“පරිපූර්ණ ලෙස සඟවා ගත් විශාදය“ පිළිබඳව ස්වයං පරික්ෂණය (Perfectly Hidden Depression) - Self Test
“පරිපූර්ණ ලෙස සඟවා ගත් විශාදය“ යනු , බොහෝ අවස්ථාවන් වලදී සෞඛ්‍ය වෘත්තිකයන්ට පවා මගහැරෙන්නට ඉඩ තිබෙන මානසික රෝග තත්ත්වයකි. විශාදයේ මූලික ලක්ෂණ වලින් මානසිකව පීඩා විඳවූවද එම ලක්ෂණ බාහිරට නොපෙනෙන ලෙස “සඟවා“ සිටින්නට මොවුනට හැකියාවක් ඇත.( සිතා හෝ නොසිතා). මේ නිසාම මෙම තත්ත්වයට “සිනාවෙන විශාදය“ ලෙසද හඳුන්වයි.මෙලෙස රෝග ලක්ෂණ බාහිරට නොපෙන්වීම නිසාම ජීවිතයේ ඉතා අවදානම් වලට සහ විඳවීම් වලට මුහුණදෙන PHD තත්ත්වයෙන් පෙළන්නන් හඳුනාගැනීමේදී රෝගියාගෙන් ලැබෙන “අවංක“ තොරතුරු ඉතා වැදගත්වේ. පහත ප්‍රශ්නාවලිය තුල අසන ප්‍රශ්න වලට “ඔබේ හෘද සාක්ෂියට අනුව“ අවංක පිළිතුරු දෙන්නේ නම් ඔබ යම් අවදානම් තත්ත්වයක සිටීදැයි හඳුනාගැනීමටත් , කළ යුතු දේ ගැන අවබෝධයක් ලබා ගැනීමටත් හැකිවනු ඇත.


උපදසේ= ව්‍යාජ නාමය - ඔබව හඳුන්වාදීමට ඔබට මතක තබා ගත හැකි ව්‍යාජ නාමයක් හෝ පෙන්වා ඇති අයුරින් නම දිනය වෙලාව එක්කර භාවිත කරන්න. ප්‍රතිපලය ලබා ගැනීමේදී එය ඔබට පහසුවක් වේ. උදා ව්‍යාජනම_දිනය_වෙලාව maxa_5/12-10:15

ප්‍රශ්නය කියැවීමේදී සැළකිලිමත්වන්න, “දිනය පුරාම“ , “අතිශ්‍යය“ ,“සාමාන්‍ය“ , “ කිසිසේත්ම නැත“ වැනි වචන පිළිබඳව ඔබේ අත්දැකීම සමඟ වැඩි අවදානයක් යොමු කරන්න

පිළිතුරු සැපයීමේදී ,ඔබේ පිළිතුර “ඔව්“ නම් 1 ද , “නැත“ නම් 2ද තෝරන්න

ප්‍රශ්න 26කම සම්පුර්ණ කළ පසු SUBMIT බොත්තම මත ක්ලික් කර ලැබෙන උපදෙස් අනුගමනය කරන්න.

ඔබේ තත්ත්වය පිළිබඳ වාර්තාව ලබා ගැනීම සඳහා

https://docs.google.com/spreadsheets/d/180LBCQllIb9oMtOdi_A4Rt9r5CjL4ASso-1XLLigv2Q/edit#gid=0

හෝ

http://www.nursinglk.com/2018/06/222.html පිටුවට පිවිසෙන්න.

(ප්‍රතිපල පලවීම සඳහා උපරිම පැය 24ක කාළයක් ගතවීමට ඉඩ ඇත.)

අවවාදයයි - මෙම ස්වයං පරික්ෂණය මඟින් රෝග විනිශ්චයක් ලබා දීමක් නොකරෙන අතර , එය වෛද්‍යවරයා සතු කාර්යයි.

ඔ‍බව හඳුන්වාදීමට යොදා ගන්නා ව්‍යාජ නාමය *
Your answer
ඔබේ පවුල් පසුබිම , හැදී වැඩුනු ආකාරය
1. ඔබ හැදී වැඩුනේ , වේදනාව දුක පිළිබඳ කතා කරන්නට , එවන් අත්දැකීම් විඳින්නට නොලැබෙන/ ලබා නොදෙන පවුල් පරිසරයකද ?
(පිළිතුර ඔව් නම් 1 ද නැත නම් 2ද ක්ලික් කරන්න)
(a) *
ඔව්
නැත
2. ඔබ හැදී වැඩුනේ , “වේදනාවන් අපහසුතාවන්“ තනිව දරාගත යුතු බවත් , ඒ වෙනුවෙන් උදව් ඉල්ලා සිටීම “දුර්වලකමකි“යි පිළිගත් පවුල් පරිසරයකද ?
(පිළිතුර ඔව් නම් 1 ද නැත නම් 2ද ක්ලික් කරන්න)
(b) *
ඔව්
නැත
3. ඔබ හැදි වැඩෙත්දි , මවගේ හෝ පියාගේ(එක් අයෙකුගේ) “අතිශ්‍ය විශේෂ දරුවා ලෙස“ හැදී වැඩී ඒ “සුවිශේෂී“ බව නිසාම තමාට වඩාත් බැඳීමක් තිබූ මව හෝ පියාගෙ සිත සතුටින් තැබීය යුතු බව ඔබට කියා ඇත්ද?
(පිළිතුර ඔව් නම් 1 ද නැත නම් 2ද ක්ලික් කරන්න)
(c) *
ඔව්
නැත
4. ඔබ හැදී වැඩුනේ වැඩිමළා ලෙස ඔබේ බාල සහෝදර සහෝදරියන් පිළිබඳ ඉහළ වගකීමක් දරාගතව තිබූ පවුල් පරිසරයකද? 
(පිළිතුර ඔව් නම් 1 ද නැත නම් 2ද ක්ලික් කරන්න)
(d) *
ඔව්
නැත
5. ඔබට හැදී වැඩෙන්නට වුනේ (පවුලේ) , සාමාන්‍ය දරුවෙක් ලෙස නිදහසේ නොව, දැඩි නීති රීති සහිත ,දෙමාපියන් පෙර සැලසුම් කළ පිළිවෙලක් යටතේද?
(පිළිතුර ඔව් නම් 1 ද නැත නම් 2ද ක්ලික් කරන්න)
(e) *
ඔව්
නැත
6. ඔබට මත්පැනට ඇබ්බැහි වූ හෝ වෙනත් ආකාරයකින් දුර්වලවූ ඔබේ  මවක හෝ පියෙකු රැකබලා ගැනීමට සිදුවූවාද?
(පිළිතුර ඔව් නම් 1 ද නැත නම් 2ද ක්ලික් කරන්න)
(f) *
ඔව්
නැත
ඔබේ රැකියාව සහ එදිනෙදා ජීවිතය
7. ඔබේ ජීවිතයේ ඇතිවන ගැටළු/අපහසුකාරී තත්ත්ව තුලදී , අනෙක් අය විශ්වාස කිරීම පිළිබඳ ගැටළු ඇතිවේද?
(පිළිතුර ඔව් නම් 1 ද නැත නම් 2ද ක්ලික් කරන්න)
(g) *
ඔව්
නැත
8. ඔබ , ඔබේ පෙනුමේ, කරන කාර්යයේ , ඉතා නිවැරදි, පිළිවෙලබව, පරිපුර්ණබව පිළිබඳ ඔබ දකින ආකාරය මෙන්ම අවට සිටින්නන් එය දකින ආකාරය පිළිබඳව නිරන්තරයෙන් සිතන්නට පෙළඹෙනවාද?
(පිළිතුර ඔව් නම් 1 ද නැත නම් 2ද ක්ලික් කරන්න)
(h) *
ඔව්
නැත
9. ඔබේ මිතුරන්ගෙන්/හිතවතාගෙන් ඔබට සිදුවුනු සිත්රිදවීම් අමනාපවීම් පිළිබඳව ඔවුන් සමඟ කතා කරන්නට අකමැතිද?
(පිළිතුර ඔව් නම් 1 ද නැත නම් 2ද ක්ලික් කරන්න)
(i) *
ඔව්
නැත
10. රැකියාවේදී හෝ දෛනික කටයුතු වලදී ඔබ අතිශ්‍යය පීඩනයට පත්ව ඇති බව පිළිගන්නට අකමැතිද?
(පිළිතුර ඔව් නම් 1 ද නැත නම් 2ද ක්ලික් කරන්න)
(j) *
ඔව්
නැත
11.කෙතරම් වෙහෙසුනත් , ඔබ කරන කාර්යය අතිශ්‍යය ඉහළින් උපරිමව කිරීමට ඔබ පෙළඹේද?
(පිළිතුර ඔව් නම් 1 ද නැත නම් 2ද ක්ලික් කරන්න)
(k) *
ඔව්
නැත
12. ඔබ සම්බන්ධ වන කාර්යයේ, රැකියාවේ පාළනයක් , මෙහෙයවීමේ බලයක් සතු කරගැනීමට ඔබේ සිත කියත්ද?
(පිළිතුර ඔව් නම් 1 ද නැත නම් 2ද ක්ලික් කරන්න)
(l) *
