1 of 23

ක්ෂේත්‍ර කළමනාකරණ අංශයේ කාර්යභාරය

2 of 23

දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අංශ

  1. ජනසංගණන හා ප්‍රජාවිද්‍යාත්මක අංශය (1 අංශය)
  2. කර්මාන්ත හා ඉදිකිරීම් අංශය (2 අංශය)
  3. කෘෂිකර්ම හා පාරිසරික සංඛ්‍යාලේඛන අංශය (3 අංශය)
  4. ජාතික ගිණුම් අංශය (4 අංශය)
  5. ප්‍රකාශන අංශය (5 අංශය)
  6. පුස්තකාල හා ප්‍රලේඛන අංශය (6 අංශය)
  7. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය (7 අංශය)
  8. ආයතන අංශය (8 අංශය)
  9. නියැදි සමීක්ෂණ අංශය (9 අංශය)
  10. මුද්‍රණ අංශය (10 අංශය)
  11. ක්ෂේත්‍ර කලමණාකරන අංශය (11 අංශය)
  12. පුහුණු අංශය (12 අංශය)
  13. පර්යේෂණ හා විශේෂ අධ්‍යාපන අංශය (15 අංශය)
  14. මිල හා වේතන අංශය (16 අංශය)
  15. සිතියම් අංශය (18 අංශය)

3 of 23

ක්ෂේත්‍ර කලමණාකරන අංශයේ ප්‍රධාන කාර්යයන්

  • දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශවලට අවශ්‍ය විවිධ ප්‍රතිපාදන සහ භෞතික පහසුකම් ලබාදීම.
  • වාර්ෂික වැඩමුළු සංවිධානය සහ පැවැත්වීම.
  • කමිටු රැස්වීම් සංවිධානය සහ පැවැත්වීම.
  • දිස්ත්‍රික් කාර්යාල ඇගයීම සහ අධීක්ෂණ කටයුතු.
  • දිස්ත්‍රික් කාර්යාල, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා විවිධ ආයතන වල සිටින මෙම දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ දත්ත පද්ධතියක් පවත්වා ගෙනයාම.
  • දිස්ත්‍රික් පරිගණක දත්ත පද්ධතියක් පවත්වා ගෙන යාම.
  • දිස්ත්‍රික් සංඛ්‍යාන අත්පොත සකස් කරවීම.
  • රාජකාරි අවශ්‍යතා අනුව නිලධාරි කළමනාකරණය (ස්ථාන මාරු/අනුයුක්ත කිරීම් ආදී) කිරීම
  • සංගණන හා සමීක්ෂණ වලදී ක්ෂේත්‍ර කටයුතු සම්බන්ධීකරණය කිරීම.
  • අධ්‍යක්ෂ ජනරාල් විසින් කාලීනව පවරනු ලබන රාජකාරි.

4 of 23

දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශවලට අවශ්‍ය විවිධ ප්‍රතිපාදන සහ භෞතික පහසුකම් ලබාදීම. �

  • විවිධ ප්‍රතිපාදන ලබාදීම

කාර්තුමය වශයෙන් යවනු ලබන ප්‍රතිපාදන

  • දිස්ත්‍රික් ප්‍රධානින්ගේ ගමන් වියදම් දීමනා
  • දිස්ත්‍රික් ක්ෂේත්‍ර නිලධාරින්ගේ ගමන් වියදම් දීමනා
  • ඉන්ධන සඳහා
  • දිස්ත්‍රික් රියදුරු අතිකාල දීමනා
  • තැපැල් සහ සන්නිවේදන කටයුතු
  • ලිපි ද්‍රව්‍ය සඳහා
  • පරිගණක නඩත්තු කටයුතු

අනෙකුත් ප්‍රතිපාදන

  • විදුලිය පාරිභෝජනය
  • ජල පාරිභෝජනය සඳහා, ආරක්ෂණ , සනීපාරක්ෂණ කටයුතු
  • වාර්ෂිකව ඡායා පිටපත් හා ෆැක්ස් යන්ත්‍රවල සේවා ගිවිසුම් අලූත් කිරීම
  • නව උපකරණ මිළ දී ගැනීම
  • නව ගෘහභාණ්ඩ මිළ දී ගැනීම

සෞඛ්‍ය ආරක්ෂක ද්‍රව්‍ය සඳහා ප්‍රතිපාදන

  • සැනිටයිසර් (Sanitizer)
  • මුව ආවරණ (Face Mask)

5 of 23

භෞතික පහසුකම් ලබාදීම

  • කාර්යාලීය ගෘහ භාණ්ඩ සහ උපකරණ ලබාදීම.
  • ඡායාපිටපත්/ ෆැක්ස් යන්ත්‍ර ටෝනර් ලබා දීම.
  • දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශ සඳහා අවශ්‍ය සියලුම ආකෘති පත්‍ර පිළිබඳ කටයුතු.

