවුරුදු 34-39 අතරEngineer Negambo
රටක සියලුම පක්ෂ එකතු වී රටකට ජාතික ආර්ථික සංවර්ධන ප්‍රතිපත්තියක් අවුරැදු තිහකට සකස් කල යුතු අතර එය ජනමත විචාරණයක තුනෙන දෙකකින් සම්මත වූ පසු මොනයම් ආණ්ඩුවක් ආවත් එය වෙනස් කිරීමට තුනෙන් දෙකම ජනමතයක් අවැසි බවට ව්‍යවස්ථා ගතකල යුතුයි.
74
1/21/2016 23:47:21එස් ඩී සී පාලිත. අවුරුදු 46-51 අතර
ගුවන් යානා ඉOජිනේරු ශිල්පි
වෑකඩ-දෙල්වගුර
ලාංකීය පුරවැසි ඕනෑම අයකුට එක් දරුවකු සඳහා රජයෙන් අවසර පත්‍රයක් නිකුත් කිරීම.
මෙය විය යුත්තේ සෑම පුරවැසියකුටම අවසර පත්‍ර භාග දෙකක් වශයෙනි. උදාහරණයක් ලෙසින් ගත් කල යම් කිසි පුරුෂයකුට හිමිවන අවසර පත්‍ර භාග වලින් දරුවකු සැදීමටනම් තවත් කාන්තාවකගේ අවසර පත්‍රවලින් භාගයක් එකතු විය යුතුය. එසේ ගත් කල ඕනෑම අයකුට දායක විය හැක්කේ දරුවන් දෙදෙනකු සෑදීමට පමණකි. විවාහයන් කීයක් කරගත්තද තමාට හිමි අවසර පත්‍ර අවසන්ව ඇත්නම් ඔහුට හෝ ඇයට තවත් දරු උපතක් සඳහා දායක විය නොහැකිය.
මෙම අවසර පත් තම තමාගේ කැමැත්ත මත අන් සතු කල හැකි විය යුතුය. නමුත් එසේ කිරීමේදී තමාගේ ජන වර්ගයට (සිංහල/දෙමළ/මුස්ලිම්/බර්ගර් ආදී වශයෙන්) අයත් අයකු හට මිස අන් ජන වර්ගයක අයකුට එකී අවසර පත්‍ර පවරා දිය නොහැකි විය යුතුය.
මේ හරහා ලංකාවේ ජන වර්ග අනුපාත දැනට ඇති පරිදිම රැක ගැනීමට අවස්ථාව උදාවන අතර... වඳ භාවය නිසා හෝ වෙනත් සෞඛ්‍ය හේතුවක් මත හෝ.. ආර්ථීක අපහසුකම් මත හෝ.. විවහා නොවී සිටීමට හා දරුවන් සෑදීමට ඇති අකමැත්ත මත හෝ යම් අයකු සතු අවසර පත්‍ර අහෝසී වී යාම අවම වෙයි

මහජන චOදයෙන් තෝරා ගන්නා නියෝජිතයන් ජනතා අභිලාශයන්ට පටහැනිව හැසිරෙන විටදී වසරක් ඇතුලත ඔවුන්ව ආපසු බලයෙන් පහකිරීමේ අය්තිය මැතිවරන කොට්ඨාශයේ ජනතාවට විධිමත්ව ලබාදීම
75
1/21/2016 23:50:24ගුණරත්නඅවුරුදු 34-39 අතරMarketing Specialistප්‍රදේශය, ජාතිය, අාගම, වෘත්තිය, බලය මත පදනම් වුනු අංග විකල නීතිය, සියලු මිනිසුන්ට එක හා සමාන වුණු සාධාරණ, විනිවිදබාවයෙන් යුක්ත මානුෂික නීතියක් ලෙස වෙනස් විය යුතුයි.
76
1/21/2016 23:52:34අශේන් වීරසිංහඅවුරුදු 16-21 අතරඋසස් පෙල ශිෂ්‍ය
"ඒකීය ශ්‍රී ලංකාව දිගටම පවත්වාගෙන යායුතුයි.
ෆෙඩරල්වාදයට හිස එසවීමට නොදිය යුතුයි.
13වන සංශෝධනය අහෝසි කල යුතුයි
බුදුදහමට වර්තමාන ව්‍යවස්ථාවෙන් ඇති ප්‍රමුඛතාව එලෙසම පැවතිය යුතුයි."
77
1/22/2016 0:17:00දර්ශන වික්‍රමරත්නඅවුරුදු 22-27 අතරයාන්ත්‍රික ඉංජිනේරු
රාජ්‍ය අංශය ශක්තිමත් හා පුළුල් කළ යුතුය. රාජ්‍ය අංශය යනු පොදු මහජනතාවගේ නියෝජනයයි. එය සමස්ත ජනතාව නියෝජනය කරන බැවින් රටේ සියළු වැදගත් අංශ සඳහා රාජ්‍ය අංශය දියුණු හා සංවර්ධනය කළ යුතුය. රාජ්‍ය අංශය තුළ ඇති ප්‍රධාන ගැටළු වන්නේ අකාර්යක්ෂමතාව සහ අක්‍රමිකතාය. ඒවා වැළැක්වීමට නීති සැකසිය යුතුය. රාජ්‍ය අංශය ලාබ ලබන ආයතන බවට පත්කළ යුතු අතර එසේ කිරීමට උරදෙන නිලධාරීන් ඇගයීමට ලක්කළ යුතුය.රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතා මැනීමේ (Efficiency Evaluation) ක්‍රමවේද සැකසිය යුතුය. රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීම තුලින් ලබන ලාභයෙන් කොටසක් එසේ කිරීමට දායක වන රජයේ නිලධාරීන්ට දීමනා ලෙස ලබා දිය යුතුය. එවිට ඔවුන් දිරිමත් වනු ඇත.

