ආසියානු පැසිෆික් කලාපය තුළ ජීවමාන උරුමයන් ඉගැන්වීම හා උගෙනීම පිළිබඳ පාසැල් සමීක්ෂණය
ජීවමාන උරුමය යනු යම් ප්‍රජාවකට අර්ථවත් වන්නාවූ ඔවුන් ගේ අනන්‍යතාවේ කොටසක් ලෙස ඉදිරි පරම්පරා අඛණ්ඩව සම්ප්‍රේෂණය කළ යුතු සංස්කෘතික ව්‍යවහාරයන් හා දැනුම් සම්භාරය වේ. සංගීතය, නැටුම්, උත්සව, හා චාරිත්‍ර විධි ආදිය කොතැනක හෝ අප අවට පවතින මෙබඳු ජීවමාන උරුමයන් ලෙස සැලකිය හැකිය.

ආසියා පැසිෆික් කලාපය තුළ බොහෝ පාසැල් හා ගුරුවරුන් ඔවුන්ගේ ඉගැන්වීම් මෙම ජීවමාන උරුමය හා සම්බන්ධ කිරීමෙන් ඉගැනුම් ක්‍රියාවලිය සිසුන් ගේ යථාර්ථය සමඟ ගොනු කිරීමේ උත්සාහයක නියැලේ. පාසැල් තුළ මෙම ජීවමාන උරුමය භාවිත කිරීමේ බොහෝ මාර්ග තිබේ. උදාහරණයක් ලෙස සම්ප්‍රදායික සංගීතය, දේශීය නර්තන කලාව හෝ පාරම්පරික මැහුම් ගෙතුම් වැනි ශිල්ප විෂයන් ලෙස ඉගැන්වීම පෙන්වා දිය හැකිය. එසේම එය ඉගැනීමේ ක්‍රියාවලිය තුළ සහායක මෙවලමක් ලෙස භාවිත කිරීමේ හැකියාව ද තිබේ. උදාහරණයක් ලෙස විවීමේ කලාව ජ්‍යාමිතික අභ්‍යාසයක් ලෙස හෝ පරිසරය හරහා විද්‍යාව ඉගැනීමේ මාධ්‍යයක් ලෙස භාවිත කළ හැකිය. එසේම එය විෂය බාහිර ක්‍රියාකරකම් ලෙස හෝ ව්‍යාපෘති පැවරුම් ලෙස නිර්මාණාත්මක අයුරින් භාවිත කළ හැකිය.

ආසියා පැසිෆික් කලාපය තුළ පාසැල් තුළ ඉගැන්වීමේ හා උගැනීමේ ක්‍රියාවලිය තුළ අපේ ජීවමාන උරුමය භාවිතා වන්නේ කෙසේ දැයි සොයා බැලීමේ අරමුණින් යුනෙස්කෝව මගින් සමීක්ෂණයක් පවත්වනු ලබයි.

ඔබ අපේ ජීවමාන උරුමය අගයන විදුහල්පතිවරයෙක්, උපවිදුහල්පතිවරයෙක් හෝ පාසැල් කළමනාකරණ කණ්ඩායම් සමාජිකයෙක් නම් මෙම ප්‍රශ්නාවලිය පුරවා 2019 අගෝස්තු 15 වැනි දිනට පෙර ඉදිරිපත් කිරීමෙන් මෙම සමීක්ෂණයට සහය විය හැකිය. මෙම සරල හා කෙටි ප්‍රශ්නාවලියට පිළිතුරු සැපයීමට මිනිත්තු 15 ක් වැනි කෙටි කාලයක් වැය කිරීමෙන් ඔබ ද මෙම සමීක්ෂණය සාර්ථක කර ගැනීමට කොටස්කරුවෙකු වන්නේ නම් බෙහෙවින් කෘතඥ වෙමු.

මෙම සමීක්ෂණය මගින් හෙළි වන කරුණු හා තොරතුරු පාසැල් තුළ ඉගැන්වීමේ හා උගැනීමේ ක්‍රියාවලිය හරහා අපේ ජීවමාන උරුමය ප්‍රවර්ධනය කිරීමට උපයෝගී වනු ඇත. එසේම ආසියා පැසිෆික් කලාපය තුළ අපේ ජීවමාන උරුමය ආරක්ෂා කොට සංරක්ෂණය කිරීමට ද උපකාරී වනු නියතය.

මෙම ප්‍රශ්නාවලියට පිළිතුරු සැපයීම සඳහා ඔබට ගත වන්නේ මිනිත්තු 15 ක් වැනි කෙටි කාලයකි. ඔබ ගේ ප්‍රතිචාර වල රහසිගතභාවය සහතික කරන අතර ඒවා භාවිතා කරනු ලබන්නේ සාමූහික විශ්ලේෂණය සඳහා පමණි. නැවතත් ඔබේ වටිනා කාලය මේ වෙනුවෙන් වැය කිරීම ගැන අපගේ ස්තුතිය පළකරමු.






If you encounter technical difficulties, please contact us: livingheritage.in.schools@gmail.com.

Next
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy