JavaScript isn't enabled in your browser, so this file can't be opened. Enable and reload.
11 ශ්‍රේණිය ඒකක පරීක්ෂණය - 5. ප්‍රකාශ විද්‍යාව
ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.
Sign in to Google
to save your progress.
Learn more
* Indicates required question
නම:-
*
Your answer
ශ්‍රේණිය:-
*
10 ශ්‍රේණිය
11 ශ්‍රේණිය
Required
පාසල:-
*
Your answer
01. පෙනීම සම්බන්ධයෙන් දැක්වෙන පහත රූප සටහන සලකන්න. එම රූප සටහන සම්බන්ධයෙන් පහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය සහිත වරණය තෝරන්න.
1 point
අදිප්ත වස්තු නිරීක්ෂණය සඳහා දීප්ත වස්තු උපකාරී වේ.
ඇස ආලෝකය පරාවර්තනය කරයි.
අදීප්ත වස්තු මගින්ද ආලෝක කිරණ නිපදවයි.
දීප්ත වස්තු ආලෝකය පරාවර්තනය කරන නිසා අදීප්ත වස්තු නිරීක්ෂණය කළ හැක.
Clear selection
02. පරාවර්තනය පිළිබඳ පළමු නියමය වන්නේ,
1 point
පතන කිරණයත් පරාවර්තන කිරණයත් පතන ලක්ෂයේදී පෘෂ්ඨයට ඇඳි අභිලම්බයත් එකම තලයක පිහිටයි.
පතන කෝණය පරාවර්තන කෝණය ට සමාන වේ.
වර්තන කෝණය පරාවර්තන කෝණය ට සමාන වේ.
පතන කෝණය අභිලම්බය ට සමාන වේ.
Clear selection
03. “i = r” ලෙස දැක්වෙන්නේ,
1 point
ආලෝකයේ වර්තන නියමයයි.
ආලෝක පරාවර්තනයේ දෙවන නියමයයි.
ආලෝකයේ අවධි නියමයයි.
ස්නෙල්ගේ නියමයයි.
Clear selection
04. අපසාරී පරාවර්තනයේ දී,
1 point
පරාවර්තන පෘෂ්ඨය තල හා සුමටය.
පතන කිරණයත්, පරාවර්තන කිරණයත්, අභිලම්බයත් යන තුනම එකම තලයක පිහිටයි.
පරාවර්තන කිරණ එකම දිශාවකට යොමු වේ.
පරාවර්තන කිරණ එකිනෙකට සමාන්තර වේ
Clear selection
05. තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බයක ලක්ෂණයක් නොවන්නේ
1 point
තාත්වික ප්‍රතිබිම්බ සාදයි.
වස්තු දුර ප්‍රතිබිම්බ දුරට සමානය.
වස්තුව හා ප්‍රතිබිම්බය විශාලත්වයෙන් සමාන ය.
උඩුකුරු ප්‍රතිබිම්බ සාදයි.
Clear selection
06. තල දර්පණයකින් බලන විට පාර්ශ්වික අපවර්තනයට බඳුන්වන අක්ෂරය වන්නේ,
1 point
P
H
O
T
Clear selection
07. රූප සටහනේ දක්වා ඇති A, B, C දර්පණ පිළිවෙලින්,
1 point
අවතල දර්පණ, උත්තල දර්පණ, තල දර්පණ
අවතල දර්පණ, තල දර්පණ, උත්තල දර්පණ
උත්තල දර්පණ, තල දර්පණ, අවතල දර්පණ
උත්තල දර්පණ, අවතල දර්පණ, තල දර්පණ
Clear selection
08. a. තල දර්පණයක් ඉදිරියේ ඇති වස්තුවකින් අතාත්වික ප්‍රතිබිම්බ පමණක් ඇතිවේ. b. අවතල දර්පණ මගින් ඇති ඇතිවන්නේ තාත්වික ප්‍රතිබිම්බ පමණි. c. උත්තල දර්පණ මඟින් තාත්වික මෙන්ම අතාත්වික ප්‍රතිබිම්බ ඇතිවේ. ඉහත ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ,
1 point
a පමණි.
a හා b පමණි.
a හා c පමණි.
b හා c පමණි.
Clear selection
09. අවතල දර්පණයක, දර්පණය හා නාභිය අතර තබා ඇති වස්තුවක ලක්ෂණ වනුයේ,
1 point
වස්තුවට වඩා විශාලය, උඩුකුරු ය, තාත්විකය
වස්තුවට වඩා විශාලය , උඩුකුරු ය, අතාත්විකය
වස්තුවට වඩා කුඩාය, යටිකුරුය, අතාත්විකය
වස්තුවට වඩා කුඩාය, උඩුකුරු ය, තාත්විකය
Clear selection
10. දර්පණ වල පරාවර්තනය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1 point
උත්තල දර්පණ හා අවතල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ පාර්ශ්වික අපවර්තනයට ලක් නොවේ.
මිනිස් ඇසේ ඇසේ ඇත්තේ උත්තල දර්පණයකි.
තල දර්පණ සෑම විටම අතාත්වික ප්‍රතිබිම්භ සාදයි.
අවතල දර්පණයක් මගින් ප්‍රතිබිම්බ ලබාගැනීමේ දී වස්තුවේ පිහිටීම කවර ස්ථානයක වුවත් ප්රතිබිම්බයේ ප්‍රමාණය වෙනස් නොවේ
Clear selection
11. සිසුවෙකු දර්පණ භාවිතයෙන් සිදු කළ පරීක්ෂණයකදී පහත සඳහන් ලක්ෂණ සහිත ප්‍රතිබිම්බයක් නිරීක්ෂණය විය. තාත්වික, යටිකුරු, වස්තුවේ ප්‍රමාණයට සමාන. ඉහත නිරීක්ෂණයට අනුව ඔහු යොදාගත් දර්පණය හා වස්තුව තැබූ ස්ථානය වන්නේ
1 point
අවතල දර්පණය, f හා C අතර
උත්තල දර්පණය, f හා C අතර
අවතල දර්පණය, C මත
උත්තල දර්පණය, f මත
Clear selection
12. A හා B ආලෝක කදම්බ දෙක ලබා ගැනීම සඳහා භාවිතා කළ හැකි ප්‍රකාශ උපකරණ දෙක කුමක්ද?
1 point
උත්තල කාචය, උත්තල දර්පණය
අවතල කාචය, උත්තල දර්පණය
අවතල කාචය, අවතල දර්පණය
උත්තල කාචය, අවතල දර්පණය
Clear selection
13. ගෝලීය දර්පණ භාවිතා වන අවස්ථාවක් නොවන්නේ,
1 point
වාහන වල පැති කණ්නාඩි සඳහා
පරීක්ෂය නම් උපකරණය සෑදීම සඳහා
දන්ත වෛද්‍යවරුන් මුඛය පරීක්ෂා කිරීමේ උපකරණය සාදා ගැනීම සඳහා
රැවුල කැපීම සඳහා
Clear selection
14. වක්‍ර දර්පණ සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකා බලන්න. a. වක්‍ර දර්පණයක නාභි දුර වක්‍රතා අරයෙන් භාගයකි. b. වක්‍ර දර්පණ වල නාභිය සෑමවිටම අතාත්වික වේ. c. අවතල දර්පණ සඳහා තාත්වික නාභිද උත්තල දර්පණ සඳහා අතාත්වික නාභිද ඇත. මේ අතුරින් සත්‍ය ප්‍රකාශ /ප්‍රකාශය කුමක්ද?
1 point
a පමණි.
a හා b පමණි.
a හා c පමණි.
a, b, c සියල්ල සත්‍ය වේ
Clear selection
15. පහත රූපයේ දැක්වෙන අවතල දර්පණයේ කිරණ අවස්ථාව වන්නේ,
1 point
වක්‍රතා කේන්ද්‍රය හරහා ගමන් ගන්නා කිරණය ආපසු එම මාර්ගයේම ගමන් කරයි.
සමාන්තරව එන ආලෝක කිරණය නාභිය හරහා ගමන් කරයි.