- දිස්ත්‍රික් ප්‍රධානින්ගේ ඉදිරි වැඩසටහන

- දිස්ත්‍රික් ප්‍රධානින්ගේ කරන ලද වැඩසටහන

- සං.නි./සං.ස. ඉදිරි වැඩ සටහන

- සං.නි./සං.ස. කරන ලද වැඩ සටහන

6 of 23

වාර්ෂික වැඩමුළු සංවිධානය සහ පැවැත්වීම.

  • දිස්ත්‍රික් ප්‍රධානින්ගේ වාර්ෂික වැඩමුළු සංවිධානය සහ පැවැත්වීම.

    • වර්ෂයකට දෙවරක් මෙම වැඩමුළුව පැවැත්වීමට කටයුතු කිරීම.
    • සියළුම දිස්ත්‍රික් ප්‍රධානින් කැඳවා ඔවුන්ගේ ප්‍රශ්න අදහස් යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම
    • දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ ඔවුන් දැනුවත් කීරීම.
    • දෙපාර්තමේන්තුව තුළ සිටින අංශ ප්‍රධානින් මගින් ඒ ඒ අංශවලට අදාල දැනුවත් කිරීම් සිදු කිරීම (අවශ්‍යතාව අනුව)
    • වාර්ෂික වැඩමුළුවේ දී ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය කිරීම.

7 of 23

වාර්ෂික වැඩමුළු සංවිධානය සහ පැවැත්වීම.

  • කමිටු රැස්වීම් සංවිධානය සහ පැවැත්වීම.

    • ප්‍රජාවිද්‍යා, කෘෂිකර්ම සහ කර්මාන්ත නමින් කමිටු තුනක් ස්ථාපිතව ඇති අතර, එම කමිටු තුනට දෙපාර්තමේන්තුවට පරිභාහිර ආයතන වල සිටින නිලධාරීන් වෙන් කර ඇත.
    • වර්ෂයකට දෙවරක් මෙම කමිටු රැස්වීම් පැවැත්වීමට කටයුතු කිරීම.
    • සියළුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා හා වෙනත් ආයතන වල සිටින මෙම දෙපාර්තමේන්තුවට අදාල නිලධාරීන් හෝ එම අංශ ප්‍රධානින් කැඳවා ඔවුන්ගේ ප්‍රශ්න අදහස් යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම
    • දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ ඔවුන් දැනුවත් කීරීම.
    • දෙපාර්තමේන්තුව තුළ සිටින අංශ ප්‍රධානින් මගින් ඒ ඒ අංශවලට අදාල දැනුවත් කිරීම් සිදු කිරීම (අවශ්‍යතාව අනුව)
    • අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා හා වෙනත් ආයතනයන්හි සංඛ්‍යාලේඛන අංශවල කාර්යභාරය ඇගයීමට ලක් කිරීම.
    • කමිටු රැස්වීම් වලදී ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය කිරීම.

8 of 23

දිස්ත්‍රික් කාර්යාල ඇගයීම සහ අධීක්ෂණ කටයුතු.�

  • කාර්යක්ෂම දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන කාර්යාල තේරීම.
  • වසරකට වරක් කාර්යක්ෂම දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන කාර්යාල තේරීම සිදු කරන අතර, මේ සඳහා දෙපාර්තමේන්තුවේ අංශ 6 ක් සහභාගි කරගනී.
  • අවසාන වාර්තාව සකස් කිරීම ක්ෂේත්‍ර කළමනාකරණ අංශය මගින් සිදු කිරීම.

  • කාර්යක්ෂම දිස්ත්‍රික් කාර්යාලය තේරීම සඳහා දායකත්වය දරණු ලබන අංශ
    • නියැදි සමීක්ෂණ අංශය
    • කෘෂිකර්ම හා පාරිසරික සංඛ්‍යාලේඛන අංශය
    • කර්මාන්ත, ඉදිකිරීම් හා වෙළඳ හා සේවා අංශය
    • මිළ හා වේතන අංශය
    • ප්‍රකාශන අංශය
    • ක්ෂේත්‍ර කළමනාකරණ අංශය

  • ඉහත එක් එක් අංශ සකස් කරන ලද ක්‍රමවේදයන්ට අනුව ලකුණු ලබා දීම.
  • ක්ෂේත්‍ර කළමනාකරණ අංශය මගින් අවසාන වාර්තාව සකස් කර කාර්යක්ෂම දිස්ත්‍රික් කාර්යාල තෝරා වාර්ෂික දිස්ත්‍රික් ප්‍රධානි වැඩමුළුවේදී අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය ඇතිව ප්‍රකාශයට පත් කිරීම.

9 of 23

අධීක්ෂණය�

  • තාක්ෂණික අංශ මගින් කරනු ලබන අධික්ෂණ
  • ක්ෂේත්‍ර කළමනාකරණ අංශය මගින් කරනු ලබන අධික්ෂණ

10 of 23

දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශවල පරිගණක හා පරිගණක උපාංග පිළිබඳ දත්ත පද්ධතිය පවත්වා ගෙන යාම.

  • අවශ්‍ය තොරතුරු ඇතුලත් පෝරමයක් සෑම වසරකම දිස්ත්‍රික් කාර්යාවලට යැවීම.
  • ක්ෂේත්‍ර කළමනාකරණ අංශයට ලබාගත් එම තොරතුරු පෙර වසරේ තොරතුරු සමග සසඳා සියළුම පරිගණක පිළිබඳ තොරතුරු ලැබි ඇති බව තහවුරු කර ගැනීම.
  • මීට අමතරව වසර තුළ පරිගණකවල අලුත්වැඩියාවන්, අමතර කොටස් යෙදවීම ආදී තොරතුරු ද ලබා ගැනීම.
  • මේ අනුව පරිගණක දත්ත පද්ධතිය නිරතුරුව යාවත්කාලීනව පවත්වා ගෙනයාම.

11 of 23

දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ දත්ත පද්ධතියක් පවත්වා ගෙනයාම.

  • දිස්ත්‍රික් කාර්යාල, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා විවිධ ආයතන වල සිටින මෙම දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ දත්ත පද්ධතියක් පවත්වා ගෙනයාම.
  • එම දත්ත පද්ධතිය නිරන්තර යාවත් කාලීන කිරීම.
  • පුහුණු කටයුතු ආදී විවිධ කාර්යයන් වලදී සුදුසු නිලධාරීන් තෝරා ගැනිමට එම දත්ත උපයෝගි කර ගැනීම.

12 of 23

දිස්ත්‍රික් සංඛ්‍යාන අත්පොත සකස් කරවීම.�

  • සියලුම දිස්ත්‍රික් සඳහා එකම ආකෘතියක් යටතේ දත්ත එක්රැස් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
  • මෙම කටයුත්ත 2007 වසරේ දී ආරම්භ කළ අතර 2008 වසරේ සිට දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි සංඛ්‍යාන අත්පොත සකස් කරයි.
  • ප්‍රධාන මාතෘකා 12 ක් යටතේ තොරතුරු එක්රැස් කරනු ලබයි.

මෙම කාර්යය කිරීමේ දී,

    • අදාල දත්තවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීම.
    • ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා දත්ත වගු අන්තර් ජාලයට ඇතුලත් කිරීම.
    • දිස්ත්‍රික් සංඛ්‍යාන අත්පොත ලෙස දෙපාර්තමේන්තු මුද්‍රණාලය මගින් මුද්‍රණය කර ප්‍රකාශයට පත් කිරීම.

තොරතුරු එක්රැස් කිරීමේ දි,

  • සම්මත දත්ත වගු ඇතුලත් ආකෘතිය අදාල උපදෙස් සමග දිස්ත්‍රික් කාර්යාලවලට යැවීම.
  • තොරතුරු රැස් කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා දීම.
  • දත්තවල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා එම දත්ත ක්ෂේත්‍ර කළමනාකරණ අංශය වෙත ලබා ගැනීම.
  • සංඛ්‍යාන අත්පොත මුද්‍රණයට සුදුසු පරිදි සකස් කරවීම.

13 of 23

14 of 23

��රාජකාරි අවශ්‍යතා අනුව නිලධාරි කළමනාකරණය කිරීම�

  • වාර්ෂික නිලධාරි ස්ථාන මාරු වීම් වලදී ක්ෂේත්‍ර කළමනාකරණ අංශය ලෙස මාරුවීම් මණ්ඩලය නියෝජනය කිරීම.
  • රාජකාරි අවශ්‍යතා අනුව නිලධාරීන් මාරු කිරීම්/ අනුයුක්ත කිරීම් සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීම.