සෑම රැකියාවකටම සමාජ වටිනාකම ලබාදිය යුතුය. රැකියා අනුව උසස් පහත් භේදය ඇති නොවිය යුතුය. තමාගෙන් රටට වන සේවය පිළිඹඳ ආත්මාභිමානයක් මිනිසුන් තුළ ඇතිවන පරිදි ආකල්ප දියුණු කළ යුතුය. සෑම රැකියාවකටම ගෞරවාන්විත තනතුරු නාම ලබාදිය යුතු අතර ඒවාට ආවේණික ගුණාත්මක ලක්ෂණ ප්‍රමිතිකරණය කළ යුතුය. එවිට සේවාදායකයා තමන්ගේ රැකියාවේ ගුණාත්මක බව වැඩිකරගෙන එමගින් තම වෘත්තිය පිළිඹඳ අභිමානයක් ඇතිකරනු ඇත. එය බොහෝ මිනිසුන් පෙළෙන පන්ති භේදයේ එක් අසහනකාරී පැතිකඩකින් මිදීමට හේතු වනු ඇත.

පොදු (රාජ්‍ය හා පෞද්ගලික.) ප්‍රවාහන සේවය ඉතා දියුණු කළ යුතුය. පවුල් වශයෙන් තනි තනිව බොහෝ වාහන රටෙහි පැවතීම දියුණුවේ ලක්ෂණයක් නොවේ. ප්‍රවාහන පද්ධතිය දියුණු යැයි හඳුන්වන්නේ වැඩි පිරිසක් පොදු වාහන වල ගමන් කරන විටයි. ඒ සඳහා පොදු ප්‍රවාහන සේවාව පහසුකම් සහිත ගුණාත්මක සේවාවක් විය යුතුය. මිනිසුන් අසීරුවෙන් වුවද තනි වාහන ගැනීමට පෙළඹෙන්නේ පොදු ප්‍රවාහන සේවයේ ගමන් කිරීම දුෂ්කර වී ඇති නිසයි. තනි වාහන වැඩි වන විට තදබදයද වැඩි වනු ඇත. එනිසා තනි වාහන අවම කර පොදු ප්‍රවාහන සේවය ගුණාත්මක කර මහජනතාව දැනුවත් කර ඔවුන් එයට හුටු කළ යුතුය. එසේම මහාමාර්ගය භාවිත කිරන ප්‍රමාණය අනුව අය කිරීම තීරණය විය යුතුය. එක් පුද්ගලයෙකු වෙනුවෙන් මහාමාර්ගයෙන් වෙන් වන ඉඩ ප්‍රමාණය සළකා බස් ගාස්තුව තීරණය විය යුතුය. තනි වාහන සඳහාද මාර්ගයේ භාවිත කරන ඉඩ ප්‍රමාණය අනුව බදු අය කිරීමක් කළ යුතුය. එවිට විශාල වාහනයක තනි පුද්ගලයෙකු යාම වැනි නිකරුණේ මාර්ගයේ ඉඩ නාස්ති කිරීම සිදු නොවනු ඇති. තදබදයද අඩු වනු ඇති.

ලංකාව තුළ පවතින භාණ්ඩ හා සේවා නිසි විශ්ලේෂණය කිරීමකට ලක්කර ඒවා සඳහා නිශ්චිත මිලක් නියම කිරීමේ ක්‍රමවේද සැකසිය යුතුය. මිල නියම කිරීම සඳහා අදාල වන කරුණු සැළකිල්ලට ගෙන මිල සූත්‍රයක් සැකසිය යුතුය. කාලානුරූපව මිල මට්ටම් යාවත්කාලීන කිරීම සඳහාද නීති සැකසිය යුතුය. මෙම කාර්ය මනා විනිවිද භාවයකින් හා සාධාරණව කළ යුතුය. එම සම්මත මිල මට්ටම් උල්ලංඝණය වන විට ගැනීමටද නීති සැකසිය යුතුය. ලංකාව තුළ ක්‍රියත්මක සේවා සඳහාද මිල ගණන් නියම කළ යුතු අතර බලපත්‍ර (License) ලබාදිය යුතුය. උදාහරණයක් ලෙස වෛද්‍යවරයෙකු එක් රෝගියෙකු පරීක්ෂා කර අය කළ යුතු මුදල සඳහා සුදුසුකම් අනුව මිල මට්ටම් නියම කළ යුතුය.තවත් උදාහරණයක් ලෙස උපකාරක පන්ති ගුරුවරුන්ට සුදුසුකම් පරික්ශා කර බලපත්‍ර පත්‍ර දිය යුතු අතර විශය හා ශ්‍රේණිය අනුව මිල ගණන් නියම කළ යුතුය.

ශබ්ධ දූෂණය අවම කිරීමට නීති සැකසිය යුතු අතර විශේෂ අවස්ථා සඳහා අවසර පත්‍ර ලබාගැනීම අනිවාර්ය කළ යුතුය. ශබ්ධ විකාශන යන්ත්‍ර භාවිතයේදී උපරිම ශබ්ධ තීව්‍රතා මට්ටම් හඳුන්වා දිය යුතුය.
78
1/22/2016 0:24:10ශාන්තඅවුරුදු 28-33 අතරවරලත් ඉංජිනේරුවිදේශ රටවල් වලින් නීත්‍යානුකූල ලෙස මුදල් ලබාගැනීමට ක්‍රමවේදයක් සකස් කරන්න.
දැනට එවැන්නක් නොමැති බැවින් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් රටට අහිමි වී යයි.
79
1/22/2016 0:35:44අසංක හෙන්දහේවාඅවුරුදු 22-27 අතරඋපාධි අපේක්ෂකබළපිටිය
1.) රාජ්‍ය පාලනයට ආගම පහුගිය කාලයේදි කුමන කාර්යභාරයක් ඉටු කලත් ඉදිරියට යන ලෝකයේ ආගම යනු රාජ්‍ය පාලනයට ලංකර ගත නොයුතු සාධකයක්බව පෙනේ.එක් එක් ආගමට වෙන වෙනම අමාත්‍යාංශ යෙදීම සහ ආගමක් රැකීමට ව්‍යවස්තාවෙන් පොරොන්දු දීම ඉවත් කර, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ලෙස එක් අමාත්‍යාංශයක් පිහිටුවීම