ප්‍රධාන අක්ෂයට යම් කෝණයකින් ආනතව දර්පණයේ ධ්‍රැවය වෙත පැමිණි කිරණය එම කෝණයට සමාන කෝණයකින් පරාවර්තනය වේ.
නාභිය හරහා එන ආලෝක කිරණය සමාන්තරව ගමන් කරයි.
Clear selection
16. දර්පණයක නාභිය දුර 20 cm වේ. එම දර්පණයේ ප්‍රධාන අක්ෂය මත වස්තුවක් තැබූ විට දර්පණයෙන් සෑදෙන ප්‍රතිබිම්බය වස්තුවට වඩා කුඩා වන අතර තාත්වික, යටිකුරු ප්‍රතිබිම්බයකි. දර්පණයේ සිට වස්තුවට ඇති දුර වන්නේ,
1 point
10 cm
20 cm
40 cm
60 cm
Clear selection
17. දර්පණයක නාභීය දුර 40 cm කි. එහි එක්තරා වස්තු දුරකදී ලැබූ ප්‍රතිබිම්බය තාත්ත්වික, යටිකුරු හා වස්තුවට වඩා විශාල විය. වස්තු දුර වනුයේ,
1 point
20 cm
60 cm
80 cm
100 cm
Clear selection
18. වස්තුවක් තල දර්පණයක් ඉදිරියේ හා අවතල දර්පණයක් ඉදිරියේ නාභීය දුරට අඩු දුරක තැබූ විට හට ගන්නා ප්‍රතිබිම්බ වල සමානකමක් වන්නේ,
1 point
අතාත්වික වීම
තාත්වික වීම
වස්තු උස = ප්‍රතිබිම්බ උස වීම
වස්තු දුර = ප්‍රතිබිම්බ දුර වීම
Clear selection
19. පහත A උපකරණය විය හැක්කේ,
1 point
අවතල කාචයක්
උත්තල දර්පණයක්
අවතල දර්පණයක්
උත්තල කාචයක්
Clear selection
20. වර්තනය සම්බන්ධයෙන් වන පහත ප්‍රකාශ සලකා බලන්න. a. ආලෝක කිරණයක් වර්තනයට භාජනය වන්නේ මාධ්‍ය දෙකක් වෙන් කරන පෘෂ්ඨයට ලම්භක නොවන දිශාවකින් පැමිණෙන්නේ නම් පමණි. b. ආලෝකයේ වර්තනයට හේතුව ආලෝකය ගමන් කරන වේගය මාධ්‍යයෙන් මාධ්‍යයට වෙනස් වීම ය. c. ආලෝකයේ වේගය වැඩි මාධ්‍යය ගහනතර මාධ්‍ය ලෙසත් ආලෝකයේ වේගය අඩු මාධ්‍ය විරලතර මාධ්‍ය ලෙසත් හැඳින්වේ.මේ අතුරින් සත්‍ය ප්‍රකාශ /ප්‍රකාශය කුමක්ද?
1 point
a පමණි.
a හා b පමණි.
a හා c පමණි.
a, b, c සියල්ල සත්‍ය වේ.
Clear selection
21. මේ සම්බන්ධයෙන් නිවැරදි නොවන්නේ කුමන ප්‍රකාශ ද?
1 point
මාධ්‍ය දෙක මත පමණක් රඳා පවතින නියතයකි.
පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍යයේ වර්තනාංකයයි.
ආලෝකය රික්තයක සිට යම් මාධ්‍යයකට ඇතුළු වුවහොත් වර්තනාංකය රඳා පවතින්නේ එක් මාධ්‍යයක් මත පමණි.
වර්තනයේ පළමුවන නියමයෙන් විස්තර වේ.
Clear selection
22. ස්නෙල්ගේ නියමයට අනුව A ට සාපේක්ෂව B හි වර්තනාංකය වන්නේ,
1 point
1
0.5
2
1.5
Clear selection
23. ආලෝකයේ ‘අවධි’ අවස්ථාව සම්බන්ධයෙන් වන වැරදි ප්‍රකාශය වන්නේ,
1 point
විරලතර මාධ්‍යයක සිට ගහනතර මාධ්‍යයකට ආලෝක කිරණ ගමන් කිරීමේදී පමණක් ලබාගත හැක.
වර්තන කෝණය අගය 90°ක් බවට පත් වන අවස්ථාවයි.
වර්තන කිරණය මාධ්‍ය දෙක වෙන් කරන අතුරු මුහුණත දිගේ ගමන් කරයි.
පතන කෝණය ක්‍රමයෙන් වැඩි කරන විට වර්තන කිරණය අභිලම්බ යෙන් ඉවතට නැඹුරු වේ.
Clear selection
24. ආලෝක කිරණයක් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිදුවීමට ඇති අවශ්‍යතාවය වන්නේ,
1 point
Option 1
Option 2
Option 3
Option 4
Clear selection
25. ප්‍රිස්ම තුලින් සිදුවුන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය භාවිතා වන උපකරණයක් නොවන්නේ,
1 point
අන්වික්ෂය
දෙනෙතිය
දුරේක්ෂය
කැමරාව
Clear selection
26. පහත රූපයේ පෙන්වා ඇති ප්‍රිස්මය තුළින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිදුවීමේදී ආලෝක කිරණය 90° කින් හරවා ගත හැකි නිවැරදි කිරණය වන්නේ,
1 point
A
B
C
D
Clear selection
27. P, Q, R හා බැඳෙන ආලෝක වර්තනයේ සංසිද්ධීන් පිළිවෙලින් අඩංගු පිළිතුර වන්නේ,
1 point
අවධි අවස්ථාව, ආලෝක වර්තනය, පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය
ආලෝක වර්තනය, අවධි අවස්ථාව, පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය
අවධි අවස්ථාව, පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය, ආලෝක වර්තනය
ආලෝක වර්තනය, පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය, අවධි අවස්ථාව
Clear selection
28. ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයකට වර්තනය වන කිරණ සම්බන්ධයෙන් පහත ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශය ඇතුළත් වරණය වන්නේ,
1 point
වර්තන කිරණ අභිලම්බය දෙසට නැඹුරු වේ.
පතන කෝණයේ අගය ක්‍රමයෙන් වැඩි කරන විට වර්තන කිරණය නැවත ගහනතර මාධ්‍යයටම ගමන් කිරීම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය යි.
අවධි කෝණය යනු ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයට ඇතුළු වන කිරණයක වර්තන කිරණය අභිලම්බය සමඟ සාදන කෝණයයි.
පතන කෝණයේ අගය වැඩි කරන සෑම විටම වර්තන කිරණය විරල මාධ්‍ය වෙතට ගමන් කරයි.
Clear selection
29. රූපයේ ජල පතුලේ පවතින ගල් කැටය ඇසට දර්ශනය වන ලක්ෂය වන්නේ,
1 point
P
Q
R
S
Clear selection
30. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සංසිද්ධිය යෙදෙන අවස්ථාවක් වන්නේ,
1 point
මිරිඟුව ඇතිවීම
ඈතින් ඇති වස්තුවක් ළං වී පෙනීම
දේදුන්න ඇති වීම
ජලයේ පතුලේ පීනන මාලුවෙක් මදක් එසවී පෙනීම
Clear selection
31. කාච සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකන්න. a. කාච මඟින් ආලෝක වර්තනය හා පරාවර්තනය යන දෙකම සිදු කරයි. b. කාච සෑදීම සඳහා ආලෝකය හොඳින් විනිවිද ගමන් කරන ද්‍රව්‍ය භාවිතය වඩාත් උචිත වේ. c. කාච වල පෘෂ්ඨය හැමවිටම උත්තල වේ.ඉහත ප්‍රකාශ අතුරින් සත්‍ය ප්‍රකාශ අඩංගු වරණය කුමක්ද?
1 point
a පමණක් සත්‍ය වේ.
b පමණක් සත්‍ය වේ.
a හා b සත්‍ය වේ.
a, b, c සියල්ල අසත්‍ය වේ.
