නේවාසික භාවනා වැඩසටහන -  පූජ්‍ය පක්ෂය සදහා අයැදුම්පත 
Sign in to Google to save your progress. Learn more
Email *
නිසල පදනමේ නේවාසික වැඩසටහන් ක්‍රියා පටිපාටිය අනුව අයදුම් කරන පූජ්‍ය පක්ෂය වෙනුවෙන් අන් අය හට අයදුම්පත් පිරවිය නොහැකි බවත්, අයදුම් කරන පූජ්‍ය පක්ෂය විසින් පමණක් අයදුම්පත පුරවා එවිය යුතු බවත් කරුණාවෙන් සලකන්න. එමෙන්ම ඉංග්‍රීසි හෝ සිංහල භාෂා මාධ්‍යයෙන් අයැදුම්පත පිරවිය හැකි බව කරුණාවෙන් සලකන්න.
ආචාරීන්තුමන් විසින් කරනු ලබන ඉගැන්වීම්  අධ්‍යාත්මික මාර්ගයේ ශක්ති හා විඤාණ තත්වයන් හා  නාද සම්ප්‍රේෂණයන් උපයෝගී කරගෙන සිදු කරන ඉගැන්වීම් වේ. ඒ අනුව මෙකී ඉගැන්වීම් බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි හෝ වෙනත් ආගමික ආකෘතීන්ට මූලිකව අනුගත වී කරන ඉගැන්වීම් නොවන බව කරුණාවෙන්  සලකන්න. 
(වැඩි විස්තර සදහා  www.nisala.org යන වෙබ් අඩවියට පිවිසෙන්න.)
ගුරුවරයා සමඟ සම්බන්ධ වන ආකාරය

නිසල පදනමේ නේවාසික භාවනා වැඩසටහන් පවත්වන කාලය තුලදී විජේනායක ආචාරීන්තුමන් විසින් භාවනා උපදේශයන් ලබා දීම සිදු කෙරේ. භාවනා වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා වැඩසටහන පැවැත්වෙන කාලය තුලදී පූජ්‍ය පක්ෂය විසින් ආචාරීන්තුමන් තම ගුරුවරයා ලෙස  සලකා, ලබා දෙන උපදේශයන් පිළිපැදීම අවශ්‍ය බව කරුණාවෙන් සලකන්න.

සැ:යු:  පූජ්‍ය පක්ෂය විසින්  ආචාරීන් තුමන් හට කිසිදු අවස්ථාවක වැදීම සිදු නොකළ යුතු බව කරුණාවෙන් සලකන්න.

ගුරුවරයා  සමඟ කරන සන්නිවේදනයේදී අවංක හා අව්‍යාජ විය යුතු වේ. භාවනා අත්දැකීම් ඔබ ගුරුවරයා හට විස්තර කරන සෑම විටම ඒ පිළිබඳව සත්‍ය කතා කල යුතුවේ. භාවනා අත්දැකීම් වැඩි කොට හෝ අඩු කොට ප්‍රකාශ නොකොට හැකිතාක් නිවැරදිව ප්‍රකාශ කිරීම කල යුතු බවද කරුණාවෙන් සලකන්න.

දින හතරේ භාවනා වැඩසටහනක් බොහෝ යෙදවීමක් සහිත එකකි. ආචාර්යවරයා විරල ක්‍රමවේදයන් හා කුසලතාවයන් උපයෝගී කරගනිමින් සරලව භාවනාව උගැන්වීම සිදුකරයි. එමගින් භාවනායෝගීන්ගේ ප්‍රතිපදාවේ සීග්‍ර දියුණුවක් අත්දැකිය හැක. භාවනාව හුදෙක් විශ්වාසය මත පමණක් පදනම් වී නැත. එම නිසා වැඩසටහනට සහභාගී වන යෝගීන් විවෘත හා සංවේදී මනසකින් හා බුද්ධිමත්ව එකී භාවනා අත්දැකීම් හා උගැන්වීම් පිළිගැනීම යෝග්‍ය බව ආචාරීන්තුමන්ගේ උපදේශනයයි.

තමන්ට භාවනාව සම්බන්ධයෙන් අපැහැදිලි තැන් ප්‍රශ්න ඇසීම තුලින් නිරාකරණය කර ගැනීම සුදුසු බව  ආචාරීන්තුමන් විසින් පෙන්වාදී ඇති බව කරුණාවෙන් සලකන්න.

නිසල පදනමේ නේවාසික භාවනා වැඩසටහන් වලට ඇතුලත් කර ඇති යෝගීන් විසින් අනුගමනය කල යුතු මූලික රීතින්:

1) භාවනා වැඩසටහන් කාලය තුලදී පූර්ණ ආර්ය නිහඩතාවය සියලු යෝගීන්වි විසින් රැකිය යුතු වේ. දුරකථන හා පරිගණක ඇතුළු වෙනත් සන්නිවේදන මාධ්‍ය භාවිතා කල නොහැකි බවත් කරුණාවෙන් සලකන්න.

2) භාවනා වැඩසටහන කාලසටහනකට අනුව සිදුවන බැවින් පූර්ණ ව කාලසටහන අනුගමනය කිරීම අප විසින් සිදු කල යුතුවේ.භාවනා කාලසටහන කියවීම සදහා නිසල වෙබ් අඩවියට පිවිසෙන්න. www.nisala.org/time-table

3) නේවාසික භාවනා වැඩසටහන් කාලය දින 04 කි. මෙකී සම්පූර්ණ කාලය තුලම භාවනා මධ්‍යස්ථානයේ පරිශ්‍රය තුල තමන් රැදී සිටීම අවශ්‍ය වන බව කරුණාවෙන් සලකන්න.

4) භාවනා වැඩසටහන් පැවැත්වෙන කාලය තුල කර්මස්නාථාචාරීන් තුමන් දෙන භාවනා උපදේශනයන් පමණක් මෙම කාලය තුල අනුගමනය කිරීම අවශ්‍ය වේ. වෙන කිසිදු භාවනා ක්‍රම වේදයක් අනුගමනය කිරීම නොකළ යුතු බව කරුණාවෙන් සලකන්න.

5) පූජ්‍ය පක්ෂයෙන් නැවතී සිටින කාලය තුල කෑම-බීම, නවාතැන් හා උගන්වීම් වෙනුවෙන් කිසිදු ගාස්තුවක් අය කරනු නොලැබේ. එසේ නමුත් ගිහි යෝගීන් විසින් තමන්ට හැකි අයුරින් මෙකී භාවනා වැඩසටහනේ පිරිවැය සදහා තමන් විසින් ආධාර අනුග්‍රහ බාර ගැනේ.

ඔබ වහන්සේ මෙම රීතීන් අනුගමනය කිරීමට එකග වන බව කාරුණිකව දන්වන්න. *
Required
නේවාසික වැඩසටහන් දින :
එක් වරකට එක් නේවාසික වැඩසටහනක් සදහා පමණක් අයදුම් කල හැකි බව කරුණාවෙන් සලකන්න.  *
Required
ඔබ වහන්සේ වැඩසටහන් සදහා කලින් පැමිණ  තිබේද යන වග... *
Required
ඔබ වහන්සේ අයත් වන ආගමික පසුබිම වන්නේ  *
සම්පූර්ණ නම 
දුරකථන අංකය  *
වයස  *
ස්ත්‍රී / පුරුෂ භාවය  *
Required
ඔබ වහන්සේට ඉංග්‍රීසි භාෂාව තේරුම් ගැනීමට හා කතා කිරීමට හැකිද? *
Required
ඔබ වහන්සේට සිංහල භාෂාව තේරුම් ගැනීමට හා කතා කිරීමට හැකිද? *
Required
ඔබ වහන්සේ මීට පෙර භාවනා කර තිබේද? එසේ නම් ඒ කුමන සම්ප්‍රදායකද හා ඒ පිලිබද කෙටියෙන් විස්තර කරන්න. *
ඔබ වහන්සේ භාවනාව උගන්වනවාද? එසේ නම් කරුණාකර විස්තර දක්වන්න. *
ඔබ වහන්සේට හදවත ආශ්‍රිත රෝග හෝ විශාදිය හා වෙනත් මානසික රෝග පවතීද? නොඑසේ නම් වෙනත් රෝගාබාධ සදහා ප්‍රතිකාර ලබා ගන්නේද? කරුණාකර විස්තර දක්වන්න. *
ඔබ වහන්සේ භාවනා කිරීමට අදහස් කරන හේතුව සදහන් කරන්න. *
නිසල පදනම ගැන ඔබ වහන්දසේ  දැන ගත්තේ කෙසේද? මිතුරෙකු මගින් නම් ඔවුන්ගේ නම්  කරුණාකර සදහන් කරන්න. *
ඔබ වහන්සේට ආහාර අසාත්මිකතා පවතීද? එසේ නම් කරුණාකර විස්තර දක්වන්න  *
ඉහත සදහන් කල කරුණු නිවැරදි හා සත්‍ය බව මා විසින් සදහන් කරමි. *
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy