විශාදය පිළිබඳව ස්වයං පරික්ෂණය
යමෙක් විශාදය තත්වය තුල ප්‍රතිකාර ගත යුතු මට්ටමේ සිටීදැයි දළ අදහසක් ලබා ගැනීමට මෙම ප්‍රශ්නාවලිය භාවිත කළ හැක.ප්‍රශ්න 21කින් සමන්විත මෙහි සියළුම ප්‍රශ්න වලට පිළිතුරු සැපයිය යුතු අතර එහිදි ඔබ ලබා දෙන පිළිතුරට ඔබ අවංක වන තරමට ප්‍රතිපලයේ සාර්ථකත්වය වැඩිවේ.

උපදසේ= ව්‍යාජ නාමය - ඔබව හඳුන්වාදීමට ඔබට මතක තබා ගත හැකි ව්‍යාජ නාමයක් හෝ පෙන්වා ඇති අයුරින් නම දිනය වෙලාව එක්කර භාවිත කරන්න. ප්‍රතිපලය ලබා ගැනීමේදී එය ඔබට පහසුවක් වේ. උදා ව්‍යාජනම_දිනය_වෙලාව maxa_5/12-10:15

ප්‍රශ්නය කියැවීමේදී සැළකිලිමත්වන්න, “දිනය පුරාම“ , “අතිශ්‍යය“ ,“සාමාන්‍ය“ , “ කිසිසේත්ම නැත“ වැනි වචන පිළිබඳව ඔබේ අත්දැකීම සමඟ වැඩි අවදානයක් යොමු කරන්න

පිළිතුරු සැපයීමේදී ,ප්‍රශ්න අංකයට පහළින් ඇති ප්‍රකාශ හතර කියවා ඔබට අදාල ප්‍රකාශයේ අංකය පිළිතුරු කොටස තුල ගැළපෙන පිළිතුරු අංකයට තෝරන්න

ප්‍රශ්න 21කම සම්පුර්ණ කළ පසු SUBMIT බොත්තම මත ක්ලික් කර ලැබෙන උපදෙස් අනුගමනය කරන්න.

ඔබේ තත්ත්වය පිළිබඳ අගැයුම ලබා ගැනීම සඳහා

https://docs.google.com/spreadsheets/d/1gg0JtlonHBJ8zcDR3hRH2PU1GL4wDmtcUxkesusgG6g/edit?usp=sharing

හෝ

http://www.nursinglk.com/2018/06/222.html පිටුවට පිවිසෙන්න.(සැම සති අන්තයකම ප්‍රතිපල පලවනු ඇත , ඊට පෙර ඔබේ අගැයුම දැන ගැනීමට අවශ්‍ය නම් වෙබ් අඩවිය ඔස්සේ මා අමතන්න)

අවවාදයයි - මෙම ස්වයං පරික්ෂණය මඟින් රෝග විනිශ්චයක් ලබා දීමක් නොකරෙන අතර , එය වෛද්‍යවරයා සතු කාර්යයි.

ඔ‍බව හඳුන්වාදීමට යොදා ගන්නා ව්‍යාජ නාමය *
Your answer
ප්‍රශ්න අංක 1- හිතට දැනෙන දුක
0- මා සිටින්නේ දුකකින් හෝ හිතේ වේදනාබරිත හැඟීමකින් නොවේ.
1-මට දුකයි , හිතේ වේදනාව සහිතයි
2-දවස පුරාම මම ඉන්නේ දුකින් හිතේ චේදනාවෙන් , මට ඉන් මිදෙන්නට බැහැ මොහොතකට
3-මම දවස පුරාම අතිශ්‍ය දුකින් , හිතේ වේදනාවෙන් ඉන්නේ , මට එය දරා ගන්න බැරිතරම් දුකක් , වේදනාවක්
පිළිතුර(i) *
ප්‍රශ්න අංක 2 -අනාගතය ගැන අපේක්ෂාවන්
0- අනාගතය ගැන මගේ අපේක්ෂාවන්, උනන්දුව සාමාන්‍යයි , අපේක්ෂා , බලාපොරොත්තු සහිතයි
1-මගේ අනාගතය ගැන හිතන්න මට කිසිම උනන්දුවක් , නැහැ,
2-මට හිතෙන්නෙ අනාගතය ගැන හිතන්න මට කිසිම දෙයක් නැහැ කියල.
3-මගේ අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ , කිසි දියුණුවක් වෙන්නේ නැහැ මගේ අනාගතයට
පිළිතුර(ii) *
ප්‍රශ්න අංක 3-මගේ අසමත්කම් ගැන
0- මා අසමතෙක් , දුර්වලයෙක් ලෙස මට පෙන්නේ නැහැ.
1-මට හිතෙන්නේ, මම සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා අසමත් , දුර්වල අයෙක් ලෙස
2-මගේ අතීතය විමසත්දි මට වැඩිපුරම පෙනෙන්නේ මගේ අසමත්වීම් , බිඳවැටීම් දුර්වලකම්
3-මම සම්පුර්ණ අසමතෙක් , මට කිසිවක් හරියට කරගන්න බැරි දුර්වලයෙක්
පිළිතුර(iii) *
ප්‍රශ්න අංක 4-දෙයකින් සෑහීමට පත්වන ආකාරය
0- මගේ දවසේ කටයුතු , පුරුදු , ආදියෙන් මම සෑහීමට පත්වෙනවා, සතුටු වෙනවා
1-දවසේ කටයුතු වලින් පුරුදු වලින් කිසිම සතුටක් ලැබෙන්නේ නැහැ.
2-කිසිම දෙයකින් නියම සතුටක් , පූර්ණ සෑහීමට පත් වීමක් ලැබෙන්නේ නැහැ මට
3-මම අසතුටින් , කම්මැළිකමෙන් හැමතිස්සෙම ඉන්නේ , කිසිම දේකින් සෑහීමක් සතුටක් ලබන්නෙ නැහැ
පිළිතුර(iv) *
ප්‍රශ්න අංක 5-හිතට දැනෙන “වරදකාරී“ හැඟීම්
0- මා යම් කිසි දෙයකට “වරදකාරී“ හැඟීමකින් නොවෙයි ඉන්නේ.
1-සමහර වෙලාවට මට දැනෙන්නේ මම වරදකාරී බවක් , වැරැද්ද මගේ බව
2- බොහෝ වෙලාවට මට දැනෙනවා මම වරදකාරී බව , වැරැද්ද මගේ බව
3-හැම තිස්සෙම මට දැනෙන්නේ මමයි “වරදකරු“ කියන හැඟීම , මගේ හිත පිරිල ඒ “වරදකාරී “ හැඟීමෙන්
පිළිතුර(v) *
ප්‍රශ්න අංක 6-හිතට දැනෙන දඩුවම්කාරී සිතුවිලි
0- යම් කිසිවකට දඬුවමකට යටත් වූවෙක් ලෙස මට හැඟෙන්නේ නැහැ.
1-යම් හේතුවකින් මා දඬුවමකට/වේදනාවකට යටත් වේයැයි මට හිතෙනවා
2-දඬුවම් / වේදනාවන් විඳීමට මා අපේක්ෂාවෙන් ඉන්නවා,
3-මා යම් ආකාරයක දඬුවමකට , වේදනාවකට පීඩාවකට යටත් වූවෙක් ලෙස මට දැනෙනවා
පිළිතුර(vi) *
ප්‍රශ්න අංක 7-කළකිරීම් ස්වභාවය
0- මට , මා ගැන කිසිඳු කළකිරීමක් නැහැ
1- මට , මා ගැන ඇත්තේ කළකිරීමක් පමණයි
2-මා , මගේ ජීවිතය ගැන අතිශ්‍යයින්ම කළකිරිල එපාවෙලා ඉන්නේ ,
3-මා , මගේ ජීවිතයට , මටම වෛර කරනවා ,
පිළිතුර(vii) *
ප්‍රශ්න අංක 8-මගේ වැරැද්දට ප්‍රතිචාරය
0- මම , මගේ අනෙක් මිතුරන් , සාමාන්‍ය මිනිසුනට වඩා නරක යැයි මට හිතෙන්නේ නැහැ.
1- මට වුනු වැරදීම් , අතපසුවීම් පිළබඳව සංවේදීයි , ඒ පිළිබඳව හිතාබලනවා
2- මගෙන් වුනු වැරදි වලට මම , මටම දොස්තබා ගන්නවා
3-හැම වැරැද්දටම මම , මටම දොස් තබා ගන්නවා
පිළිතුර(viii) *
ප්‍රශ්න අංක 9-සියදිව නසා ගන්නට හිතෙනවද?
0- “සියදිවි නසා ගැනීම“ පිළිබඳව හැඟීමක් අපේක්ෂාවක් මට කිසි සේත්ම ඇත්තේ නැහැ
1- සමහර විට මට හිතෙනවා “සියදිවි නසාගන්නට“ , ඒත් මම එහෙම කරන එකක් නැහැ
2-ජීවිතේ නැති කරගන්නට කැමැත්තෙන් ඉන්නේ මම
3-අවස්ථාවක් ලැබුනොත් මම “සියදිවි නසාගන්නවා“
පිළිතුර(ix) *
ප්‍රශ්න අංක 10-මට ඇඩෙන තරම්
0- සාමාන්‍යෙයන් මම හඬන්නේ නැහැ, හඬන්න තරම් අවශ්‍යතාවක් නැහැ මට
1-මට වෙනදට වඩා දැන් හැඬෙනවා ,
2-හැම තිස්සෙම මම ඉන්නේ හඬ හඬා ,
3-හඩන්නට ඕන වුනත් , අඬන්න බැරි තරමට මම අඩලා , තවත් අඩන්න කඳුළු නැති තරමටම
පිළිතුර(x) *
ප්‍රශ්න අංක 11-කළබලය සහ කෝපවීම
0-මා සාමාන්‍යෙයන් කළබලවන , කෝපවන කෙනෙක් නොවෙයි
1-වෙනදට වඩා ඉක්මණින් මා දැන් කෝපවනවා , කළබලවනවා
2-හුඟක් වෙලාවට මම ඉක්මණින් කළබලයට , කෝපයට පත්වනවා.
3-මම දවස පුරාම කළබලයෙන් , කෝපයෙන් නොඉවසිල්ලෙන් ඉන්නේ
පිළිතුර(xi) *
ප්‍රශ්න අංක 12-මිතුරන් අතරේ රැඳීම
0- මගේ මිතුරන් , පවුලේ අය , වට පිටේ ඉන්න අය පිළිබඳ මගේ අකැමැත්තක් නැහැ ,
1-මගේ මිතුරන් , වටපිටෙ ඉන්නා අය පිළිබඳ මගේ කැමැත්ත දැන් වෙනදාට වඩා අඩුයි
2-ඒ අය ගැන මගේ කැමැත්ත දැන් හුඟක්ම අඩුයි
3-මගේ මිතුරන් , වටපිටෙ ඉන්නා අය පිළිබඳ මට කිසිම කැමැත්තක් නැහැ
පිළිතුර(xii) *
ප්‍රශ්න අංක 13-තීරණ ගැනීමේ හැකියාව
0- යමක් පිළිබඳ තීරණ ගැනීමේදි ගැටළුවක් නැතිව තීරණ ගන්නට මට පුළුවන්
1-ඒ වගේ තීරණ ගැනීම වෙනදට වඩා කල්දාන්නයි මම උත්සාහ කරන්නේ
2-වෙනද වගේ නෙවි ,මට දැන් තීරණයක් ගන්න හරිම අමාරුයි
3-මට දැන් කිසිම දෙයක් ගැන , කිසිම තීරණයක් ගන්න බැහැ.
පිළිතුර(xiii) *
ප්‍රශ්න අංක 14-මගේ පෙනුම
0- මගේ පෙනුම , වයසට කාළයට අදාල සාමාන්‍ය මට්ටමේ කියලයි මට හිතෙන්නේ
1-මා වසයින් හුඟක් වැඩි කෙනෙක් ලෙස , කැතට ආකර්ශණීය පෙනුමක් නැති කෙනෙක් වේවි කියල මට බයයි
2-මට හිතෙනවා පෙනුම හුඟක් වෙනස් වෙලා , තිබුණු ආකර්ශණීය බව නැතිවෙලා කියල
3-මම හරිම කැතයි මට හිතෙන විදියට