Clear selection
32. පහත දී ඇති සටහන් අතුරෙන් නිවැරදි නොවන කිරණ සටහන වන්නේ,
1 point
A
B
C
D
Clear selection
33. සිසුන් පිරිසකට පරාග නිරීක්ෂණය සඳහා ක්‍රියාකාරකමක් සිදු කිරීමට පැවරී තිබූ අතර ඒ සඳහා ඔවුන්ට සරල අන්වීක්ෂයක් ද ලැබී තිබුණි. පරාග පැහැදිලිව නිරීක්ෂණය සඳහා ඔවුන් විසින් පරාග තැබිය යුත්තේ,
1 point
නාභි දුරට වඩා අඩු දුරකින්
නාභි දුර මෙන් දෙගුණයක දුරක් මත
නාභි දුර මෙන් දෙගුණයක් හා නාභිය අතර
නාභි දුර මෙන් දෙගුණයක දුරට වඩා වැඩි දුරකින්
Clear selection
34. උත්තල කාච භාවිතා නොකරන උපකරණයක් වන්නේ,
1 point
ආලෝක අන්වීක්ෂය
බහුරූපේක්ෂය
කැමරාව
සරල අන්වීක්ෂය
Clear selection
35. උත්තල කාච වලින් සෑදෙන ප්‍රතිබිම්බ සම්බන්ධයෙන් නිවැරදි වරණය වන්නේ,
1 point
සෑම විටම තාත්ත්වික යටිකුරු ප්‍රතිබිම්බ සාදයි.
වස්තුව නාභිදුර මෙන් දෙගුණයක දුරක තැබූ විට උඩුකුරු අතාත්වික ප්‍රතිබිම්භ සාදයි.
වස්තුව ප්‍රකාශ කේන්ද්‍රයෙන් ඉවතට චලනය කරන විට ප්‍රතිබිම්බයද ප්‍රකාශ කේන්ද්‍රයෙන් ඉවතට චලනයක් වේ.
වස්තුව නාභියෙන් ඉවතට චලනය කරන විට ප්‍රතිබිම්බය ප්‍රකාශ කේන්ද්‍රය දෙසට චලනය වේ.
Clear selection
36. අවතල කාච සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකන්න. a. අවතල කාචයක නාභිය තිරයක් මතට ගත හැක. b. අවතල කාචයෙන් සෑදෙන ප්‍රතිබිම්බ තාත්වික වේ. c. අවතල කාචයෙන් සෑම විටම වස්තුවට වඩා කුඩා ප්‍රතිබිම්බ සෑදෙයි. ඉහත ප්‍රකාශ අතරෙන් සත්‍ය වන්නේ,
1 point
b පමණි.
c පමණි.
a හා c පමණි.
b හා c පමණි.
Clear selection
37. පහත කිරණ සටහනට අදාළ ප්‍රකාශ උපකරණය විය හැක්කේ,
1 point
අවතල දර්පණයකි.
අවතල කාචයකි.
උත්තල කාචයකි.
උත්තල දර්පණයකි.
Clear selection
38. ඉහත 37 ප්‍රශ්නයෙහි කිරණ සටහනට අනුව ප්‍රතිබිම්බය,
1 point
තාත්වික ය.
අතාත්වික ය.
යටිකුරු ය
විශාලිත ය.
Clear selection
39. එක්තරා කාචයක නාභිය දුර 15 cm කි. එහි එක්තරා වස්තු දුරක දී අතාත්ත්වික, උඩුකුරු, වස්තුවට වඩා විශාල ප්‍රතිබිම්බ ලබා දෙන ලදී. එහි වස්තු දුර වන්නේ,
1 point
10 cm
20 cm
30 cm
40 cm
Clear selection
40. කාචයකින් එක්තරා වස්තු දුරක දී සෑදෙන ප්‍රතිබිම්බය තාත්ත්වික, යටිකුරු, වස්තුවට වඩා විශාල විය. එහි නාභිය දුර 25 cm නම් වස්තු දුර වනුයේ,
1 point
15 cm
25 cm
45 cm
5 cm
Clear selection
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. -
Terms of Service
-
Privacy Policy
Does this form look suspicious?
Report
Forms
Help and feedback
Contact form owner
Help Forms improve
Report