ඔව්
නැත
13. ඔබට , ඔබේ සීමාවටත් වඩා අතිශ්‍යය ඉහළින් වගකීම් දරන්නෙක් ලෙස ඔබට දැනේද?
(පිළිතුර ඔව් නම් 1 ද නැත නම් 2ද ක්ලික් කරන්න)
(m) *
ඔව්
නැත
14. ඔබ දවසේ වැඩ කටයුතු සැලසුම් කර ඉන් යමක් ඉටු කරගැනීමට නොහැකිවු කළ තමා “අසාර්ථකයෙක්“ ලෙස විඳිමින් බිඳවැටේද?
(පිළිතුර ඔව් නම් 1 ද නැත නම් 2ද ක්ලික් කරන්න)
(n) *
ඔව්
නැත
15. ඔබේ ජීවිතයේ පවත්වා ගන්නට උත්සාහ කරන පිළිවෙල , සැලසුම් සහගත බව පවත්වා ගැනීම දැන් ක්‍රමයෙන් අපහසුවන බවක් ඔබට හැඟේද?
(පිළිතුර ඔව් නම් 1 ද නැත නම් 2ද ක්ලික් කරන්න)
(o) *
ඔව්
නැත
16. ප්‍රශ්න අංක 15 සේ ඔබට දැනේනම් , ඒ අපහසුතාව නිසා ඔබේ සිතේ නොසන්සුන් බවක් කාංසා සහගත තත්ත්වයක් ඇති කරත්ද?
(පිළිතුර ඔව් නම් 1 ද නැත නම් 2ද ක්ලික් කරන්න)
(p) *
ඔව්
නැත
හිතේ සතුට දුක සහ දරාගැනීම්
17. නින්දට යාමට හෝ නින්දට ඇඳට ගිය පසු ඔබේ මනස සැහැල්ලු කර ගැනීමට අපහසුතාවයකින් ඔබ පෙළේද?
(පිළිතුර ඔව් නම් 1 ද නැත නම් 2ද ක්ලික් කරන්න)
(q) *
ඔව්
නැත
18. ඔබට යම් බලපෑමක්/කරදරයක් වුවත් , මිතුරෙකුගේ ඉල්ලීමකදී එය ඉටු කරන්නට ඔබේ හිත බලකරයිද?
(පිළිතුර ඔව් නම් 1 ද නැත නම් 2ද ක්ලික් කරන්න)
(r) *
ඔව්
නැත
19. ඔබ මානසිකව , කායිකව හෝ ලිංගිකව යම් ආකාරයක වේදනාවකට / පීඩාවකට පත්ව ඒ පිළිබඳව කිසිවෙකුටත් කියා නැත්ද? හෝ කීවත් ඒ අය ඔබ කියන දේ විශ්වාස නොකර , උදව් නොලත්දේද?
(පිළිතුර ඔව් නම් 1 ද නැත නම් 2ද ක්ලික් කරන්න)
(s) *
ඔව්
නැත
20. ඔබට යම් අවස්ථාවක (හැඬිය යුතු අවස්ථාවක පවා) නොහඩා සිටින්නට හිත බලකරයිද?
(පිළිතුර ඔව් නම් 1 ද නැත නම් 2ද ක්ලික් කරන්න)
(t) *
ඔව්
නැත
21. ඔබ “තනිව ඔබ පමණක් නිදහසේ විවේකව“ කාළය ගත කිරීම ආත්මාර්තකාමී ලෙස හැඟේද?
(පිළිතුර ඔව් නම් 1 ද නැත නම් 2ද ක්ලික් කරන්න)
(u) *
ඔව්
නැත
22. යම් වරදක්/අතපසුවිමක් තමාගේ දැනුවත් කමින් සිදුනොවනද එය “තමාගේම වරදකි“ යි කියන පුද්ගලයන් පිළිබඳව ඔබ අකමැතිද?
(පිළිතුර ඔව් නම් 1 ද නැත නම් 2ද ක්ලික් කරන්න)
(v) *
ඔව්
නැත
23. ඔබෙ ජීවිතයේ වාසනාව සහ දියුණුව පිළිබඳව දැඩි විශ්වාසයකින් ඔබ පසුවේද?
(පිළිතුර ඔව් නම් 1 ද නැත නම් 2ද ක්ලික් කරන්න)
(w) *
ඔව්
නැත
24. ඔබ යම් අරමුණක් සාර්ථකව ළඟා කරගත්තද “මම එච්චරම හොඳ නැහැ“ “මීට වඩා වැඩි පුර මට මහන්සි වන්නට තිබුණා“ යැයි ඔබේ සිත ඉතා බරපතල ලෙස කියත්ද?
(පිළිතුර ඔව් නම් 1 ද නැත නම් 2ද ක්ලික් කරන්න)
(x) *
ඔව්
නැත
25.ඔබ ඉතා බරපතල ගැටළුවක හිරවී සිටින අවස්ථාවක පවා , ඉන් මිදීම පිළිබඳ දැඩි බලාපොරොත්තුවක් , ශක්තියක් හැඟේද?
(පිළිතුර ඔව් නම් 1 ද නැත නම් 2ද ක්ලික් කරන්න)
(y) *
ඔව්
නැත
Submit
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Additional Terms