පිළිතුර(xiv) *
ප්‍රශ්න අංක 15- වැඩ කරත්දි ඊට දරන පරිශ්‍රමය
0- මට වෙනද වගේම මගේ වැඩ රාජකාරි කරන්න පුළුවන්
1-මට දැන් යම් වැඩක් පටන් ගන්න වෙනදට වඩා ටිකක් පරිශ්‍රමයක් දරන්න ඕන ,
2-වෙනද සාමාන්‍ය විදියට කළ හැමදෙයක් කරත්දිම , ඊට වඩා හුඟක් පරිශ්‍රමයක් දරන්න , ප්‍රයාස දරන්න වෙනව දැන්.
3-මට කිසිම දෙයක් කරගන්න බැහැ දැන්
පිළිතුර(xv) *
ප්‍රශ්න අංක 16-නින්දයාම
0- මගේ නින්ද වෙනද වගේම සාමාන්‍යයි,
1-වෙනද වගේ මට දැන් නින්ද යන්නේ නැහැ.
2-වෙනදට වඩා පැයකට දෙකකට කළින් ඇහැරෙනවා , ඊට පස්සේ ආයෙ නින්දට හරිම අමාරුයි
3-වෙනද වගේ නෙවි , පැය ගණනකට ඉස්සර වෙලා ඇහැඇරෙනවා , ඊට පස්සේ ආයෙ නින්ද යන්නේ නැහැ කොහෙත්ම
පිළිතුර(xvi) *
ප්‍රශ්න අංක 17-මහන්සිය
0- දවසේ දැනෙන වෙහෙසකාරී බව වෙනද වගේමයි වෙනසක් නැහැ.
1-වෙනදට වඩා ඉක්මණට මම දැන් වෙහෙසහ පත් වෙනවා
2-මොන දේ කළත් මම හරිම ඉක්මණින් වෙහෙසට පත් වෙනවා.
3-මට කිසි දෙයක් කරන්න බැරි තරමට මහන්සියි හැම තිස්සෙම
පිළිතුර(xvii) *
ප්‍රශ්න අංක 18-කෑම රුචිය
0- කෑම රුඩියේ වෙනසක් නැති තරම් වෙනද වගේමයි.
1-වෙනද තරමටම කෑම රුචියක් නැහැ දැන් මට
2-මගේ කෑම රැචිය හුඟක් අඩුයි
3-මට කිසිම රැචියක් ඇත්තෙ නැහැ කෑමට
පිළිතුර(xviii) *
ප්‍රශ්න අංක 19-දේහ බර
0- මගේ දේහ බර අඩුවීමක් අසාමාන්‍ය ලෙස දකින්නට ලැබෙන්නේ නැහැ.
1-මගේ බර කිලෝග්‍රෑම් දෙක තුනකට වඩා අඩුවෙලා පහුගිය ටිකේ
2-ඇඟේ බර කිලෝ පහකට වඩා අඩු වෙලා මේ ටිකට
3-පහුගිය ටිකට මගේ බර කිලෝ හත අටකට වඩා අඩුවෙලා
පිළිතුර(xix) *
ප්‍රශ්න අංක 20- ලෙඩ දුක් ගැන බය
0- මගේ ශරීර සෞඛ්‍ය ගැන මට අසාමාන්‍ය ලොකු බයක් ඇත්තේ නැහැ
1-කැක්කුම් , අතපය වේදනාවන් බඩේ අමාරු වගෙ දේවල් ගැන මට බයයි
2-වෙන දෙයක් ගැන හිතන්න බැරි තරමට මට මතක් වෙන්නේ , හිතෙන්නෙ මේ අතපය වේදනාවන් කැක්කුම් ඇඟේ අමාරුකම් ගැන
3-වෙන කිසි දෙයක්ම ගැන හිතෙන්මනේ නැහැ ,මම අතිශ්‍යයින්ම බයෙන් ඉන්නේ ලෙඩ වේවි, කැක්කුම් අමාරුකම් ඇතිවේවි කියල
පිළිතුර(xx) *
ප්‍රශ්න අංක 21-ලිංගික ආශාව
0- ලිංගික ආශාවන් , ලිංගික එක්වීම් පිළිබඳ මගේ කැමැත්ත සාමාන්‍යයි , වෙනද වගේමයි වෙනසක් නැහැ.
1-මට එ් ගැන වෙනද තරම්ම ආසාවක් , කැමැත්තක් නැහැ
2-ලිංගික එක්වීම්/ කටයුතු පිළිබඳ කැමැත්තක් ඇත්තෙම නැති තරම් දැන්
3-ලිංගික එක්වීම /කටයුතු පිළිබඳ තිබුණු කැමැත්ත කොහෙත්ම දැන් නැහැ මට , කිසිම කැමැත්තක නෑ ඒවට.
පිළිතුර(xx1) *
Submit
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Additional Terms