2.) පවතින ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් බවට පත්කරනවා යන්න වසර 10ක් දක්වා ඇසුනත් තවමත් ශිෂ්‍ය කේන්ද්‍රීය මට්ටමට ලංවී නොමැති නිසා ඒ වෙනුවෙන් නව ක්‍රියාමාර්ගයක්, සම්පූර්ණ අධ්‍යාපන ක්‍රමවේදයම අලුත් කිරිමක් අවශ්‍යය

3.) විදේශිකයන්ට ලංකාවේ ඉඩම් මිලදී ගැනීමට දීමේ නීතිරිති ස්වදේශිකයන්ට වාසි වෙන ලෙස සැකසිය යුතුය

4.) ලිංගිකත්වයට,ලිංගික අධ්‍යාපනයට ඇති යල් පැන ගිය බාධක සීමාවක් ඇතුව(Civilized) නැවත සකස් කල යුතුය

5.) රෝම ලන්දේසි නීතිය,කන්ද උඩරට නීතිය, ශරීයා නීතිය වශයෙන් නීති රීති ගොඩක් වෙනුවට, කුමන ජන කොට්ඨාශයක් වුවත්, කුමන ආගමක වුවත් සියල්ලන්ටම පොදුවේ බලපාන නීති ගෙන ආ යුතුය

6.) බුර්කාව ආරක්ෂාවට තර්ජනයක් වන හෙයින් තහනම් කල යුතුය
80
1/22/2016 3:05:36Mrs Jessi Mullerඅවුරුදු 46-51 අතරCompany DirectorKotte
Free education should be given up to G.C.E A/L only. any student who will be selected to government university's upon completing there degree and after receiving there job,compulsory to work for the country at least 2 years.also pay back the government to educate another student. in this manner university student will focus on there education more. I believe nothing is truly free there for its value needs to be appreciated some way or another.
Buddhist monk must be educated in there own pirivena not with lay student.
81
1/22/2016 5:12:28
Tharindu Nadun Abeywickrama
අවුරුදු 22-27 අතර
Law student of Sri Lanka Law College
HIV ASADANA AIDS ROGAYA ATHIBHAYANAKAI. NAMUTH SATYA WASHAYENMA EYA BHAYANAKA NETHA. MANDAYATH NIWARADI PRATHIKARA LABAGANNAWA NAM EYA SARTHAKA LESA JAYAGATHA HEKIYA. EWANNAN APA SRI LANKAWE SITI.
NAMUTH GETALUWA WANNE OWUN SAMAJAYA WISIN KON KIREEMAI. MEYA AMAANUSHIKAI. KUMANA HO WERADDAK NISA EMA THATHWAYATA PATHWA ETHA. MEYA MANAWA AITHIWASIKAMAKI. EWAGEMA MULIKA AITHIWASIKAMAK HETIYATA MAMA SALAKANAWA.
EMA NISA EWANI ASADITHAYEKUTA KISIYAM KENEK WACHANAYAKIN HO APAHASA KARANAWA NAM EMA ASADITHAYATA E WENUWEN ONEMA KENEKUTA EREHIWA MULIKA AITHIWASIKAM SAMBANDAYEN NADUWAK GONU KOTA WANDI LABA GANEEME KRAMAWEDAYAK MAMA YOJANA KARAMI.
THAWADA ANDUKRAMA VYAWASTHAWE 3WANA PARICHCHEDAYE EHI MULIKA AITHIWASIKAM WALATA MEMA KARANAYA EKKOTA SANSHODANAYA KARANA LESA MAMA KARUNIKAWA ILLA SITIMI.
STHUTHI.
82
1/22/2016 16:04:23amarasingheඅවුරුදු 28-33 අතරgovernment officercolombo
i propose to form a commission with fullest authority to correct social errors. for an example, if a student suicide himself because teacher has seen love letter and asked parents to meet. the student got scared and found ultimate solution is to suicide. in these cases, there should be a authority or a commission guide connected parties not to happen it again.
the authority can give some guidelines to teachers how to handle such sensitive things. for a another example if an accident is happened, the commission should examine the place and rectify it never happen again. recently a woman was killed by a high speedy excavator was driving on road. in such instances, the authority could interfere and declare some guidelines to all heavy vehicles to how to drive in common roads and what is the speed. the commission should investigate into deep root causes and analyse facts.
83
1/22/2016 16:26:29Shantha Pereraඅවුරුදු 40-45 අතරEngineerJa-Ela
1. Reduce the number of ministers in the cabinet
2. More powers to Provincial Councils.
3. Health, Education and most of infrastructure (Except National Expressways/Motorways) should be the responsibility of Provincial Councils.
4. Security (Police and armed forces) should always be the responsibility of Central government.
5. Abolish presidency
6. Prime minister and the cabinet should run the country
7. No body is immune from the law of the country
8. Anyone is free to have any belief (religion) as long as it does not violate the common law of the country
9. Every human is equal.
10. It should be illegal to give merit to Sri Lankan citizens based on an individual's age, sexuality, race or religion. Particularly for jobs. Jobs shouldn't be advertised using any of this criteria eg. for a certain age group, Male/Female, Sinhalese/Tamil/Muslim etc
84
1/22/2016 17:32:26සුභාෂ් බණ්ඩාර ධනසේකර.අවුරුදු 22-27 අතරශිෂ්‍ය.
අංක 123, කරමඩ, ගෙලිඔය.
ව්‍යවස්ථාව මගින් ජනතා නියෝජිතයින් පත් කරගැනීම/ පත් වීම පිලිබඳ සාකච්ජා විය යුතු අතර, මහජන ජන්දයෙන් තේරී පත්වන්නන් හැර කිසිවෙකු හට පාර්ලිමේන්තුව සහ/හෝ වෙනත් කිසිම ආයතනයක් නියෝජනය කිරීමට ඇති බලතල අහෝසි විය යුතුය. ඕනෑම තනතුරකට ජන්දය ඉල්ලීම සඳහා උපාධිය අනිවාර්ය සුදුසුකමක් බවට පත් කල යුතු අතර, එය පිළිගත් රජයේ විශ්වවිද්‍යාලයකින් ප්‍රධානය කෙරුණක් විය යුතුය. ජාතික ලැයිස්තුවෙන් පත් විය හැකි විය යුත්තේ මහජන ජන්දයෙන් ඉහලම මනාප දිනා, පාර්ලිමේන්තුව ඉතා ආසන්නයෙන් අහිමි වූ අයට පමණි.
දේශපාලනයේ යෙදී සිටින්නවුන්ට වෙන ව්‍යාපාර කිරීම සපුරා තහනම් විය යුතුය. ඔවුන්ගේ දීමනා සහ වැටුප් අඩු කල යුතු අතර, ඔවුන් සිය මුදලින් වැඩ කිසිවක් නොකරන බැවින්, ප්‍රතිපාදන සැපයීම අදාළ ආයතන වලට පමණක් සිදු විය යුතුය.
විධායක ජනාධිපති ධූරය අහෝසි විය යුතු අතර, විධායක අගමැති යන නමින් ධූරයක් ඇති වීම නොවිය යුතුය. මන්ත්‍රීවරු 60 කට ආසන්න (පක්ෂ විපක්ෂ) ගණනකින් යුතු පාර්ලිමේන්තුවක් තිබීම සෑහෙන අතර, නියෝජ්‍ය ඇමති ධූරය පමණක් තිබීම සෑහේ. එකම විෂයයට අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍ය යනුවෙන් ධූර තුනක් අවශ්‍ය නැත.
රටේ සියලු සංස්ථා සහ ආයතන අදාළ කොමිෂන් සභා මගින් පාලනය විය යුතු අතර, ඒවාට කිසිඳු බලපෑමක් කිරීමට කිසිම දේශපාලනඥයකු හට කිසිම බලතලයක් හිමි නොවිය යුතුය.
බහු පාක්ෂික ක්‍රමය වෙනුවට ද්වී පාක්ෂික (හෝ ත්‍රී පාක්ෂික ක්‍රමයක්) ඇති කල යුතුය.
දුම්රිය සේවය සහ ලංගම සේවය එක් කොට, වෙනම අමාත්‍යාංශයක් කල යුතුය. ලංගම ප්‍රවාහන අමාත්යංශය යටතේම තබා දුම්රිය සඳහා වෙනම අමාත්‍යාංශයක් ඇති කිරීමද හොඳය.
පොලිස් සේවයේ බලතල සහ ක්‍රියාකාරීත්වය නැවත විමසා බැලිය යුතුය.
පළාත් සභා, ප්‍රාදේශීය සභා ආදී වශයෙන් ඇති සියයක් හෝ හමාරක් පමණ වන ආයතන විසිරුවා හැර, කාර්යක්ෂම, එහෙත් වැඩි පතිරුමක් සහිත ආයතන පද්ධතියක් ගොඩ නැගිය යුතුය.
85
1/22/2016 19:01:11Jessi Mullerඅවුරුදු 46-51 අතරCompany Director kotte
Police department, there policy must change to fit in to the current time. should be people friendly department. any person newly joining the police force (department) any rank must go through psychological test.it should be compulsory every two years, for all the officers in the police department.
86
1/22/2016 20:14:14Ratnayakeඅවුරුදු 40-45 අතරAccountantNo need new constitutions
87
1/22/2016 21:23:47Upul wedamulla අවුරුදු 46-51 අතර
CEO, Apparel Industry, in Bangladesh.
Devinuwara
1. Buddhism should be the leading religion in Sri Lanka.
2. Sinhala should be the major race.
3. Parliamentary candidates must be passed GCE A/L 4 subjects.
4. Cabinet ministers should be graduates.
88
1/22/2016 23:48:42achiraඅවුරුදු 40-45 අතරbusiness man
කිසිම විදියක ෆෙඩරල් හො ඊට ආසන්න විසදුම් අවශ්ය නෑත, බුදුදහමට මුලිකත්වය තිබිය යුතුයි, දෑනටත් මෙහෙමවත් ඉන්නෙ බුදු දහම මූලික වෙලා නිසා.

ඈත්තටම දෑන් රටට අවශ්ය අලුත් වියවස්තා නොව. රටෙ තිබුනු ප්‍රශ්නය "කොටි", එක විසදුව. පිට රටවලට ඔන වියවස්තා මෙ රටට ඔන නෑත..
89
1/23/2016 0:45:39nadun weerasingheඅවුරුදු 34-39 අතරLaboratory technician
nadunweerasinghe@gmail.com
ගරු මැතිතුමනි ,,
නව මැතිවරණ සංසෝදන යෝජනා සම්බන්දව
අපේ රටේ දැනට පාර්ලිමේන්තු මැතිවරණය හා ජනපතිවරනය වාර දෙකකදී පැවැත්වීම වෙනුවට එක මැතිවරණයක් තුලින් රටට ඔබින
අගමැතිවරයෙක්, ජනාදිපතිවරයෙක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්කර ගැනීමේ ක්‍රමයක් දැනට සකස්කරගෙන යන නව මැතිවරණ
සංසෝදන සදහා පාර්ලිමේන්තුවටත් වත්මන් ජනාදිපතිතුමාටත් ,අගමැතිතුමාටත් ,පාර්ලිමේන්තුවටත් යෝජනා කරනමෙන් ඉල්ලා සිටීමට
ඔබතුමා දායකවනමෙන් රටට ආදරේ කරන පුරවැසියෙක් වසයෙන් ඉල්ලා සිටීමට අදහස් කලෙමි . නව ව්‍යවස්ථා සංසෝදනය තුලින්
පාර්ලිමේන්තු කාල සීමාවත් ,ජනාදිපතිවරයාගේ කාල සීමාවත් වසර 5 කට සීමාවීම නිසා ගැටළුවක් මතු නොවනු ඇති අතර,ඉදිරියට
පත්වන ජනාදිපතිවරයා විදායක බලතල නොමැති ජනපතිවරයෙක්වීමද සැලකිල්ලට ගත හැක.
1. පාර්ලිමේන්තු මැතිවරණයකදී පාර්ලිමේන්තුවේ කැමැත්ත මත ජයග්‍රාහි පක්ෂයෙන් යෝජනාකරනලද අගමැතිවරයා හා ජනාදිපතිවරයා පත්කර ගැනීම හෝ
2. එකම මැතිවරණයකදී ජනදිපතිවරයා හා පාර්ලිමෙන්තුමන්ත්රිවරුන් තොරාපත්කරගැනීමට චන්ද පත්‍රිකා 2 ක් හෝ ඒ සදහා සුදුසු
ක්‍රමයක් බාවිතා කිරීම.
මෙවැනි නව මැතිවරණ ක්‍රමයක් තුලින්
A .රටේ මහජන මුදල් නාස්තිවීම වැළකීම
B .මැතිවරණ කාලසීමාවන් තුල සිදුවන දුසන,මිනීමැරුම්,අපරාද,අල්ලස් හා රටේ අසමගිය අවමවීම
C .රටේ පවතින බහුතර මහජන මතයට සුදුසු ජනපතිවරයෙක් හා අගමැතිවරයෙක් එකවර පත්කරගැනීම
D .දේසපාලන පක්සවලට එකම නායකයන් නැවත නැවතත් අගමැති හා ජනාදිපති මැතිවරණ සදහා ඉදිරිපත්වීමට අවස්තාව උදා නොවී සුදුසු දෙවනිපෙල
නායකයෙක් බිහිකර ගැනීමට අවස්ථාව උදාවන අතර පක්සතුල ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවීම.
ආදී යහපත් වාසි ගොඩක් රටට අත්පත්කරගත හැකි වන බව මාගේ විස්වාසයි.
ස්තුති
nadun weerasinghe
nadunweerasinghe @gmail .com
90
1/25/2016 17:24:10Yohan Fernandoඅවුරුදු 22-27 අතරප්‍රමාණ සමික්ෂක
Polgaha Udumulla,Eladuwa,Payagala
ශ්‍රී ලංකීය ජාතියක් නිර්මාණය කරගැනීමට දීර්ග කාලීන වැඩපිළිවලක් ලෙසත් අද්යාපනයට යොදවන ජනතා බදුමුදල අවබහවිතා වීමත් වලක්වනු සදහා ජාතීන් අනුව වර්ග වන පාසල් ක්‍රමය වසර 6කින් පමණ නවතා දැමිය හැකිනම් අන්යෝන්ය සංස්කෘතීන් හොදින් මිශ්‍රවුනු ජාතින් අතර මනා අවබෝදයක් සහිත නව පරපුරක් නිර්මාණය කරගත හැකිවෙනු ඇත.ඒ තුල සංහිදියාව බලහත්කාරයෙන් නොව නිසි අයුරින් වර්දනය වනු ඇත.

සුවදීන අපේක්ෂකයන්ට කොට්ටාශ ක්‍රමය වෙනුවට අවැසිනම් මනාප ක්‍රමය යටතේ පළාත් පාලන හා පලත්සබහ සදහා තරග කිරීමේ හැකියාව ලබා දිය යුතු අතර මැතිවරණයෙන් පසු දේශපාලන පක්ෂයකට එකතු වීම තහනම් විය යුතුයි.

පුද්ගලික අංශයේ සේවකයන්ගේ මානව හා වුර්තිමය අයිතිවාසිකම් වෙනුවෙන් කම්කරු අමාතයංශය හා වුර්ථීය සමිති නියෝජිතයන්ගෙන් සැදුම් ලත් යම් බලතල සහිත පාර්ලිමේන්තුවට අගකියන ආයතනයක් ස්ථාපිත වේනම් මැනවි.

කැබිනට් හා කැබිනට් නොවන අමාත්‍ය ගණන නිශ්චිත ලෙස වියවස්තා ගත විය යුතු අතර 5/6 ක බහුතරයකින් පමණක් සංශෝදන ඉදිරිපත් විය යුතුය.

පක්ෂ දේශ පාලනය යනු ප්‍රතිපත්තිමය මිසක අවස්ථාවාදී ක්‍රමයක් නොවිය යුතු නිසා පක්ෂ මාරු කිරීම සම්බන්දයෙන් වඩා පුලුල් සාකච්චාවකින් පසු ස්ථිර සාර ක්‍රමයක් යෝජනා විය යුතු අතර එවන් මරුවකදී සැම විටකම පහේ ජනවරම අවබහවිතා වන බවට වන තැන සිට ඒ දිහා බැලිය යුතුය.

මේවා සහ තව කරුණු සම්බන්දයෙන් දීර්ග ලෙස කරුණු දැක්වීම සදහා කොමිසම හමුවේ අවස්ථාවක් දිය හැකිනම් යෙහෙ

