කොවිඩ් 19 සහ ඉන් ඔබ්බට - ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළදපොල කෙරෙහි ඇති බලපෑම (අදියර 2)(කම්කරු දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලැබේ)
මෙම ඊ-සමීක්ෂණය සැලසුම් කර ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුව විසින් මීට පෙර සිදු කරන ලද ඊ- සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ ව්‍යාපාරික ප්‍රජාව ද ඇතුළුව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පවත්වාගෙන යන සියලුම ව්‍යාපාරික ආයතන සදහාය. මින් පෙර අප විසින් සිදු කරන ලද සමීක්ෂණය සාර්ථක කර ගැනීම සදහා ඔබ ලබා දුන් වටිනා ප්‍රතිචාර වෙනුවෙන් සියලුම ව්‍යාපාරික ප්‍රජාව වෙත අපගේ හෘදයාංගම කෘතවේදීත්වය පළකර සිටිමු. www.labourdept.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට සමීක්ෂණ වාර්තාව බාගත කිරීමේ පහසුකම සලසා ඇත.

මෙම සමීක්ෂණයේ මුලික පරමාර්ථය වන්නේ රටේ ශ්‍රම වෙළදපොල තත්ත්වය ඉහල නැංවීම සදහා උපාය මාර්ග හදුනා ගැනීමට හැකි වන පරිදි ව්‍යවසායන්හි වර්තමාන මෙහෙයුම් ප්‍රගතිය සහ සේවා නියුක්තියේ තත්ත්වය හදුනා ගැනීමයි.

මෙම සමීක්ෂණය සාර්ථක කරගැනීමෙහි ලා වඩාත් නිවැරදි හා යාවත්කාලින තොරතුරු ලබා දීමෙන් ඔබ දක්වන සහයෝගය අප බෙහෙවින් අගය කොට සලකමු. ඔබ විසින් සපයනු ලබන තොරතුරු ප්‍රතිපත්ති සම්පාදනයෙහි ලා පමණක් භාවිතා කරනු ලබන අතර එහි රහස්‍යභාවය පුර්ණ වශයෙන් ආරක්ෂා කරනු ලබන බවට අප විසින් සහතික වන්නෙමු.

වැඩිදුර විමසීම් සදහා:
දුරකථන : 0112582647
ඊ-මේල්: dolslsurvey@gmail.com

ආරම්භ කිරීමට කරුණාකර "Next" මත ක්ලික් කරන්න.
Next
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy