ගංවතුරෙන් අවතැන් වූවන්ට පාසල් ළමුන්ට අධ්‍යාපනාධාර ලබා දීම
මේ වන විට ලංකාවේ ඇති වී තිබෙන අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් විශාල ප්‍රදේශ ප්‍රමාණයක ජනතාව අවතැන් වී ඇති බව කවුරුත්ම හොඳින් දන්නා කාරණාවකි. ඉතිං ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සියළු භේද අත හැර එක් පවුලක සහෝදර සහෝදරියන් මෙන් එකිනෙකාට උදව් කිරීමට ඉදිරිපත්ව සිටින මොහොතක අපද ඔවුන් වෙනුවෙන් හැකි පමණින් උදව් කිරීමට ඉදිරිපත් වීමට තීරණය කරා.

වියළි ආහාර, පානීය ජලය, ඇඳුම් පැළඳුම් වැනි දෑ විශාල වශයෙන් අනෙකුත් ජනයා විසින් ලබාදෙන අතර අපගේ ඇස යොමු උනේ වෙනත් අතකටය. 2017 අගෝස්තු මාසයේදී අ.පො.ස. උසස් පෙල, ශිෂ්‍යත්වය සහ 2017 දෙසැම්බර් මාසයේදී අ.පො.ස. සාමාන්‍ය පෙල විභාග වලට පෙනී සිටින අපගේ සහෝදර සහෝදරියන්ට අවශ්‍ය කරන පාසල් පොත් පත්, උපකරණ, පෑන් පැන්සල් සහ අනෙකුත් ඉගෙනුම් උපකාරක දෑ හැකි පමණ එකතු කර බෙදා දීමටයි. ඒවාට අමතරව සටහන්, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වැනි දෑද එකතු කර බෙදා දීමට අපි බලාපොරොත්තු වෙනවා.

ඉතිං ඉහත කර්ත්‍යවයට සහය පලකර හැකි අයවලුන්ගේ දායකත්වය ලබා ගත හැකි ආකාරය පිළිබඳ විස්තර ලබා ගැනීමට අප විසින් නිර්මාණය කල Google Form එකේ ඇති විස්තර පුරවා අපට සහයෝගය ලබා දෙන්න. එමඟින් අපහට ඉදිරියේදී කල යුතු දෑ සැලසුම් කරගත හැකිවේ.

ඔබ විසින් සපයන සියළු තොරතුරු වල රහස්‍යභාවය 100%කින් ආරක්ෂා කිරීමට අප බැඳී සිටින්නෙමු.

අදාල පිළිතුරු සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් පිරවිය හැක.

අප ඔබව ඊමේල් පණිවුඩ හෝ ජංගම දුරකථන කෙටි පණිවුඩ මඟින් සම්බන්ධ කර ගන්නෙමු. යම් හෙයකින් ඔබ Whatsapp හෝ Viber තුල සිටී නම් ඒ හරහා අප ඔබව සම්බන්ධ කර ගන්නෙමු.

ස්තූතියි.

ඔබගේ නම (Facebookහි ඇති ආකාරයට)
ඔබ ජීවත් වන ප්‍රදේශය (දිස්ත්‍රික්කය හෝ ලඟම ඇති නගරය)
ඔබව සම්බන්ධ කරගත හැකි ආකාරය (email, mobile number)
Whatsapp, Viber සිටී
ඔබට සැපයිය හැකි දෑ
අප හා එක්ව කටයුතු කිරීමට ඔබට
Submit
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. - Terms of Service - Additional Terms