91
1/27/2016 10:36:43S G Sujani Anuradhaඅවුරුදු 28-33 අතරShipping Co-ordinator
වනාන්තර හා සතුන් සුරැකීමට ඇති නීති වැඩි කල යුතුයි ඒවා කඩ කරන්නන්ට දඩුවම් වැඩි කල යුතුයි....බෞද්ධ භික්ශූන්ට අදාල කතිකාවත ස්තීර කර ගත යුතුයි...ලමා හා කාන්තා හින්සනයට ඇති නීති වැඩි කල යුතුයි ඒවා කඩ කරන්නන්ට දඩුවම් වැඩි කල යුතුයි
92
1/27/2016 12:28:35
හිරාන් කෝසල නානායක්කාර
අවුරුදු 28-33 අතරකළමණාකරු
පුරාණ හෙළ කර්මාන්ත (කෘෂි, වාරි, ශිලා, ලෝහ, අහස් යාත්‍රා වැනි මෙකී නොකී සියලුම කර්මාන්ත),
හෙළ වෙදකම, හෙළයේ දියුණු අහාර රටාවන්, හෙළයේ දියුණු ගනුදෙනු ක්‍රම වැනි මෙකී නොකී
පුරාණ හෙළයේ විශ්වකර්ම ගැන දියුණු තාක්ෂණ සහ ක්ෂේත්‍ර ක්‍රමවේදයන් භාවිතා කරමින්
නැවතත් නිසි අධ්‍යයනයක් කර එම විශ්වකර්මයන් වර්තමානයට සහ අනාගතයට ඒ අයුරින්ම
යොදා ගත හැකි ක්‍රමවත් ක්‍රියාවලියක් ඇති කල හැකි නව අමාත්‍යංශයක් ආරම්භ කිරීම.
භික්ෂූන් වහන්සේ, හෙළ වෙදවරු, පුරාවිද්‍යාඥයන් වැනි කොටස් හඳුනාගෙන ඒ අමාත්‍යංශය යටතේ
විවිධ වූ දෙපාර්තමේන්තු ඇති කර නිසි කළමනාකරණයක් තුළින් නිශ්චිත අරමුණ වෙත ළඟා වීම.
93
1/28/2016 14:10:31සෝමින්ද දින්නාගඅවුරුදු 28-33 අතරකළමණාකරණ සහකාරමතුගම
1.ලංකාවේ ප්‍රධාන ක්ෂේත්‍ර සදහා ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම. උදා. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන, මූල්‍ය ආදී ක්ෂේත්‍ර සදහා වෙන වෙනම ජාතික ප්‍රතිපත්ති සකස් කරන්න.පක්ෂ වල න්‍යායපත්‍ර නොව රටට ගැලපෙන ජාතික ප්‍රතිපත්ති විය යුතුය. දියුණුවට පත් වූ සිංගප්පූරුවේ මෙය ක්‍රියාත්මක වේ.
2.දැනට ලංකාවේ පවතින නීති වල අඩුපාඩු සකස් කර එම නීති සෑමදෙනාටම සමානාත්මතාවයෙන් ක්‍රියාත්මක කිරීම සදහා ක්‍රමවේදයක් සකස් කරන්න.
3.රාජ්‍ය සේවයෙන් උපරිම කාර්යක්ෂමතාවය ලබා ගැනීම සදහා වැඩ ඒකක ඇගයීම මත ගෙවීමක් සිදු කල හැකි ක්‍රමවේදයක් සකස් කරන්න.
4.ලංකාවේ අපනයනය කරන දේවල් නියාමනයකට ලක්කර අමුද්‍රව්‍ය වශයෙන් අපනයනය කිරීම සීමා කර නිශ්පාදන සිදුකර අගය එකතු කිරීම මගින් වැඩි විදේශ විනිමයක් ලබා ගත හැකි ක්‍රමවේදයක් සකස් කරන්න. උදා. වශයෙන් දැනට තේ අපනයනයෙන් 98% ක ප්‍රමාණයක් අපනයනය කරන්නේ තේ තොග වශයෙනි. අගය එකතු කර අපනයනය කරන්නේ 2% වැනි ඉතා සුළු ප්‍රමාණයකි.එය 10% ක් දක්වා වැඩි කිරීමට ක්‍රමවේදයක් සකස් කරන්න.
94
1/28/2016 22:35:47යසිරැ ද සොයිසාඅවුරුදු 22-27 අතරනීති ශිෂ්‍යජාතීක ගීය භාෂා දෙකකින් ගයන්න හො ලිඛිතව භාවිතා කරන්න එපා. ඒ වෙනුවට මුළු ලංකාවෙම ප්‍රදේශ හා සංස්කෘතීන් සංකේතවත් කරමින් අළුත් ජාතික ගීයක් නිර්මාණය කරන්න.
95
1/28/2016 22:46:20Swadesh Randikaඅවුරුදු 22-27 අතරLegal Assistant
බුදු දහමට ඇති ප්‍රමුඛත්වය ආරක්ෂා විය යුතුය, බුදු දහමට අපහාස වන අයුරින් කවර රජයක් පුද්ගලයෙක් හො ආයතනයක් කටයුතු කරයි නම් එය ශ්‍රී ලංකා ජන රජයට විරුද්ධව කටයුතු කිරිමක් ලෙස සලකා රජය ක්‍රියා කල යුතුය. ජානාධිපතිවරයා හො කිසියම් දේශපාලඥයෙක් හො වෙනත් වෘතිකයෙක් බුදු දහම අපහස වන අයුරින් කථාකිරිම, විහිලුවට ලක් කිරිමට එරෙහිව මුලික අයිතිවාසිකම් උල්ලංඝනයක් ලෙසින් කටයුතු කිරිමට අවශ්‍ය ප්‍රතිපාදන සැකසිය යුතුය.
96
1/28/2016 23:28:14
අරුණළු සදාහරිත බෝපගේ
අවුරුදු 22-27 අතරනීතිවේදීකඩවත
1. මූලික අයිතිවාසිකම් අතරට ජීවත් වීමේ අයිතිය (Right to Life) හා ඒ සඳහා සහය අයිතිය (Right to Support) ව්‍යවස්ථාවෙන්ම ලැබෙන පරිදි 2000 වසරේදී සම්පාදිත ව්‍යවස්ථා කෙටුම්පතේ මූලික අයිතිවාසි පිළිබඳ යොදා තිබෙන අයිතීන් ඇතුලත් කිරීමට යෝජනා කරමි.

2. රටේ පවතින විවිද නීතික්‍රම වෙනුවට එක් නීති ක්‍රමයක් සකස්කොට සියලු ජාතීන් ආගම් එක් නීතියකින් පාලනය වන ක්‍රමයක් යෝජනා කරමි.
උදාහරණ - තේසවලාමේ, උඩරට ඇතුලු පුද්ගල නීති වෙනුවට පොදු නීතියක්.
ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්වන territorial laws ඉවත් කිරීමට යෝජනා කරමි.