15 of 23

සංගණන හා සමීක්ෂණ වලදී ක්ෂේත්‍ර කටයුතු සම්බන්ධීකරණය කිරීම

  • දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන සංගණන හා සමීක්ෂණ සඳහා නිලධාරීන් ‍යෙදවීමේදී ක්ෂේත්‍ර රාජකාරි මනා ලෙස කළමනාකරණය කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.
  • ක්ෂේත්‍ර රාජකාරි වලදී ඇතිවන ගැටළු නිරාකරණයට අවශ්‍ය පහසුකම් සැලසීම.

16 of 23

අධ්‍යක්ෂ ජනරාල් විසින් කාලීනව පවරනු ලබන රාජකාරි.

  • අදාල අවස්ථාවලදී අධ්‍යක්ෂ ජනරාල් විසින් පවරනු ලබන රාජකාරි කටයුතු ඉටු කිරීම

- දෙපාර්තමේන්තුව වෙනුවෙන් විවිධ ප්‍රදර්ශන සඳහා ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කිරීම හා සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.

- අදාල කටයුතු සඳහා නිලධාරීන් යෙදවීම.

- කාලීනව පවරනු ලබන වෙනත් කාර්යයන් සිදු කිරීම.

17 of 23

සංඛ්‍යාලේඛන නිලධාරීන් අනුයුක්ත කරනු ලබන ස්ථාන

  • ප්‍රධාන කාර්යාලයේ අංශ වල රාජකාරි කටයුතු සඳහා
  • මූලස්ථාන සංඛ්‍යාලේඛන නිලධාරීන් ලෙස දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශ වලට
  • ප්‍රා.ලේ.කොට්ඨාස භාර නිලධාරීන් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට
  • විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, අධිකාරි හා වෙනත් රාජ්‍ය ආයතන වල සංඛ්‍යාලේඛනමය කාර්යයන් සඳහා

ප්‍රධාන කාර්යාලයෙන් බැහැර කාර්යාල වලට පත්වන නිලධාරීන් එම අංශ ප්‍රධානියාගේ හා ක්ෂේත්‍ර කළමනාකරණ අංශයේ අධීක්ෂණය හා සම්බන්ධීකරණය යටතේ කටයුතු කරනු ලැබේ.

18 of 23

  • දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශ ප්‍රධානි විසින් රාජකාරි ලැයිස්තුවක් මගින් පවරනු ලබන කාර්යයන්
  • දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශයේ සියළුම කාර්යයන් ට සහාය වීම.
  • දිස්ත්‍රික් අංශ ප්‍රධානිගේ කාර්යයන් පහසු වන සේ ඔහුට සහාය වීම

මූලස්ථාන සංඛ්‍යාලේඛන නිලධාරීන්

19 of 23

  • දැනට විවිධ රාජ්‍ය ආයතන 50 ක පමණ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සේවය කරන අතර, ඇතැම් ආයතන වල සංඛ්‍යාලේඛන අංශයක් ලෙස ස්ථාපිතව ඇත.
  • එම සංඛ්‍යාලේඛන අංශ වල අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ සංඛ්‍යාලේඛනඥ, සංඛ්‍යාලේඛනඥ, සංඛ්‍යාලේඛන නිලධාරි ආදි වශයෙන් වූ කාර්ය මණ්ඩලයක් ඇත.
  • අදාල ආයතන වල සංඛ්‍යාලේඛන රැස්කිරීමට අදාල කාර්යයන් අප නිලධාරීන් විසින් සිදු කරන අතර, එම සංඛ්‍යාලේඛන එම කාර්යාලයටත් අප කාර්යාලයටත් අවශ්‍යවේ.
  • සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් එම ආයතන වල සුවිශේෂි කාර්යභාරයක් අප නිලධාරීන් විසින් ඉටු කරනු ලබයි.

විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, අධිකාරි හා වෙනත් රාජ්‍ය ආයතන වලට අනුයුක්ත සංඛ්‍යාලේඛන නිලධාරීන්

20 of 23

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අනුයුක්ත කර ඇති සංඛ්‍යාලේඛන නිලධාරීන් සඳහා රාජකාරී

