අශෝක අධිරාජයා
ක්‍රි.පු 273 - ක්‍රි.පු 232….
ප්‍රධාන මාතෘකා
චන්ද්‍රගුප්ත මෞර්ය රජු
බින්දුසාර රජු
අශෝක රජු
මගධ අධිරජයෙන් පසු බිහිවන මෞර්ය අධිරාජයේ ආරම්භකයා චන්ද්‍ර ගුප්ත රජු වූ අතර ඔහුට පසුව බින්දු සාර බලයට පත් වේ
ඉන්පසු අශෝක රජ වේ.
උතුරු සිමාව - හිමාලය
නැගෙනහිර සිමාව - ඇසෑමය හා වෙරල තීරය
ගිනිකොන සිමාව - කාව්රි නදිය හා අවට ප්‍රදේශ
වයඹ සිමාව - ගන්ධාර හා පුරුෂ පුර
පමණක් අලුතින් එක්කර ගන්න ලදී.සෙලිලිපි ව්‍යාප්තිය අනුව අධිරාජ්‍යයේ ව්‍යාප්තිය තහවුරු වේ.
ධර්ම විජය ප්‍රතිපත්තිය මගින් ,
*හෙළනික(ග්‍රීක)
*දමිළ-චෝල,පාණ්ඩය,කේරල
*තම්බපන්ණි-තිබ්බතය-චීන-සතියපුත්‍ර-සවර්ණභුමි-සුමාත්‍රා
අශෝක රජුගේ ධර්ම විජය ප්‍රතිපත්තිය
දිග් විජය ප්‍රතිපත්තිය අතැර ධර්ම විජය ප්‍රතිපත්තිය ට යොමු වූ බව (13 ගිරිලිපියේ)
*රටවල් 09ධර්ම දූත ප්‍රචාරය
*රට පුරා වෙහෙර විහාර ඉදිකිරීම්
*දුව පුතා සසුනට පූජා කිරීම
*ධර්ම මහාමාත්‍යාදීන් පත් කිරීම
*රට පුරා සෙල් ලිපි පිහිටුවීමට කටයුතු කිරීම
අශෝක ධර්මයේ අන්තර්ගතය.
සත්‍ය ගරුක /කෘතවේදී දැඩි කැපවීම /ත්‍යාග ශීලී/කරුනාව/දන්දීම /පිරිසිදු බව /ගුරුවරුන් ට සැලකීම අල්පේච්ඡ තාවය / පිරිසිදු බව /අරපිරිමැස්මෙන් කටයුතු කිරීම.
අශෝක රජුගේ සුබසාධන කටයුතු
අශෝක සෙල්ලිපි බොහෝමයක ධාර්මිකව ජී වත් වීමේ වටිනාකම පෙන්වා දෙයි.
අශෝක රජු උත්සාහ කළේ මෙම විවිධත්වය අවම කොට ඒකීය සමාජ සංවිධානයක් ඉන්දියාව තුළ ගොඩ නැංවීමට ය
ඒ සඳහා ඔහු අනුගමනය කළ එක් ක්‍රියාමාර්ගයක් වූයේ විවිධ ආගම් අදහන අතර ගැටුම් ඇතිවීම වළක්වාලීම යි
අශෝක රජුගේ දොළොස් වන ගිරි ලිපියේ සෑම ආගමකම ට එක සේ ගරු කිරීම යහපත් ක්‍රියාවක් බවත් අන්‍ය ආගම් වලට නිගරු කිරීම අයහපත් ක්‍රියාවක් බවත් පෙන්වා දී ඇත
එමගින් ආගමික සංහිදියාව සමාජය තුළ ඇති කිරීම ඔහුගේ අරමුණ වී ඇති බව පෙනේ
සමාජ සමගිය සඳහා අශෝක රජු අනුගමනය කළ දෙවන පියවර වන්නේ සැමට නීතියේ සාධාරණත්වය ලබාදීමයි ඔහුගේ හතරවන ටැම්ලිපියේ නීතිය සැමට සාධාරණ ලෙස ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ විග්‍රහයක් ඇතුළත්වේ
අශෝක රජුගේ පස් වන ගිරි ලිපියේ ස්වාමි-සේවක දෙපිරිස අතර යහපත් සම්බන්ධතාවක් පවත්වා ගත යුතු බවත් සිරකරුවන්ට හොඳින් සැලකිය යුතු බවත් පෙන්වා දී ඇත
මෙතුමා ගේ තුන්වන ටැම් ලිපියෙන් පුද්ගලයන් තුළ පවතින චණ්ඩ බව කර්කශ බව කෑදරකම ක්‍රෝධය ඊර්ෂ්‍යාව මානය අයහපත් ගුණාංග බව පෙන්වාදී ඇත
ඒවායින් වැළකිය යුතු බවත් පෙන්වා දී ඇත
අශෝක සෙල්ලිපි බොහෝමයක ධාර්මිකව ජීවත් වීමේ වටිනාකම පෙන්වා දෙයි
ඉහත සඳහන් කරුණු අනුව අශෝක රජතුමා සදාචාර සම්පන්න සමාජයක් ගොඩ නැගීමට ගත් වෙහෙස මැනවින් පැහැදිලි වේ
මෙතෙක් ඉන්දියාවේ සිටි දෙවිවරු නරයන් ගෙන් ඈත් වී සිටි නමුත් ධර්මය ප්‍රචලිත වීම නිසා දෙවිවරු පෘථිවියට පැමිණ මිනිසුන් ඇසුරු කරන බැවින් සෞභාග්‍යමත් යුගයක් උදා වී ඇත
මගේ අධිරාජ්‍යයට අයත් සෑම තැනකම ජීවත්වන මිනිසුන් ධර්මය පිළිබඳ රජතුමාගේ අවවාදයන් අනුව පිළිපදින බව අසන්නට ලැබේ
ධර්ම ප්‍රචාරය සඳහා රාජ දූතයන් නොයන තැන් වල පවා මගේ ධර්මය ගැන ඇසූ පමණින් ජනතාව ධර්මය අනුව හැසිරෙති..
අශෝක රජු පිළිබද පැමිණි පසුගිය විභාග ප්‍රශ්න
නිමි..