3. විධායක ජනාධිපති ක්‍රමයේ ඇති අත්තනෝමතික බලතල ඉවත් කොට විධායකය වඩාත් ඵලදායී ලෙස සංශෝධනය කිරීමට යෝජනා කරමි.

4. කැබිනට් අමාත්‍යධූර 35ක් දක්වාද නියෝජ්‍ය අමාත්‍යධූර 40ක් දක්වාද සීමා කිරීම. රාජ්‍ය අමාත්‍යධූර අහෝසි කිරීමටද යෝජනා කරමි.

5. මැතිවරණ ක්‍රමය සමානුපාතික ක්‍රමය තුළ මනාප ක්‍රමයෙන් පත්වන සංඛ්‍යාව අඩුකොට දිස්ත්‍රික් ලැයිස්තුවකින් පත් වන ප්‍රමාණයක් සහිතව ඉදිරිපත් කිරීමට යෝජනා කරමි.

6. මැතිවරණ කොට්ඨාස නිර්ණය කිරීමේදී ජාති ආගම් වලට විශේෂ වාසියක් නොවන අයුරින් බෙදීමට යෝජනා කරමි.

7. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා ප්‍රාදේශීය සභා වලට පත් වන සමාජිකයින්ගේ අධ්‍යාපන මට්ටම නිර්ණය කළ යුතු අතර අවම වශයෙන් පාර්ලිමේන්තුවට පත්වීමට උපාධියක් ලබා තිබීම අනිවාර්ය කළ යුතුය. (වර්තමානයේ බොහෝ දෙනාට උපාධී ඇත)

8. පළාත් සභා ක්‍රමය අහෝසි කර පළාත් පාලන ආයතන වල බලය වැඩි කිරීමටද යෝජනා කරමි.

9. රාජ්‍ය සංස්ථා මණ්ඩල ආදියට පත් කිරීම පිළිබඳවද නව පරිච්ඡේදයක් ඇතුලත් කොට ආයතන ප්‍රධානීන් වීමේ අවම සුදුසුකමක් ලෙස උපාධියක් ලබා තිබීම අනිවාර්ය කළ යුතු බවටද යෝජනා කරමි.

10. සියලු ජාතීන්ගේ අගයන් එක් කරමින් ඔවුන්ව නියෝජනය වන පරිදි සිංහල භාෂාවෙන් නව ජාතික ගීයක් නිර්මාණය කිරීමටද යෝජනා කරමි. සිංහල භාෂාව රටේ නිල භාෂාව ලෙස නම්කොට සියලුම පාසල් වල සිංහල භාෂාව අනිවාර්ය කර රැකියාවක් සඳහා එය සමත් වීමද අනිවාර්ය කරන ලෙස යෝජනා කරමි.
97
1/30/2016 16:55:37
S.K.N.D. Bandaranayake
අවුරුදු 28-33 අතරBusiness
No. 412, New Town, Polonnaruwa.
කිසිදු රජයකට මෙතෙක් විසදුමක් දීමට නොහැකි වූ රක්ෂිත (වාරිමාර්ග රක්ෂිත) ඉඩම් ගැටලුව සම්බන්දයෙන් යෝජනා ඉදිරිපත් කරමි

1.1 මෙම ඉඩම් බුක්ති විදින්නන් මේවා දීර්ග කාලයක සිට බුක්තිවිදින බැවින් ඔවුන් මෙම ඉඩම් වලින් ඉවත් කිරීම ප්‍රයෝගික නොවේ. ඒ වෙනුවට මෙම ඉඩම් බදු ක්‍රමයට ලබාදිය හැක. එමගින් එම ඉඩම් උපයෝගී කොටගෙන මෙම ඉඩම් බුක්ති විදින්නන්ටද රටේ ආර්ථිකයට දායක විය හැක

1.2 එමගින් රජයට ලැබෙන අදායම රටේ සංවර්දනයට මෙන්ම ඉතිරි රක්ෂිත ඉඩම් රැක ගැනීම වෙනුවෙන් යෙදවිය හැකිය. උදා:- අලුතෙන් අත්පත් කරගැනීම් කල නොහැකි ලෙස ශක්තිමත් ලෙස රක්ෂිත මායිම් ලකුණු කිරීම.

2.1 ජනතාව බුක්ති විදින රක්ෂිත ඉඩම් සදහා යම් වටිනාකමක් නිර්ණය කර එම වටිනාකම වාරික ලෙස අය කර ගැනීම

2.2 යම් සවර්ධන කටයුත්තකදී එම ඉඩම් නැවත පවරා ගැනීමට අවශ්‍යනම් අයකරගත් මුදල් නැවත ලබා දී ඉඩම පවරා ගැනීම

3.1 සංචාරක කර්මාන්තය සදහා සිදුකරන ඉදිකිරීම් බොහොමයක් වාරිමාර්ග රක්ෂිත වල සිදු කරනු ලබයි. නමුත් එම ඉදිකිරීම් නීති විරෝදී වුවත් දේශපාලන බලය හා දන බලය ඇති මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පමණක් එම ඉදිකිරීම් වලදී ගැටළුවක් ඇති නොවේ. සුළු පරිමාණ ව්‍යපරිකයන්ට මෙම කර්මාන්තයට පිවිසිය හැකි පරිදි මෙම නීතිමය තත්ත්වය සශෝධනය කල යුතු බවට යෝජනා කරමි

3.2 ඒ අනුව එම ඉදිකිරීම් ඇති ඉඩමේ ප්‍රමාණය අනුව විශේෂ ගාස්තුවක් අය කිරීම.