  • වී සංඛ්‍යාලේඛන
  • කාලීන හා ස්ථිර බෝග පිළිබඳ සංඛ්‍යාලේඛන
  • සත්ව සංඛ්‍යාලේඛන
  • වී අස්වනු සමීක්ෂණය
  • ශ්‍රමබල සමික්ෂණය
  • ආදායම් වියදම් සමීක්ෂණය
  • වාර්ෂික කර්මාන්ත ඉදි කිරීම් සමීක්ෂණය වෙළඳ හා සේවා ත්‍රෛමාසික කාර්මික නිෂ්පාදන පිළිබඳ සමීක්ෂණය.
  • ගොඩනැගිලි සංඛ්‍යාලේඛන
  • දේශීය නිෂ්පාදන මිළ රැස් කිරීම
  • පළාත් පාලන සංඛ්‍යාති/මස් පිණිස මරණ ලද සතුන් පිළිබඳ වාර්තාව
  • පොල් නිෂ්පාදන පිළිබඳ සමීක්ෂණය
  • දිස්ත්‍රික් සංඛ්‍යාන අත්පොත සඳහා වාර්ෂික දත්ත සැපයීම
  • ප්‍රාදේශීය ලේකම් කොටඨාශ මට්ටමින් දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම
  • ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ ජනරාල්/දිස්ත්‍රික් ලේකම්/දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශ ප්‍රධානි විසින් පවරනු ලබන රාජකාරී ඉටු කිරීම

21 of 23

සංඛ්‍යාලේඛන නිලධාරී වැඩ පැවරීම්

  • දෙපාර්තමේන්තුවේ පහලම ස්ථරය සංඛ්‍යාලේඛන නිලධාරීන්වේ.
  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට, දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන කාර්යාලයට, ප්‍රධාන කාර්යාලයට, අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හා වෙනත් ආයතන වලට අනුයුක්තව සංඛ්‍යාලේඛන නිලධාරීන් කටයුතු කරනු ලබයි.
  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට හා දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන කාර්යාලයට අනුයුක්ත නිලධාරීන් සඳහා රාජකාරි ලැයිස්තුවක් සකස් කර වාර්ෂිකව වැඩ පැවරීම් දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශ ප්‍රධානි විසින් සිදු කරයි.
  • අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හා වෙනත් ආයතන වලට අනුයුක්තව සිටින සංඛ්‍යාලේඛන නිලධාරීන් සඳහා රාජකාරි පැවරීම් අදාල ආයතන ප්‍රධානීන් විසින් සිදු කරනු ලබයි.

22 of 23

රාජකාරි කිරීමේදී අවධානයට ගතයුතු කරුණු

  • රාජකාරි ලැයිස්තු මගින් නිලධාරීන් සඳහා වැඩ පැවරීමෙන් පසු අදාල රාජකාරි කටයුතු නිසි පරිදි සිදු කිරීමට අදාල නිලධාරීන් වගකීමෙන් බැඳී සිටී.
  • අදාල රාජකාරි නිමකළ යුතු නියමිත කාල වකවානු දී තිබේ නම් ඒවා අනුගමනය කල යුතුය.
  • දෙපාර්තමේන්තුව රැස්කරන තොරතුරු සංගණන ආඥා පණත අනුව රහසිගත වන අතර, එම තොරතුරු දෙපාර්තමේන්තුවේ අදාල නිලධාරීන් හැර බාහිර පාර්ශවයන්වෙත ලබා දීම නීතිවිරෝධී වේ. එබැවින් සියළුම තොරතුරු රහසිගතව ආරක්ෂා කිරීමට ඔබ බැඳී සිටී.
  • රාජකාරි කටයුතු වල නිරත වීමේදී දෙපාර්තමේන්තුවේ ගරුත්වය ආරක්ෂා වන ආකාරයට කථාබහ කිරීම, ඇඳුම් පැළඳුම් භාවිතා කිරීම (මෙහිදී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ පරිදි රජයේ නිලධාරීන් සඳහා අනුමත ඇඳුම්), දෙපාර්තමේන්තු හැඳුනුම්පත පැළඳීම සිදුකල යුතුය.
  • සමීක්ෂණ හා සංගණන සම්මුඛ පරීක්ෂණ කිරීමේදී ප්‍රතිචාරකයා හොඳින් අධ්‍යයනය කරමින්, ආචාරශීලීව, ඔහු අපහසුතාවන්ට ලක් නොවන අයුරින්, දෙපාර්තමේන්තුවට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ප්‍රායෝගික හා උපක්‍රමශීලී විය යුතුය.
  • සෑම විටම විනය ගරුකව දෙපාර්තමේන්තුවේ ආසන්නතම ප්‍රධානියාගේ උපදෙස් ලබා ගනිමින් තමන් වෙත පවරා ඇති කාර්යයන් මනා ලෙස, කාර්යක්ෂමව, සඵලදායීව හා අපක්ෂපාතීව ඉටු කිරීම ඔබගෙන් බලාපොරොත්තු වේ.

23 of 23

ස්තුතියි!