3.3 එම අය කරන මුදල් එම ඉදිකිරිම කර ඇති වාරි කර්මාන්තයේ සවර්ධන කටයුතු සදහා අරමුදලක් ලෙස බාවිත කිරීම
98
1/31/2016 16:55:35පුරවැසි පවුරඅවුරුදු 40-45 අතරදේශපාලනය
පුරවැසි සහභාගීත්ව දේශපාලන ආකෘතිය
* සියළු විධායක බලතල අහෝසි කෙරේ
එක් තනි පුද්ගලයෙකු වටා බලය කේන්ද්‍රගත කෙරෙන විධායක බලය අහෝසි කොට ජනාධිපති හෝ අගමැති මණ්ඩලයක් පත් කෙරේ. එම බල මණ්ඩලයට සියයට 5 කට වඩා ජන පදනමක් හිමිවෙන සියළු පක්ෂවලට නියෝජිතයෙකු පත් කිරීමට අවස්ථාව හිමි වේ . පාර්ලිමේන්තුව තුලදී සම්මත වන අණ පනතක් ක්‍රියාත්මක වීමට නම් මෙම මණ්ඩලයේ බහුතර එකගතාවය අවශ්‍ය වනු ඇත.
* පාර්ලිමේන්තු මංත්‍රී වරුන්ගේ විශ්‍රාම වැටුපේ සිට සියළු විශේෂ වරප්‍රසාද අහෝසි කරනු ලැබේ
* ඇමති මණ්ඩලය ඇමති මණ්ඩලය 15 කට සීමා කෙරේ
*සියළු ඇමති ධූරයන්ද එක් පක්ෂයකට සීමා නොකර සියයට 5 ජන පදනම ඉක්මවන සියළුම පක්ෂ වලට හිමි විය යුතුය .
*යම් ප්‍රදේශයක යම් ප්‍රස්නයක් වන්නේ නම් එම ප්‍රස්නය සදහා විසදුම් වෙනුවෙන් ඕනෑම වේලාවක පුරවැසියන්ට ජන්දයක් කැදවිය හැකිය . එම ජන්දය සදහා අවම වශයෙන් සියයට 5ක ජනපදනමකින් යුතුව ඉල්ලීම් කල යුතුය. උදා; අත්සන් සහිත පෙත්සමක් මගින්
* පරිපාලන යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් නිදහස් කෙරේ. පරිපාලනයේ යම් වැරැද්දක් හෝ අකටයුත්තක් සිදු වන්නේ නම් ඊට මැදිහත් වීම සම්පූර්ණයෙන්ම පුරවැසියා විසින් සිදු කල යුතුය .
* සියල්ලන්ම ( පුරවැසියෝද ඇතුළුව ) ආදායම් වාර්ථාවන් ඉදිරිපත් කල යුතුය .
* පුරවැසි නියෝජිතයින් ඇතුළු සියළුම රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවනුයේ පුරවැසියන්ගේ බදු මුදලින් බැවින් කිසිදු අල්ලසක් දීම හෝ ගැනීම තහනම් කරනු ඇත .
පරිසර පද්ධතිය
පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම රජය විසින් සිදු කරනු ඇත. එය රැකීම සෑම පුරවැසියෙකුගේම යුතුකමකි .
* ඕනෑම පුද්ගලයෙකුට ගස් වැවීම සිදු කල හැකි අතර ගස් කැපීමට අවසර ගත යුතුය .
* සියළුම පරිශර අහිතකර රජයේ හෝ පෞද්ගලික ව්‍යාපෘති වලට එරෙහි වීමට පුරවැසියාට පූර්ණ බලය ඇත. ඒ ඕනෑම ප්‍රස්නයක් වෙනුවෙන් ජන්දයක් කැදවීමට පුරවැසියාට බලය ඇත .

ප්‍රවාහණය
සියළුම දුරස්ථ මගී ප්‍රවාහණ සේවය රාජ්‍ය අංශය යටතේ පවත්වනු ඇති අතර එහිදී දුරස්ථ මගී ප්‍රවහණය උදෙසා බස් රථ වෙනුවට දුම් රිය යොදවනු ඇත . මෙම ව්‍යාපෘතිය උදෙසා අවම වශයෙන් වසර දහයක් වත් ගත වන බැවින් එය ක්‍රියාත්මක වනුයේ ක්‍රමිකවය .
99
2/1/2016 23:05:24Malith pramodya pintoඅවුරුදු 16-21 අතරStudent124/9c
Salli matha minisunge hangeem wikinenawa. Radio ahannet tv balanet kadekin drake gannet ewagema chandaya dennet salli mathai.. anna ede wenas karana puluwanm hodai.. hamotama nithiya gana dana ganna widiyakut hadana. Prathipaththigaruka minissu hadana
100
2/5/2016 16:01:37Santha Fernando
අවුරුදු 52 සහ ඊට වැඩි
Social Worker
National Christian Council of Sri Lanka, No: 368/6, Bauddhaloka Mw, Colombo 07, 011-2671723, cjp@nccsl.org
1. The Right for Safe Labour Migration and welfare of Migrant Workers should be enshrined in the new Constitution of Sri Lanka, for the 1,800,000 Labour Migrants.
2. Ratification of C189 –Domestic Workers Convention (ILO and the subsequent pass of an act to bring in local legislation to make it law in Sri Lanka.
3. The retuning officers should not victimize the Migrant Workers from voting in a local election by striking their names of the Voters list. Also the democratic right to vote at Presidential, General, Provincial and Local Government Elections should be provided in the Sri Lankan embassies and High commissions. Which all other labour sending countries has ensured as an appreciation for the services rendered by their migrant workers decades ago and as a sign of a working democracy.
4. The Commissioner General-Labour, should be directed to accept applications to set up Trade Unions which may be intended to be set up to look after Potential Labour Migrants, Returnee Labour Migrants and their immediate family members welfare. Also there should be a provisions for Migrant group collectives which are registered abroad to register in Sri Lanka which represent Migrant Workers overseas under the auspices of the International Trade Union Confederation (ITUC).
Loading...
 
 
 
Form Responses 1